ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




මතෙව් 13:19 - Sinhala Revised Old Version

යමෙක් රාජ්‍යයේ වචනය අසා තේරුම් නොගන්නේද, ඔහුගේ සිතේ වපුළ දේ නපුරා ඇවිත් උදුරාගන්නේය. මග අසල වපුරනලද්දේ නම් මොහුය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

යමෙක් රාජ්‍යය පිළිබඳ පණිවුඩය අසා එය වටහා නොගනී නම්, ඔහුගේ සිතේ වැපුරූ දේ නපුරා අවුත් පැහැරගනියි. මඟ දිගේ වැටුණු බීජ යන්නෙන් අදහස් කරනුයේ එවැනි අය ය.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

යමෙක් රාජ්‍යයේ ශුභාරංචි පණිවුඩය අසා, එය තේරුම් නො ගනී නම්, නපුරා අවුත්, ඔහුගේ හදෙහි වපුළ දේ ඩැහැ ගනී. මඟ දිගේ වපුළ බීජ නම් ඔහු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

යමෙක් රාජ්‍යය පිළිබඳ පණිවුඩය අසා එය වටහා නොගනී නම්, ඔහුගේ සිතේ වැපුරූ දේ නපුරා අවුත් පැහැරගනියි. මඟ දිගේ වැටුණු බීජ යන්නෙන් අදහස් කරනුයේ එවැනි අය ය.

පරිච්ඡේදය බලන්න



මතෙව් 13:19
36 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම දැනගැන්මේ පටන්ගැන්මය. අඥානයෝ ප්‍රඥාවද ගුරුකමද හෙළාදකිති.


තේරුම් නැතුව තිබියදී, ප්‍රඥාව ලබාගැනීමට අඥානයාගේ අතෙහි මිල තිබීම කුමටද?


නුඹ එසේ මහිමයෙන්ද උතුම්කමෙන්ද ඒදන්හි ගස්වලින් කොයි එකට සමානව සිටිනෙහිද? නුඹත් ඒදන්හි ගස් සමඟ පොළොවේ පහත් තැන්වලට බැස, කඩුවෙන් මැරුම්කෑ අය සමඟ අචර්මඡේදිතයන් අතරෙහි වැටී ඉන්නවා ඇත. ඵාරාවෝට සහ ඔහුගේ මුළු සමූහයාටත් එයාකාරවේය කියා ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.


සාතන් විසින්ම සාතන් දුරුකරයි නම් ඔහු තමාටම විරුද්ධව භේදව සිටියි; එසේවී නම් ඔහුගේ රාජ්‍යය පවතින්නේ කොහොමද?


ගල් බිම්වල වපුරනලද්දේ නම්, වචනය අසා එකෙණෙහිම සන්තෝෂයෙන් පිළිගන්න තැනැත්තාය;


කෙත නම් ලෝකයය; හොඳ බීජ නම් රාජ්‍යයේ පුත්‍රයෝය;


තවද යේසුස්වහන්සේ ඔවුන්ගේ සිනගෝගවල උගන්වමින්ද රාජ්‍යයේ ශුභාරංචිය දේශනාකරමින්ද සෙනඟ අතරෙහි සියලු ආකාර ලෙඩ හා සියලු ආකාර රෝග සුවකරමින්ද ගලීලය මුළුල්ලෙහි ඇවිද්දසේක.


නුඹලාගේ වචනය: එසේය, එසේය කියාද: නැත, නැත කියාද වේවා. මීට වැඩිවූ යමක් ඇද්ද එය නපුරාගෙන් වේ.


එහි ඉන්න රෝගීන් සුවකරන්න. දෙවියන්වහන්සේගේ රාජ්‍යය නුඹලා ළඟට පැමුණුණේයයි ඔවුන්ට කියන්න.


දෙවියන්වහන්සේගේ රාජ්‍යය ප්‍රකාශකරන්ටත් රෝගීන් සුවකරන්ටත් ඔවුන් යැවූසේක.


පිලාත් තෙමේ: සත්‍යය නම් කිමෙක්දැයි උන්වහන්සේගෙන් ඇසුවේය. ඔහු මෙසේ කියා නැවත යුදෙව්වරුන් වෙතට පිටතට ගොස්: මොහු අත කිසි වරදක් මට නොපෙනෙයි.


මාගේ කථාව නුඹලාට නොතේරෙන්නේ මක්නිසාද? මාගේ වචනය නුඹලාට අසන්ට බැරි නිසාමය.


මළවුන්ගෙන් නැගිටීම ගැන ඔවුන් ඇසූ කල, සමහරු සරදම්කළෝය; සමහරෙක්: මේ ගැන අපි නැවතත් නුඹ කියන දේ අසන්නෙමුයයි කීවෝය.


නුමුත් මේවා වනාහි වචනවල්ද නාමවල්ද නුඹලාගේම ව්‍යවස්ථාවද ගැන වාදවල් නම්, නුඹලාම බලාගන්න; මේ දේවල් ගැන මම විනිශ්චයකාරයෙක් නොවන්නෙමියි කියා,


ඉතින් රාජ්‍යය ගැන දේශනාකරමින් නුඹලා අතරෙහි ඇවිද්දාවූ මාගේ මුහුණ නුඹලා සියල්ලන් තවත් නොදකින බව දනිමි.


තවද ඔව්හු ඔහුට දවසක් නියමකොට, බොහෝ දෙනෙක් ඔහු ළඟට, ඔහුගේ නවාතැනට, ආවෝය; ඔහු උදය පටන් සවස දක්වා දෙවියන්වහන්සේගේ රාජ්‍යය ගැන ඔවුන්ට සාක්ෂිදෙමින්, යේසුස්වහන්සේ ගැන ඔවුන් පහදන පිණිස මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙන් හා අනාගතවක්තෘවරුන්ගේ පොත්වලින් කාරණා තේරුම්කරදුන්නේය.


තවද ඔවුන් දෙවියන්වහන්සේ දැනගන්ට අකැමැතිව සිටි බැවින්, නුසුදුසු දේ කරන පිණිස දෙවියන්වහන්සේ ඔවුන් ජඩ සිතකට පාවාදුන්සේක.


මක්නිසාද දෙවියන්වහන්සේගේ රාජ්‍යය කෑමත් බීමත් නොව, ධර්මිෂ්ඨකමද සමාදානයද ශුද්ධාත්මයාණන් තුළ ප්‍රීතියද වේ.


නුමුත් සැබෑකමට අකීකරුවූ, අධර්මිෂ්ඨකමට කීකරුවූ විරුද්ධවාදීන්ට උදහස හා තද කෝපයත්,


සියලු ශුද්ධවන්තයන්ගෙන් ඉතා කුඩා තැනැත්තාවූ මට මේ අනුග්‍රහය දෙනලද්දේ ක්‍රිස්තුස්වහන්සේගේ සොයා දැනගත නොහැකි සම්පත ගැන අන්‍යජාතීන්ට දේශනාකරන්ටත්,


බොරුව විශ්වාස කරන හැටියට දෙවියන්වහන්සේ මුළාවේ ක්‍රියාකිරීමක් ඔවුන්ට එවනසේක.


ඉන්නිසා අසන්ට ලැබූ දේවලින් අප යම් අන්දමකින් අහක්ව නොයන පිණිස ඒවා වඩා ඕනෑකමින් අප විසින් සැලකිය යුතුය.


තමාගේ සහෝදරයා මැරුවාවූද නපුරාගෙන් වූද කායින් මෙන් නොවෙමු. කුමක්හෙයින් ඔහුව මැරුවේද? තමාගේ ක්‍රියා නපුරුව, තමාගේ සහෝදරයාගේ ක්‍රියා ධර්මිෂ්ඨව තිබුණු නිසාය.


දෙවියන්වහන්සේගෙන් ඉපිදී සිටින කිසිවෙක් පව් නොකරන බව අපි දනිමුව; එහෙත් දෙවියන්වහන්සේගෙන් උපන් තැනැත්තේ තමාම ආරක්ෂාකරගන්නේය, නපුරා ඔහුට අතගසන්නේ නැත.


තවද දෙවියන්වහන්සේගේ පුත්‍රයා ඇවිත් අප සැබෑවූ තැනන්වහන්සේව ඇඳිනගන්න ලෙස අපට තේරුම දී තිබෙන බව දනිමුව, සැබෑවූ තැනන්වහන්සේ තුළ, එනම් උන්වහන්සේගේ පුත්‍රවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ අපි සිටිමුව. සැබෑවූ දෙවියන්වහන්සේද සදාකාලවූ ජීවනයද මුන්වහන්සේමය.