මතෙව් 10:12 - Sinhala Revised Old Version ගෙදරට ඇතුල්වන විට ඊට ආචාරකරන්න. Sinhala New Revised Version ගෙදරකට ඇතුළු වන විට එයට සුබ පතන්න. සිංහල කාලීන පරිවර්තනය ඔබ ඒ නිවසට ඇතුළු වන කල, ඊට සුබ පතන්න. Sinhala New Revised Version 2018 ගෙදරකට ඇතුළු වන විට එයට සුබ පතන්න. |
ඔවුන් කැරළිකාර වංශයක් බැවින්, ඔවුන් අසතත් නොඅසතත් තමුන් අතරෙහි අනාගතවක්තෘ කෙනෙක් සිටි බව ඔවුන් දැනගන්නවා ඇත.
නුඹලා කොයි නුවරකට නුමුත් ගමකට නුමුත් ඇතුල්වූ කල එහි සුදුස්සා කවුදැයි විභාගකොට, පිටත්ව යන තුරු එහිම නැවතී සිටින්න.
ගෙයි වැසියන් සුදුසු නම්, නුඹලාගේ සමාදානය ඒ පිටට පැමිණේවා. නුමුත් නුසුදුසු නම් නුඹලාගේ සමාදානය නැවත නුඹලා කරා පැමිණේවා.
උන්වහන්සේ සියල්ලන්ගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන සමාදානයේ යහපත් ආරංචිය ප්‍රකාශකරවමින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට එවනලද වචනය නුඹලා දන්නහුය;
එබැවින් දෙවියන්වහන්සේ අප ලවා ඉල්වන්නාක්මෙන් අපි ක්‍රිස්තුස්වහන්සේ වෙනුවෙන් තානාපතියෝව සිට: දෙවියන්වහන්සේ හා සමඟිවෙන්නැයි ක්‍රිස්තුස්වහන්සේ වෙනුවෙන් නුඹලාගෙන් ඉල්ලමුව.
නුමුත් ඉක්මනින් නුඹ දකින්ට බලාපොරොත්තුවෙමි, එවිට අපි මුහුණට මුහුණලා කථාකරන්නෙමුව. නුඹට සමාදානය වේවා. අපේ මිත්‍රයෝ නුඹට ආචාරකරති. නම් වශයෙන් මිත්‍රයන්ට ආචාරකරන්න.
සම්පත් ඇති ඔහුට කථාකොට–නුඹට සමාදානය වේවා, නුඹේ පවුලටත් සමාදානය වේවා, නුඹට ඇති සියල්ලටත් සමාදානය වේවා.