Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 33:15 - Sinhala Revised Old Version

15 ඒසව්ද: එසේවීනම් මා සමඟ සිටින මිනිසුන්ගෙන් සමහරෙකු නුඹ සමඟ නවත්වා යන්නෙමියි කීවේය. ඔහුද: ඒ කුමටද? මාගේ ස්වාමියාගෙන් මට කරුණාව ලැබේවයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 එවිට ඒසව් කතා කොට, “එසේ නම් මා සමඟ සිටින පිරිසෙන් සමහර දෙනෙකු ඔබ සමඟ නවතාලමි”යි කී විට ජාකොබ් ද, “එවැන්නක් කුමට ද? මට උවමනා මා ස්වාමීන්ගේ ප්‍රසාදය පමණකි”යි උත්තර දුනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 එවිට ඒසව් කතා කොට, “එසේ නම් මා සමඟ සිටින පිරිසෙන් සමහර දෙනෙකු ඔබ සමඟ නවතාලමි”යි කී විට ජාකොබ් ද, “එවැන්නක් කුමට ද? මට උවමනා මා ස්වාමීන්ගේ ප්‍රසාදය පමණකි”යි උත්තර දුනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 33:15
8 හුවමාරු යොමු  

එවිට ඈ: මාගේ ස්වාමිනි, ඔබ ඉදිරියෙහි මට කරුණාව ලැබේවා; මක්නිසාද මා ඔබගේ මෙහකොරියන්ගෙන් කෙනෙකු මෙන් නොවන නුමුත්, ඔබ මා සනසා ඔබගේ මෙහකොරිය සමග කරුණාවෙන් කථාකෙළෙහියයි කීවාය.


ඔබ අපේ ජීවිත රක්ෂාකෙළෙහිය. අපේ ස්වාමීහුගේ ඇස් හමුවෙහි අපට කරුණාව ලැබේවා, අපි ඵාරාවෝගේ දාසයෝ වන්නෙමුයයි ඔව්හු කීවෝය.


ෂෙඛෙම්ද දීනාගේ පියාට හා සහෝදරයන්ටත් කථාකොට: නුඹලාගෙන් මට කරුණාව ලැබේවා, නුඹලා මට කියන දේ දෙන්නෙමි.


එවිට රජ: බලව, මෙපිබොෂෙත්ට අයිති සියල්ල නුඹට වේවයි ශීබාට කීය. ශීබාද: මාගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි, මම ඔබ බැහැදකිමි; ඔබ ඉදිරියෙහි මට කරුණාව ලැබේවයි කීවේය.


නුඹේ වැඩකාරයන් ගෙන් ඇසුවොත් ඔවුන් නුඹට කියනවා ඇත. ඒ නිසා යෞවනයන්ට නුඹේ ඇස් හමුවෙහි කරුණාව ලැබේවා; මක්නිසාද අපි හොඳ දවසකදී ආවෙමුව. නුඹේ මෙහෙකරුවන්ටත් නුඹේ පුත්‍රවූ දාවිත්ටත් නුඹට පුළුවන් දෙයක් දෙන ලෙස ඉල්ලමියි කියන්නැයි කීවේය.


මෙසේ ඒසව් ඒ දවසෙහි සේයිර්ට යන පිණිස හැරීගියේය.


ඈද: ඔබගේ මෙහෙකාරීට ඔබ ඉදිරියෙහි කරුණාව ලැබේවයි කීවාය. එවිට ඒ ස්ත්‍රී පිටත්ව ගොස් කෑම කෑවාය, ඇගේ මුහුණද තවත් මලානිකව නොතිබුණේය.


පණිවිඩකාරයෝ යාකොබ් වෙතට හැරී අවුත්: අපි ඔබගේ සහෝදරවූ ඒසව් වෙත ගියෙමුව, තවද ඔහු මිනිසුන් හාරසියයක් සමඟ ඔබ සම්බවෙන පිණිස එන්නේයයි කීවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්