එවිට යේහු තමාගේ රථයට ඔහු නංවාගෙන කථාකොට: ස්වාමීන්වහන්සේ උදෙසාවූ මාගේ ජ්වලිතකම බලන්ට මා සමඟ එන්නැයි කීවේය. මෙසේ ඔව්හු ස්වකීය රථයෙහි ඔහු නංවාගෙන ගියෝය.
මතෙව් 6:1 - Sinhala Revised Old Version මනුෂ්‍යයන්ට පෙනෙන පිණිස ඔවුන් ඉදිරියෙහිදී නුඹලාගේ ධර්මිෂ්ඨ ක්‍රියා නොකරන්ට බලාගන්න. නැතහොත් ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන්වහන්සේ වෙත නුඹලාට විපාකයක් ඇත්තේ නැත. Sinhala New Revised Version “මිනිසුන්ට පෙනෙන පිණිස ලෝකයා ඉදිරියෙහි ඔබේ පුණ්‍ය ක්‍රියා නොකරන්න බලාගන්න. එසේ කළහොත්, ස්වර්ගයෙහි වැඩ වසන ඔබේ පියාණන් වහන්සේගෙන් කිසි විපාකයක් ඔබට නොලැබෙන්නේ ය. සිංහල කාලීන පරිවර්තනය “අනුන්ට පෙනෙන්නට ඔවුන් ඉදිරියේ ඔබගේ ධර්මිෂ්ඨකම් නො කරන්නට පරෙස්සම් වන්න. නැතහොත් ස්වර්ගයේ සිටින ඔබගේ පියාණන්වහන්සේගෙන් ඔබට ඉටු විපාකයක් නො ලැබෙනු ඇත. Sinhala New Revised Version 2018 “මිනිසුන්ට පෙනෙන පිණිස ලෝකයා ඉදිරියෙහි ඔබේ පුණ්‍ය ක්‍රියා නොකරන්න බලාගන්න. එසේ කළහොත්, ස්වර්ගයෙහි වැඩ වසන ඔබේ පියාණන් වහන්සේගෙන් කිසි විපාකයක් ඔබට නොලැබෙන්නේ ය. |
එවිට යේහු තමාගේ රථයට ඔහු නංවාගෙන කථාකොට: ස්වාමීන්වහන්සේ උදෙසාවූ මාගේ ජ්වලිතකම බලන්ට මා සමඟ එන්නැයි කීවේය. මෙසේ ඔව්හු ස්වකීය රථයෙහි ඔහු නංවාගෙන ගියෝය.
එහෙත් යේහු තමාගේ මුළු සිතින් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාව ප්‍රකාර හැසිරෙන්ට ප්‍රවේසම් නුවූයේය. ඉශ්‍රායෙල්වරුන්ට පව්කරන්ට සැලැස්වූ යෙරොබොවම්ගේ පාපවලින් ඔහු අහක්නොවීය.
ඔහු විසිරවූයේය, දිළිඳුන්ට දුන්නේය; ඔහුගේ ධර්මිෂ්ඨකම සදාකල් පවත්නේය. ඔහුගේ අඟ ගෞරවයෙන් උසස්වන්නේය.
එසේ ඔව්හු සෙනඟක් එන්නාක්මෙන් නුඹ ළඟට ඇවිත්, මාගේ සෙනඟ මෙන් නුඹ ඉදිරියෙහි හිඳගෙන, නුඹේ වචන අසති, නුමුත් ඔව්හු ඒවා නොපවත්වති. මක්නිසාද තමුන්ගේ කටින් ඔව්හු බොහෝ ආදරය පෙන්වති, නුමුත් ඔවුන්ගේ සිත ඔවුන්ගේ ලාභය පස්සේ යන්නේය.
එබැවින්, රජ්ජුරුවෙනි, මාගේ දැනමුතුකමට ප්‍රසන්නවී, ධර්මිෂ්ඨකම්කිරීමෙන් ඔබගේ පාපද දිළිඳුන්ට කරුණාකිරීමෙන් ඔබගේ අපරාධද පහකළ මැනව; එසේ කිරීමෙන් සමහරවිට ඔබගේ සමාදානය පවතින්ට පුළුවනැයි කීවේය.
ඒ කාලයේදී අනාගතවක්තෘවරුන් අනාගතවාක්‍ය කියන විට එකිනෙකා තම තමාගේ දර්ශනය ගැන ලජ්ජාවෙනවා ඇත; රවටන පිණිස ඔවුන් රෝමමය සළුවක් අඳින්නෙත් නැත.
නුඹ දේශයේ මුළු සෙනඟටත් පූජකයන්ටත් කථාකරමින්–නුඹලා දැන් සැත්තෑ අවුරුද්දක් පස්වෙනි සහ හත්වෙනි මාසවල නිරාහාරව සිට විලාපකියද්දී නුඹලා නිරාහාරව සිටියේ මා උදෙසාද?
මක්නිසාද මනුෂ්‍ය පුත්‍රයා තමන් පියාණන්වහන්සේගේ තේජසින් යුක්තව තමන් දූතයන් සමඟ එන්නේය; එකල උන්වහන්සේ එකිනෙකාට තම තමාගේ ක්‍රියා ලෙස විපාක දෙනසේක.
යේසුස්වහන්සේ ඔවුන්ට කථාකොට: ඵරිසිවරුන්ගේද සද්දුසිවරුන්ගේද මුහුන්වලින් ප්‍රවේසම්වෙන්ට බලා ගන්නැයි ඔවුන්ට කීසේක.
ලියන්නෙනි, ඵරිසිවරුනි, වංචාකාරවූ නුඹලාට දුක්වේ! මක්නිසාද නුඹලා මනුෂ්‍යයන්ට එන්ට නොදී ස්වර්ගරාජ්‍යය වසා, නුඹලාම ඇතුල්වෙන්නේවත් ඇතුල්වෙමින් සිටින්නන්ට ඇතුල්වෙන්ට ඉඩදෙන්නේවත් නැත.
ඔවුන් කරන සියල්ලම කරන්නේ මනුෂ්‍යයන්ට පෙනෙන පිණිසය. ඔව්හු තමුන්ගේ පිලාක්තරි පළල්කර (තමුන්ගේ වස්ත්‍රවල) දාවලු මහත් කරති,
එවිට රජ්ජුරුවෝ උත්තරදෙමින්: සැබවක් නුඹලාට කියමි–මාගේ මේ සහෝදරයන්ගෙන් ඉතා කුඩා කෙනෙකුට නුමුත් නුඹලා ඒක කළහුද ඒක කළේ මටයයි කියනසේක.
එසේම මනුෂ්‍යයන් විසින් නුඹලාගේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන්වහන්සේට ගෞරවකරන පිණිස නුඹලාගේ ආලෝකය ඔවුන් ඉදිරියේ බබළාවා.
නුඹලාට ප්‍රේමකරන්නන්ටම නුඹලා ප්‍රේමකරනවා නම්, නුඹලාට කවර විපාකයක්ද? සුංගම් අයකරන්නෝ පවා එසේ නොකරද්ද?
එබැවින් නුඹලාගේ ස්වර්ගීය පියාණන්වහන්සේ සම්පූර්ණව සිටින්නාක්මෙන් නුඹලාත් සම්පූර්ණව සිටින්න.
තවද නුඹලා නිරාහාරයෙන් ඉන්න කල්හි වංචාකාරයන් මෙන් දුක්ඛිත මුහුණක් ඇතුව නොසිටින්න. ඔව්හු නිරාහාරයෙන් ඉන්න බව මනුෂ්‍යයන්ට පෙනෙන පිණිස තමුන්ගේ මුහුණු විරූප කරගනිති. සැබවක් නුඹලාට කියමි: ඔවුන්ගේ විපාකය ඔවුන්ට ලැබී තිබේ.
එහෙයින් නුඹලා මෙසේ යාච්ඤාකරන්න:– ස්වර්ගයෙහි වැඩසිටින අපගේ පියාණෙනි, ඔබගේ නාමයට ගෞරව වේවා. ඔබගේ රාජ්‍යය ඒවා.
උන්වහන්සේ: ඵරිසිවරුන්ගේ මුහුන්වලිනුත් හෙරොද්ගේ මුහුන්වලිනුත් ප්‍රවේසම්වෙන්ට බලාගන්නැයි ඔවුන්ට අණකළසේක.
ඒ අතරතුරේදී, ඔවුනොවන් පෑගෙන තරම් සමූහයාගෙන් දහස් ගණන් රැස්ව සිටියදී, උන්වහන්සේ පළමුකොට තමන් ගෝලයන්ට කථාකරන්ට පටන්ගෙන: නුඹලා ඵරිසිවරුන්ගේ වංචා නැමති මුහුන්වලින් ප්‍රවේසම්වෙන්න.
තවද උන්වහන්සේ කථාකොට: සියලු ආකාර ලෝභකමෙන් ප්‍රවේසම්වෙන්ට බලාගන්න. මක්නිසාද මනුෂ්‍යයෙකුට කොපමණ දේපළ තිබුණත් ඔහුගේ ජීවිතය එහි පිහිටා නැතැයි ඔවුන්ට කීසේක.
උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුඹලා නම් මනුෂ්‍යයන් ඉදිරියෙහි තමුන් ධර්මිෂ්ඨකරගන්න අයය; නුමුත් දෙවියන්වහන්සේ නුඹලාගේ සිත් දන්නාසේක. මක්නිසාද මනුෂ්‍යයන් අතරේ උතුම්කොට සලකන දෙය දෙවියන්වහන්සේ ඉදිරියෙහි පිළිකුලක්ය.
මක්නිසාද ඔව්හු දෙවියන්වහන්සේගෙන් ලැබෙන ගෞරවයට වඩා මනුෂ්‍යයන්ගෙන් ලැබෙන ගෞරවයට ප්‍රියවූවෝය.
එකම දෙවියන්වහන්සේ කෙරෙන් පැමිණෙන ගෞරවය නොසොයා, එකිනෙකාගෙන් ගෞරවය ලබන්නාවූ නුඹලාට විශ්වාසකරන්ට පුළුවන් කොහොමද?
පේතෘස් ඒ දැක සෙනඟට උත්තරදෙමින්: ඉශ්‍රායෙල් මනුෂ්‍යයෙනි, මේ මනුෂ්‍යයා ගැන නුඹලා පුදුමවන්නේ මක්නිසාද? නොහොත් අපගේම බලයෙන්වත් භක්තිවන්තකමින්වත් අප විසින් මොහු ඇවිදින්ට සැලැස්සුවාක්මෙන් අප දෙස ඇස් හෙළා සිටින්නේ මක්නිසාද?
මාංසාකාරයෙන් උතුම්ව පෙනෙන්ට කැමති සියල්ලෝ චර්මඡේද්‍යය ලබන්ට නුඹලාට බලකරති. එසේ කරන්නේ ක්‍රිස්තුස්වහන්සේගේ කුරුසිය ගැන පීඩා නොලබන පිණිස පමණක්ය.
ඔහු තමාගේ වස්ත්‍රය පෙරවාගන නිදාගන්න පිණිසද නුඹට ආශීර්වාදකරන පිණිසද ඉරබස්නා කල්හි ඔහුගේ උකස නුඹ විසින් ඔහුට දිය යුතුමය. ඒක නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නුඹට ධර්මිෂ්ඨකම වන්නේය.
ඉන්නිසා අසන්ට ලැබූ දේවලින් අප යම් අන්දමකින් අහක්ව නොයන පිණිස ඒවා වඩා ඕනෑකමින් අප විසින් සැලකිය යුතුය.
මක්නිසාද නුඹලාගේ වැඩයද නුඹලා ශුද්ධවන්තයන්ට කළාවූ, කරන්නාවූ උපස්ථානයෙන් දෙවියන්වහන්සේගේ නාමයට පෙන්නූ ප්‍රේමයද මතකනැතිකරන්ට උන්වහන්සේ අධර්මිෂ්ඨ නැත.
අප විසින් කළ දේ නුඹලාට නැති නොවන ලෙසත් සම්පූර්ණවූ විපාකයක් නුඹලාට ලැබෙන ලෙසත් නුඹලාම බලාගන්න.