Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 23:31 - Sinhala Revised Old Version

31 යෙහෝවාහාස් විසිතුන් හැවිරිදි වයසේදී රජවී තුන් මසක් යෙරුසලමෙහි රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම හමුතල්ය, ඈ ලිබ්නාහි යෙරෙමියාගේ දුවෙක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

31 ජෙහෝවාහාස් විසිතුන් හැවිරිදි වයසේ දී රජ වී, තුන් මසක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය. ඔහුගේ මවුගේ නම හමුතල් ය. ඈ ලිබ්නාහි ජෙරමියාගේ දුවකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

31 ජෙහෝවාහාස් විසිතුන් හැවිරිදි වයසේ දී රජ වී, තුන් මසක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය. ඔහුගේ මවුගේ නම හමුතල් ය. ඈ ලිබ්නාහි ජෙරමියාගේ දුවකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 23:31
5 හුවමාරු යොමු  

මක්නිසාද යොෂියාගේ පුත්‍රවූ, යූදාහි රජවූ, තමාගේ පියවූ යොෂියා වෙනුවට රජකම්කළාවූ, මේ ස්ථානයෙන් පිටත්ව ගියාවූ ෂල්ලුම් ගැන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඔහු මෙහි තවත් හැරී නෑවිත්,


යොෂියාගේ පුත්‍රයෝ නම්: කුලුඳුලා යෝහානාන්ය, දෙවෙනියා යෙහෝයාකිම්ය, තුන්වෙනියා ශෙදෙකියාය, හතරවෙනියා ෂල්ලුම්ය.


ශෙදෙකියා විසිඑක් අවුරුදු වයසේදී රජවී එකොළොස් අවුරුද්දක් යෙරුසලමෙහි රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම හමුතල්ය, ඈ ලිබ්නාහි යෙරෙමියාගේ දුවෙක්ය.


ශෙදෙකියා විසි එක් අවුරුදු වයසේදී රජකමට පැමිණ එකොළොස් අවුරුද්දක් යෙරුසලමෙහි රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම හමූටල්ය, ඈ ලිබ්නාහි යෙරෙමියාගේ දුවෙක්ය.


එවිට දේශයේ සෙනඟ යොෂියාගේ පුත්‍රවූ යෙහෝවාහාස් කැඳවාගෙන, ඔහුගේ පියා වෙනුවට ඔහු යෙරුසලමෙහි රජකමට පත්කළෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්