20 ඔහු හැර නොගත්තාවූ කුළුනු ගැනත් මුහුද ගැනත් මැහි ගැනත් මේ නුවර ඉතිරිව තිබෙන අනික් භාණ්ඩ ගැනත් සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක.
බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් යෙහෝයාකීම්ගේ පුත්‍රවූ යූදාහි රජවූ යෙකොනියාද යූදාහි අධිපතීන්ද කර්මාන්තකාරයන්ද ආචාරීන්ද යෙරුසලමෙන් අල්ලාගන ගොස් බබිලෝනියට ඔවුන් පැමිණෙවුවාට පසු, අත්තික්කාගෙඩි පිරෙවු පෙට්ටි දෙකක් ස්වාමීන්වහන්සේගේ මාළිගාව ඉදිරිපිට තබා තිබෙන බව ස්වාමීන්වහන්සේ මට පෙන්වූසේක.
ඊළඟ අවුරුද්දේදී නෙබුකද්නෙශර් රජ ඔහු සහ ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි අනර්ඝ භාණ්ඩත් බබිලෝනියට ගෙන්වා, ඔහුගේ සහෝදරවූ ශෙදෙකියා යූදා සහ යෙරුසලම කෙරෙහි රජකොට පත්කෙළේය.
මේ මිනිහා, කෝනියා, නීචවූ බිඳුණු බඳුනක්ද? ඔහු අප්‍රියවූ භාජනයක්ද? ඔහු සහ ඔහුගේ වංශය අහක්කරනු ලැබ, ඔවුන් නොදන්න දේශයකට හෙළාදමනු ලබන්නේ මක්නිසාද?
ඔහු දෙවියන්වහන්සේගේ ගෘහයේ ලොකු කුඩා සියලු භාණ්ඩද ස්වාමීන්වහන්සේගේ ගෘහයේ වස්තුද රජුගෙත් ඔහුගේ අධිපතීන්ගෙත් වස්තුද යන සියල්ලම බබිලෝනියට ගෙනගියේය.
බබිලෝනියට ගෙනයාමේ කාලයෙහිදී, යොෂියාට දාව යෙකොනියාද ඔහුගේ සහෝදරයෝද උපන්නෝය.
බබිලෝනියට ගෙනයාමට පසු, යෙකොනියාට දාව ෂෙයල්තියෙල් උපන්නේය; ෂෙයල්තියෙල්ට දාව සෙරුබාබෙල් උපන්නේය;
මෙසේ ආබ්‍රහම් පටන් දාවිත් දක්වා සියලු පරම්පරා දසසතරක්ය; දාවිත් පටන් බබිලෝනියට ගෙනයාම දක්වා පරම්පරා දසසතරක්ය; බබිලෝනියට ගෙනයාමේ පටන් ක්‍රිස්තුස්වහන්සේ දක්වා පරම්පරා දසසතරක්ය.
එවිට යූදාහි රජවූ යෙහෝයාඛින්ද ඔහුගේ මෑණියෝද ඔහුගේ සේවකයෝද ඔහුගේ අධිපතියෝද ඔහුගේ ඇමතියෝද පිටතට බබිලෝනියේ රජු ළඟට ගියෝය. බබිලෝනියේ රජතෙමේ තමාගේ රජකම් කිරීමේ අටවෙනි අවුරුද්දේදී ඔහු අල්ලාගත්තේය.
ඔව්හු ඒකේ උත්තමයන් රාජ්‍යයට කැඳවන්නෝය, නුමුත් එහි කිසිවෙක් නොවන්නේය, ඒකේ සියලුම අධිපතියෝද නැතිවන්නෝය.
සැබවින්ම ස්වාමීන්වහන්සේගේ ගෘහයෙත් යූදාහි රජුගේ ගෘහයෙත් යෙරුසලමෙත් ඉතිරිව තිබෙන භාණ්ඩ ගැන ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක:
අනාගතවක්තෘවූ යෙරෙමියා විසින්, අසුවී ගියාවූ වැඩිමහල්ලන්ගෙන් ඉතුරු තැනැත්තන්ටද පූජකයන්ටද අනාගතවක්තෘවරුන්ටද නෙබුකද්නෙශර් විසින් යෙරුසලමෙන් බබිලෝනියට අල්ලාගන ගිය මුළු සෙනඟටද ලියා,
යොෂියාගේ පුත්‍රවූ යූදාහි රජවූ යෙහෝයාකීම්ගේ දවස්වලදී ස්වාමීන්වහන්සේගෙන් යෙරෙමියා වෙතට පැමිණි වචනය මේය:
ස්වාමීන්වහන්සේද යූදාහි රජවූ යෙහෝයාකීම් සහ දෙවියන්වහන්සේගේ ගෘහයේ බඩුවලින් කොටසක් ඔහු අතට දුන්සේක; ඔහු ඒවා ෂීනාර් දේශයේ තමාගේ දෙවියන්ගේ ගෘහයට ගෙනැවිත්, ඒ බඩු තමාගේ දෙවියන්ගේ භාණ්ඩාගාරයෙහි තැබුයේය.