විලාප ගී 5:13 - Sinhala Revised Old Version යෞවනයෝ ඇඹරුම්ගල උසුලාගන ගියෝය, ළමයි දරවල බරින් වැටී ගියෝය. Sinhala New Revised Version වහලුන් මෙන් ධාන්‍ය ඇඹරීමට අපේ තරුණයෝ බල කරනු ලැබූ හ. ළමයි දරමිටිවල බරින් යට වී වැටි වැටී යති. Sinhala New Revised Version 2018 වහලුන් මෙන් ධාන්‍ය ඇඹරීමට අපේ තරුණයෝ බල කරනු ලැබූ හ. ළමයි දරමිටිවල බරින් යට වී වැටි වැටී යති. |
එසේ හෙයින් ඔව්හු බරවැඩ පැවරීමෙන් ඔවුන්ට පීඩාකරන පිණිස ඔවුන් කෙරෙහි විධානවරුන් පත්කළෝය. ඔව්හු පිථොම් සහ රාම්සෙස් නම් ගබඩා නුවරවල් ඵාරාවෝ හට ගොඩනැගුවෝය.
එවිට සිංහාසනයේ හිඳින ඵාරාවෝගේ කුලුඳුලා පටන් ඇඹරුම් ගල පිටිපස්සේ සිටින දාසියගේ කුලුඳුලා දක්වා මිසර දේශයෙහි සියලු කුලුඳුලෝද සිව්පාවුන්ගේ සියලු කුලුඳුලෝද නසින්නෝය.
මෝසෙස් වැඩි වයසට පැමුණුණු කල තමාගේ සහෝදරයන් වෙතට ගොස් ඔවුන්ගේ බර වැඩ බලා සිටියේය. එවිට ඔහු තමාගේ සහෝදරවූ හෙබ්‍රෙව්වෙකුට මිසරයෙක් ගහනවා දුටීය.
නුඹට වෛර කරන්නාගේ කොටළුවා බර සමඟ වැටී ඉන්නවා දුටුවොත් ඔහුට උපකාර කිරීමෙන් වැලකෙන්ට සිතුණත් ඌ මුදන්ට නුඹ ඔහුට උදව්විය යුතුමය.
ඇඹරුම් ගල්ගෙන පිටි අඹරන්න. නුඹේ මුහුණු වැස්ම අහක්කොට, පිට ඇඳුම ගළවා දමා, කකුල් නග්නකර, ගංගාවලින් එගොඩවෙන්න.
මා විසින් තෝරාගත් උපවාසය නම් දුෂ්ටකමේ විලංගු මුදාහැරීමත්, වියගහේ බැඳුම් ලිහීමත්, බලාත්කාරය විඳින්නන් නිදහස්කර හැරීමත්, සියලුම වියගස් නුඹලා විසින් කඩාදැමීමත් නොවේද?
මා කෝපකරවන ලෙස අහස්දේවීහට කැවුම් සෑදීමටත් අන් දෙවිවරුන්ට පානපූජා වැගිරවීමටත් දරුවෝ දර එක්කරති, පියවරු ගිනිමොළවති, ස්ත්‍රීහුද පිටි අනති.
එසේය, ඔව්හු උසුලන්ට අමාරු මහත් බර බැඳ මනුෂ්‍යයන්ගේ කරේ තබති; නුමුත් තමුන්ගේ ඇඟිල්ලවත් ඒවාට තබන්ට කැමති නොවෙති.
නුමුත් පිලිස්තිවරු ඔහු අල්ලාගන ඔහුගේ ඇස් උගුලාදමා, ගාසාට ගෙනගොස් ඔහු පිත්තල දම්වැල්වලින් බැන්දෝය; ඔහු හිරගෙයි ඇඹරුවේය.