Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 122:7 - Sinhala Revised Old Version

7 නුඹේ පවුරු ඇතුළත සමාදානයත් නුඹේ මාළිගා තුළ අභිවෘද්ධියත් වේවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 තිගේ පවුරු තුළ සාමය බැබළේ වා! තිගේ මාලිගා තුළ සුරැකිතාව පවතී වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 තිගේ පවුරු තුළ සාමය බැබළේ වා! තිගේ මාලිගා තුළ සුරැකිතාව පවතී වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 122:7
7 හුවමාරු යොමු  

නුඹලා වෙත සමාදානය තබා යමි; මාගේ සමාදානය නුඹලාට දෙමි. මා දෙන්නේ ලෝකයා දෙන්නාක් මෙන් නොවේ. නුඹලාගේ සිත් කැලඹෙන්ටවත් භයවෙන්ටවත් නොදෙන්න.


තවද සමාදානකරන්නන් උදෙසා ධර්මිෂ්ඨකමේ ඵලය සමාදානයෙන් වපුරනු ලැබේ.


නුඹේ සියලුම දරුවෝද ස්වාමීන්වහන්සේ විසින් උගන්වනු ලබන්නෝ වෙති; නුඹේ දරුවන්ගේ සමාදානයද මහත් වන්නේය.


දෙවියන්වහන්සේ බලකොටුවක් පිණිස එහි මාලිගාවල තමන්ම ප්‍රකාශවූසේක.


මෙතැන් පටන් සදාකාලයටම දාවිත්ගේ සිංහාසනයත් ඔහුගේ රාජ්‍යයත් යුක්තියෙන්ද ධර්මිෂ්ඨකමෙන්ද ස්ථිරකර පිහිටුවන පිණිස ඒවා කෙරෙහි උන්වහන්සේගේ ආණ්ඩුවේ විශාලත්වයටත් සමාදානයටත් කෙළවරක් නොවන්නේය. සේනාවල ස්වාමීන්වහන්සේගේ ජවලිතය මෙය ඉෂ්ටකරන්නේය.


එහි බලකොටු ගණන්කරව්; එහි ප්‍රාකාර හොඳින් බලා, එහි මාලිගා සෝදිසිකරව්.


එවිට තිස්දෙනාගේ ප්‍රධානියාවූ අමාසයි පිටට ආත්මය පැමිණ ඔහු කියනුයේ: දාවිත්නි, අපි නුඹේ පක්ෂයටද, යෙස්සේගේ පුත්‍රය, අපි නුඹ සමඟද සිටින්නෙමුව. සමාදානය, සමාදානයම නුඹට වේවා, නුඹට උපකාරකරන්නන්ටත් සමාදානය වේවා; මක්නිසාද නුඹේ දෙවියන්වහන්සේ නුඹට උපකාරකරනසේකැයි කීවේය. එවිට දාවිත් ඔවුන් පිළිගෙන හමුදාවේ ප්‍රධානීන් කෙළේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්