විලාප ගී 3:16 - Sinhala Revised Old Version උන්වහන්සේ බොරළුවලින් මාගේ දත් බින්දසේක, අලුයෙන් මා වැසූසේක. Sinhala New Revised Version එතුමාණෝ බොරළුවලින් මාගේ දත් බින්ද සේක; කෑම සඳහා මට අළු දුන් සේක. Sinhala New Revised Version 2018 එතුමාණෝ බොරළුවලින් මාගේ දත් බින්ද සේක; කෑම සඳහා මට අළු දුන් සේක. |
ස්වාමිනි, නැගුටුණ මැනව; මාගේ දෙවියන්වහන්ස, මා ගැළෙවුව මැනව. මක්නිසාද ඔබ මාගේ සියලු සතුරන්ගේ කන්සයට ගැසූසේක; දුෂ්ටයන්ගේ දත් බින්දසේක.
දෙවියන්වහන්ස, ඔවුන්ගේ මුඛයෙහි ඔවුන්ගේ දළ බින්ද මැනව. ස්වාමිනි, තරුණ සිංහයන්ගේ මහා දත් බිඳදැමුව මැනව.
මාගේ දියණිය වන සෙනඟෙනි, ගෝණිරෙදි බැඳගෙන අළුවල පෙරළී ඉඳ, එකම පුත්‍රයෙකු උදෙසා මෙන් ඉතා දුක් සහිත විලාපයකින් වැලපෙන්න; මක්නිසාද විනාශකරන්නා හදිසියෙන් අපට විරුද්ධව එනවා ඇත.
ඒ ආරංචිය නිනිවයේ රජු වෙතට පැමුණුණු විට, හෙතෙම තමාගේ සිංහාසනයෙන් බැස, තමාගේ සළුව අහක තබා, ගෝණිරෙදි පෙරවාගෙන, අලු පිට හිඳගත්තේය.
නුඹලා අතරෙන් කොයි පියෙක් තමාගේ පුත්‍රයා රොටියක් ඉල්ලුවාම ඔහුට ගලක් දෙයිද? නොහොත් මත්ස්‍යයෙකු ඉල්ලුවාම මත්ස්‍යයා වෙනුවට ඔහුට සර්පයෙකු දෙයිද?