Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 25:11 - Sinhala Revised Old Version

11 සෙනඟගෙන් නුවර ඉතුරුව සිටිය අයද සැඟවී ගොස් බබිලෝනියේ රජුගේ පක්ෂයටවූ අයද සමූහයාගෙන් අනික් අයද රැකවලුන්ගේ අධිපතිවූ නෙබුසරදාන් තෙමේ අල්ලාගෙන ගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 සෙනඟගෙන් නගරයේ ඉතිරි ව සිටි අය ද සැඟවී ගොස් බබිලෝනියේ රජුගේ පක්ෂයට වූ අය ද සමූහයාගෙන් අනික් අය ද රැකවලුන්ගේ අධිපති වූ නෙබුසරදාන් තෙමේ අල්ලාගෙන ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 සෙනඟගෙන් නගරයේ ඉතිරි ව සිටි අය ද සැඟවී ගොස් බබිලෝනියේ රජුගේ පක්ෂයට වූ අය ද සමූහයාගෙන් අනික් අය ද රැකවලුන්ගේ අධිපති වූ නෙබුසරදාන් තෙමේ අල්ලාගෙන ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 25:11
15 හුවමාරු යොමු  

ඉන් තුනෙන් පංගුවක් වටලෑමේ දවස් සම්පූර්ණවූ කල්හි නුවර මැද ගින්නෙන් දවන්න; තුනෙන් පංගුවක් රැගෙන වටකරින් ඒවාට කඩුවෙන් ගසන්න; තුනෙන් පංගුවක් හුළඟට විසුරුවාදමන්න, මමද ඒවා පසුපස්සෙන් කඩුවක් දිගුකරන්නෙමි.


තවද බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් රජුගේ දහනවවෙනි අවුරුද්දේ පස්වෙනි මස දසවෙනිදා බබිලෝනියේ රජුට සේවයකළාවූ රැකවලුන්ගේ අධිපතියාවූ නෙබුසරදාන් යෙරුසලමට ඇවිත්,


තවද රැකවලුන්ගේ අධිපතියාවූ නෙබුසරදාන් නුවර ඉතිරිවුණ සෙනඟද සැඟවී ඇවිත් තමාට එකතුවුණ අයින්ද සෙනඟගෙන් ඉතිරිවුණ අනික් අයින්ද අල්ලා බබිලෝනියට ගෙනගියේය.


කඩුවෙන් ගැළවුණු අය ඔහු බබිලෝනියට ගෙනගියේය; ඔව්හු පාර්සිවරුන්ගේ රජකම්කිරීම දක්වා ඔහුටත් ඔහුගේ පුත්‍රයන්ටත් දාසයෝව සිටියෝය.


ස්වාමීන්වහන්සේ නුඹද නුඹ කෙරෙහි නුඹ පත්කරගන්න රජුද නුඹවත් නුඹේ පියවරුන්වත් දැන නොගත් ජාතියක් වෙතට පමුණුවනසේක; එහිදී නුඹ ලීද ගල්ද වූ අන් දෙවිවරුන්ට සේවයකරන්නෙහිය.


බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර් විසින් අල්ලා බබිලෝනියට ගෙනයනලද්දවුන්ගෙන් වාල්කමින් මිදී, යෙරුසලමටත් යූදාහි තම තමුන්ගේ නුවරවලටත්


අපේ ගොන්නු මනාසේ බර පටවනු ලබන්නෝද, බලාත්කාරයෙන් ඇතුල්වීමක්වත් පිටත යාමක්වත් නොවන්නේද, අපේ වීථිවල කෝලාහලයක්වත් නොවන්නේද,


එබැවින් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම මේ නුවර කල්දිවරුන් අතටත් බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් අතටත් භාරදෙමි, ඔහු ඒක අල්ලාගන්නේය.


තවද රැකවලුන්ගේ අධිපතියාවූ නෙබුසරදාන් දිළිඳු සෙනඟගෙන් සමහරෙක්ද සෙනඟගෙන් නුවර ඉතිරිව සිටි අයද සැඟවී ගොස් බබිලෝනියේ රජුගේ පක්ෂයට වූ අයද සමූහයාගෙන් අනික් අයද අල්ලාගෙන ගියේය.


නෙබුකද්රෙශර්ගේ විසිතුන්වෙනි අවුරුද්දේදී රැකවලුන්ගේ අධිපතියාවූ නෙබුසරදාන් යුදෙව්වරුන් හත්සිය හතළිස් පස්දෙනෙකු අල්ලාගෙන ගියේය. ඒ සියල්ලෝම හාරදාස් හසියයක්ය.


ඔහුගේ සියලු සමුදාවලින් පලායන සියල්ලන් කඩුවෙන් වැටෙනවා ඇත, ඉතිරිවෙන අය සියලු දිශාවලට විසුරුවනු ලබනවා ඇත. නුඹලාද ස්වාමීන්වහන්සේ වන මා එසේ කී බව දැනගන්නහුය.


මෙසේ කියන්න–මම නුඹලාගේ සලකුණය. මා කළ ලෙස ඔවුන්ට සිද්ධවන්නේය. ඔව්හු පිටත්වී අන් රටකට වහල්කමට යන්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්