යෙහෝවාහාස් විසිතුන් හැවිරිදි වයසේදී රජවී තුන් මසක් යෙරුසලමෙහි රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම හමුතල්ය, ඈ ලිබ්නාහි යෙරෙමියාගේ දුවෙක්ය.
මතෙව් 1:11 - Sinhala Revised Old Version බබිලෝනියට ගෙනයාමේ කාලයෙහිදී, යොෂියාට දාව යෙකොනියාද ඔහුගේ සහෝදරයෝද උපන්නෝය. Sinhala New Revised Version බබිලෝනියට විප්‍රවාසගතවීම සිදුවූ මේ කාලයේ දී ජෝසියාට දාව ජෙකොනියා ද ඔහුගේ සහෝදරයෝ ද උපන්නෝ ය. සිංහල කාලීන පරිවර්තනය යොසියා, යෙකොනියාගේ හා ඔහුගේ සහෝදරයින්ගේ පියා ය. ඒ, බබිලෝනියට පිටුවහල් කරනු ලැබූ කාලය ය. Sinhala New Revised Version 2018 බබිලෝනියට විප්‍රවාසගතවීම සිදුවූ මේ කාලයේ දී ජෝසියාට දාව ජෙකොනියා ද ඔහුගේ සහෝදරයෝ ද උපන්නෝ ය. |
යෙහෝවාහාස් විසිතුන් හැවිරිදි වයසේදී රජවී තුන් මසක් යෙරුසලමෙහි රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම හමුතල්ය, ඈ ලිබ්නාහි යෙරෙමියාගේ දුවෙක්ය.
ඔහු මුළු යෙරුසලමද සියලු අධිපතීන්ද සියලු යුද්ධකාරයන්ද වන දසදහස් දෙනෙක් සහ සියලු කර්මාන්තකාරයන්ද ආචාරීන්ද හිරගණනට ගෙන ගියේය; දේශයේ ඉතා දුප්පතුන් මිස කිසිවෙක් ඉතුරු නොවීය.
සෙනඟගෙන් නුවර ඉතුරුව සිටිය අයද සැඟවී ගොස් බබිලෝනියේ රජුගේ පක්ෂයටවූ අයද සමූහයාගෙන් අනික් අයද රැකවලුන්ගේ අධිපතිවූ නෙබුසරදාන් තෙමේ අල්ලාගෙන ගියේය.
ඊළඟ අවුරුද්දේදී නෙබුකද්නෙශර් රජ ඔහු සහ ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි අනර්ඝ භාණ්ඩත් බබිලෝනියට ගෙන්වා, ඔහුගේ සහෝදරවූ ශෙදෙකියා යූදා සහ යෙරුසලම කෙරෙහි රජකොට පත්කෙළේය.
කඩුවෙන් ගැළවුණු අය ඔහු බබිලෝනියට ගෙනගියේය; ඔව්හු පාර්සිවරුන්ගේ රජකම්කිරීම දක්වා ඔහුටත් ඔහුගේ පුත්‍රයන්ටත් දාසයෝව සිටියෝය.
ඔහු හැර නොගත්තාවූ කුළුනු ගැනත් මුහුද ගැනත් මැහි ගැනත් මේ නුවර ඉතිරිව තිබෙන අනික් භාණ්ඩ ගැනත් සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක.
තවද රැකවලුන්ගේ අධිපතියාවූ නෙබුසරදාන් නුවර ඉතිරිවුණ සෙනඟද සැඟවී ඇවිත් තමාට එකතුවුණ අයින්ද සෙනඟගෙන් ඉතිරිවුණ අනික් අයින්ද අල්ලා බබිලෝනියට ගෙනගියේය.
ස්වාමීන්වහන්සේද යූදාහි රජවූ යෙහෝයාකීම් සහ දෙවියන්වහන්සේගේ ගෘහයේ බඩුවලින් කොටසක් ඔහු අතට දුන්සේක; ඔහු ඒවා ෂීනාර් දේශයේ තමාගේ දෙවියන්ගේ ගෘහයට ගෙනැවිත්, ඒ බඩු තමාගේ දෙවියන්ගේ භාණ්ඩාගාරයෙහි තැබුයේය.
බබිලෝනියට ගෙනයාමට පසු, යෙකොනියාට දාව ෂෙයල්තියෙල් උපන්නේය; ෂෙයල්තියෙල්ට දාව සෙරුබාබෙල් උපන්නේය;
මෙසේ ආබ්‍රහම් පටන් දාවිත් දක්වා සියලු පරම්පරා දසසතරක්ය; දාවිත් පටන් බබිලෝනියට ගෙනයාම දක්වා පරම්පරා දසසතරක්ය; බබිලෝනියට ගෙනයාමේ පටන් ක්‍රිස්තුස්වහන්සේ දක්වා පරම්පරා දසසතරක්ය.