මක්නිසාද අප වහල්කොට ගෙනගිය අය එහිදී ගී කියන ලෙස අපෙන් ඉල්ලුවෝය, අපට පීඩාකළ අය: සියොන් ගීතිකාවලින් එකක් කියා සෙල්ලම්කරන්ට කිවුය.
විලාප ගී 3:14 - Sinhala Revised Old Version මම මාගේ මුළු සෙනඟට හිනාවක්ද දවස මුළුල්ලේ ඔවුන්ගේ කවියද වී සිටිමි. Sinhala New Revised Version මම මාගේ මුළු සෙනඟට හිනාවක් ද දවස මුළුල්ලේ ඔවුන්ට කවටකමක් ද වී සිටිමි. Sinhala New Revised Version 2018 මම මාගේ මුළු සෙනඟට හිනාවක් ද දවස මුළුල්ලේ ඔවුන්ට කවටකමක් ද වී සිටිමි. |
මක්නිසාද අප වහල්කොට ගෙනගිය අය එහිදී ගී කියන ලෙස අපෙන් ඉල්ලුවෝය, අපට පීඩාකළ අය: සියොන් ගීතිකාවලින් එකක් කියා සෙල්ලම්කරන්ට කිවුය.
ඔබ අපේ අසල්වාසීන්ට අප නින්දාවක්ද, අප අවට සිටින්නන්ට හෙළාදැක්මක් හා අපහාසයක්ද වෙන්ට සලස්වනසේක.
අපි අපේ අසල්වාසීන්ට නින්දා භූමියක්ද අප අවට සිටින්නන්ට හෙළාදැක්මට හා අපහාසයට කරුණක්ද වී සිටිමුව.
අහෝ ස්වාමීන්වහන්ස, ඔබ මා පෙළඹූවූසේක, මම පෙළඹුනෙමි. ඔබ මට වඩා බලවත්ව ජයගත්සේක. මම සෑමදාම කවටකමක්ව සිටිමි, සියල්ලෝම මට කවටකම්කරති.
මක්නිසාද නුඹට ඉශ්‍රායෙල් කවටකමක් වුණා නොවේද? ඔහු සොරුන් අතරේ සම්බවීද? මක්නිසාද නුඹ ඔහු ගැන කථාකරන සෑම විටම නුඹ හිස වනන්නෙහිය.