Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 1:11 - Sinhala Revised Old Version

11 එසේ හෙයින් ඔව්හු බරවැඩ පැවරීමෙන් ඔවුන්ට පීඩාකරන පිණිස ඔවුන් කෙරෙහි විධානවරුන් පත්කළෝය. ඔව්හු පිථොම් සහ රාම්සෙස් නම් ගබඩා නුවරවල් ඵාරාවෝ හට ගොඩනැගුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 එබැවින් ඔවුන්ගෙන් බර වැඩ ගෙන, ඔවුන්ට පීඩා කරන පිණිස ඔව්හු ඔවුන් කෙරෙහි විධායකයන් පත් කළහ. මෙලෙස ඉශ්රායෙල් ජනයා පාරාවෝ සඳහා, පීතොම් සහ රාමෙසෙස් යන ගබඩා-නගර ගොඩනැඟුවහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 එබැවින් ඔවුන්ගෙන් බර වැඩ ගෙන, ඔවුන්ට පීඩා කරන පිණිස ඔව්හු ඔවුන් කෙරෙහි විධායකයන් පත් කළහ. මෙලෙස ඉශ්රායෙල් ජනයා පාරාවෝ සඳහා, පීතොම් සහ රාමෙසෙස් යන ගබඩා නගර ගොඩනැඟුවහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 1:11
21 හුවමාරු යොමු  

උන්වහන්සේ ආබ්‍රම්ට කථාකොට: නුඹේ වංසය තමන්ට අයිති නැති දේශයෙක්හි විදේශිවන බවද ඔවුන්ට මෙහෙකරන බවද ඔවුන් අවුරුදු හාරසියයක් ඔවුන්ට පීඩාකරන බවද සැබවින් දැනගන්න.


තවද ස්වාමීන්වහන්සේ කථාකොට: මිසරයේ වසන මාගේ සෙනඟගේ පීඩාව සැබවින්ම දුටිමි, ඔවුන්ගේ විධානවරුන් නිසා ඇති ඔවුන්ගේ මොරගැසීම ඇසීමි; මක්නිසාද ඔවුන්ගේ දුක් දනිමි;


මෝසෙස් වැඩි වයසට පැමුණුණු කල තමාගේ සහෝදරයන් වෙතට ගොස් ඔවුන්ගේ බර වැඩ බලා සිටියේය. එවිට ඔහු තමාගේ සහෝදරවූ හෙබ්‍රෙව්වෙකුට මිසරයෙක් ගහනවා දුටීය.


යෝසෙප් ඵාරාවෝ අණකළ ලෙස තමාගේ පියා සහ සහෝදරයන් පදිංචිකරවමින් මිසර දේශයේ ඉතා හොඳ පළාතවූ රමෙසෙස් නම් ප්‍රදේශයෙහි ඔවුන්ට උරුමයක් දුන්නේය.


ඔහුගේ කර බරෙන් නිදහස් කෙළෙමි. කූඩා ඇදීමෙන් ඔහුගේ අත් මිදුණේය.


මිසරවරුද අපට නපුරුකම් කරමින් අපට පීඩාකොට අප තද වහල්කමට පත්කළෝය.


අපේ පියවරු මිසරයට ගියෝය, අපි බොහෝ කල් මිසරයෙහි සිටියෙමුව; මිසරවරු අපටත් අපේ පියවරුන්ටත් නපුරුකම් කළෝය.


උදහස කෲරය, කෝපයද රෞද්‍රය; එහෙත් කාම ක්‍රෝධය ඉදිරිපිට සිටින්ට පුළුවන් කාටද?


ඔව්හු ජාතියකින් ජාතියකටත් එක රාජ්‍යයකින් තවත් සෙනඟක් වෙතටත් ගියෝය.


රිදී පැහැ ඇති කොබෙයියෙකුගේ පියාපත් මෙන්ද උගේ කහපාට රත්රන් අත්තටු මෙන්ද වූ නුඹලා බැටළු ගාල්වල සයනය කරන්නහුද?


ඔහු කාන්තාරයෙහි තද්මොර්ද හමාත්හි ගොඩනැගූ ගබඩා-නුවරවල් සියල්ලද ගොඩනැගුවේය.


සාලමොන් සන්තකවූ සියලු ගබඩා නුවරවල්ද රථවලට නුවරවල්ද අසරුවන්ට නුවරවල්ද සාලමොන් යෙරුසලමෙහිත් ලෙබනොන්හිත් තමාගේ ආණ්ඩුවට අඩංගුවූ මුළු දේශයෙහිත් තමා සතුටුවූ ප්‍රකාර ගොඩනගන්ට කැමතිවූ සියල්ලද ගොඩනැගුවේය.


ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුලාදෑනීහු අවුත් ඵාරාවෝට කන්නලව්කරමින්: ඔබගේ මෙහෙකරුවන්ට මෙසේ කරන්නේ මක්නිසාද?


ඔවුන් යෙදූ තද වැඩ වූ බදාම සහ ගඩොල් වැඩද කෙතෙහි සියලු ආකාර වැඩද ඔවුන් ලවා කෙරෙවු සියලු තදබල වැඩද කරණකොටගෙන ඔව්හු ඔවුන්ගේ ජීවිතය ඔවුන්ට තික්ත කළෝය.


එවිට සෙනඟගේ විධානවරුද ඔවුන්ගේ මුලාදෑනීහුද පිටත ගොස් සෙනඟට කථාකොට: ඵාරාවෝ මෙසේ කියන්නේය; මම නුඹලාට පිදුරු නොදෙමි.


එවිට බෙන්හදද් ආසා රජුට ඇහුම්කන්දී, තමාගේ යුද්ධ සේනාපතීන් ඉශ්‍රායෙල් නුවරවලට විරුද්ධව යැවීය; ඔව්හු ඊයොන්ටත් දාන්ටත් ආබෙල්-මයිම්ටත් නප්තලීහි සියලු ගබඩා නුවරවලටත් පහර දුන්නෝය.


ඉශ්‍රායෙල් දැන් මෙසේ කියත්වා: මාගේ තරුණ වයසේ පටන් ඔව්හු බොහෝ වර මට පීඩාකළෝය.


එහෙත් ඔවුන් පළමු සෑදූ ගඩොල් ගණනම සාදන්ට ඔවුන්ට නියමකරන්න; එයින් කිසිවක් අඩු නොකරන්න. මක්නිසාද ඔව්හු කම්මැළිය; එබැවින්: අපේ දෙවියන්වහන්සේට පූජාකරන්ට යන්ට අවසරදුනමැනවියි මොරගසති.


මාගේ තරුණ වයසේ පටන් ඔව්හු බොහෝ වර මට පීඩාකළෝය. එහෙත් මාගෙන් ජය නොගත්තෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්