Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 8:43 - Sinhala Revised Old Version

43 මාගේ කථාව නුඹලාට නොතේරෙන්නේ මක්නිසාද? මාගේ වචනය නුඹලාට අසන්ට බැරි නිසාමය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

43 මා කියන දේ ඔබට අවබෝධ නොවන්නේ මන් ද? මාගේ දහම තේරුම් ගැනීමට ඔබ අපොහොසත් බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

43 මා කියන දේ ඔබ වටහා නො ගන්නේ මොකද? එසේ වන්නේ මගේ වචන පිළිගන්නට ඔබ අපොහොසත් නිසයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

43 මා කියන දේ ඔබට අවබෝධ නොවන්නේ මන් ද? මාගේ දහම තේරුම් ගැනීමට ඔබ අපොහොසත් බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 8:43
18 හුවමාරු යොමු  

මම මාගේ පියාණන්වහන්සේගේ නාමයෙන් ඇවිත් සිටිමි, නුමුත් නුඹලා මා පිළිගන්නේ නැත. වෙන කෙනෙක් තමාගේම නාමයෙන් එන්නේ නම්, නුඹලා ඔහු පිළිගන්නවා ඇත.


යමෙක් උන්වහන්සේගේ කැමැත්ත කරන්ට කැමති නම්, ඔහු ඒ ඉගැන්වීම දෙවියන්වහන්සේගෙන් වූ ඉගැන්වීමක් ද නොහොත් මා විසින් උපදවා කියනවාදැයි දැනගන්නේය.


තදවූ කුලල් ඇත්තෙනි, සිතින්ද කන්වලින්ද අචර්මඡේදිතයෙනි, නුඹලා නිතරම ශුද්ධාත්මයාණන්ට විරුද්ධව සිටිහුය. නුඹලාගේ පියවරුන් කළාක් මෙන් නුඹලාත් කරහුය.


එබැවින් උන්වහන්සේගේ ගෝලයන්ගෙන් බොහෝ දෙනෙක් ඒ අසා: මේක තද කීමක්ය; ඒක අසන්ට පුළුවන් කාටදැයි කීවෝය.


උන්වහන්සේ පියාණන්වහන්සේ ගැන ඔවුන්ට කථා කළ බව ඔවුන්ට තේරුණේ නැත.


අසන හැටියට මම කාට කථාකර අවවාදකරම්ද? ඔවුන්ගේ කන් අචර්මඡේදිත නිසා ඔවුන්ට ඇහුම්කන්දෙන්ට බැරිය. මෙන්න ස්වාමීන්වහන්සේගේ වචනය ඔවුන්ට නින්දාවක් වී තිබේ; ඔව්හු ඊට ප්‍රිය නොවෙති.


නපුරු මනුෂ්‍යයෝ යුක්තිය තේරුම් නොගනිති. එහෙත් ස්වාමීන්වහන්සේගෙන් විභාගකරන්නෝ සියල්ල තේරුම්ගනිති.


ඔව්හු නොදනිති, ඔව්හු කල්පනා නොකෙරෙති. මක්නිසාද නොපෙනෙන හැටියට ඔවුන්ගේ ඇස්ද තේරුම් නොගන්න හැටියට ඔවුන්ගේ සිත්ද වසා තිබේ.


උන්වහන්සේ: නුඹ ගොස් මේ සෙනඟට කථාකොට-නුඹලා අසමින්ම තේරුම් නොගෙන දකිමින්ම දැන නොගෙන සිටින්නැයි කියන්න.


නුමුත් ඔව්හු ස්වාමීන්වහන්සේගේ අදහස් නොදනිති, උන්වහන්සේගේ මන්ත්‍රණය, එනම් උන්වහන්සේ පාවරෙහි ගොයම් මිටි මෙන් ඔවුන් එකතුකරගත් බව ඔව්හු තේරුම් නොගනිති.


මේවා තේරුම්ගැනීමට ප්‍රඥාවන්තව, මේවා දැනගැනීමට බුද්ධිමත්ව සිටින්නේ කවුද? මක්නිසාද ස්වාමීන්වහන්සේගේ මාර්ග හරිය, ධර්මිෂ්ඨයෝ එහි ඇවිදින්නෝය; නුමුත් අපරාධකාරයෝ එහිදී වැටෙන්නාහුය.


තේරුම්ගන්නාවූ කිසිවෙක් නැත, දෙවියන්වහන්සේ සොයන්නාවූ කෙනෙක් නැත;


මක්නිසාද යම් හෙයකින් තමුන්ගේ ඇස්වලින් නොදැක, කන්වලින් නොඅසා, සිතින් තේරුම් නොගෙන, නොහැරී, මා විසින් ඔවුන්ට සුව නොකරන පිණිස, මේ සෙනඟගේ සිත් දැඩිව තිබේ, ඔවුන්ගේ කන් හොඳට නෑසී, ඔවුන්ගේ ඇස් පියාගෙන සිටිතියි යනුයි.


සැබවක් සැබවක් නුඹලාට කියමි–දෙවියන්වහන්සේගේ පුත්‍රයාගේ හඬ මළවුන්ට ඇසෙන පැය පැමිණෙන්නේය, දැනුත් පැමිණ තිබේ; අසන අය ජීවත්වන්නෝය.


ඔව්හු උන්වහන්සේට උත්තරදෙමින්: අපි ආබ්‍රහම්ගේ වංශයය, කිසි කලක අපි කිසිවෙකුට වහල් නූණෙමුව. නුඹලා නිදහස්වන්නහුයයි නුඹ කියන්නේ කොහොමදැයි කීවෝය.


ඔව්හු උත්තරදෙමින්: අපගේ පියාණෝ ආබ්‍රහම්යයි උන්වහන්සේට කීවෝය. යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුඹලා ආබ්‍රහම්ගේ දරුවෝ නම් ආබ්‍රහම්ගේ ක්‍රියා කරන්නහුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්