Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 79:4 - Sinhala Revised Old Version

4 අපි අපේ අසල්වාසීන්ට නින්දා භූමියක්ද අප අවට සිටින්නන්ට හෙළාදැක්මට හා අපහාසයට කරුණක්ද වී සිටිමුව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 අපේ අසල්වැසියන් හට අපි සරදමක් වූයෙමු; අප අවට සිටින්නන් හට විහිළුවක් ද නින්දාවක් ද වූයෙමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 අපේ අසල්වැසියන් හට අපි සරදමක් වූයෙමු; අප අවට සිටින්නන් හට විහිළුවක් ද නින්දාවක් ද වූයෙමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 79:4
23 හුවමාරු යොමු  

අපේ අසල්වාසීන්ට අප ඩබරයට හේතුවක් වෙන්ට ඔබ සලස්වනසේක; අපේ සතුරෝ ඔවුනොවුන් අතරේ සිනාසෙති.


ස්වාමිනි, අනේ ඔබගේ සියලු ධර්මිෂ්ඨකම් ලෙස ඔබගේ උදහසත් කෝපයත් ඔබගේ ශුද්ධවූ කන්ද වන ඔබගේ නුවරවූ යෙරුසලමෙන් පහවේවා. මක්නිසාද අපේ පාප සහ අපේ පියවරුන්ගේ අපරාධ නිසා යෙරුසලම සහ ඔබගේ සෙනඟ අප වටකර සිටින සියල්ලන්ට නින්දාවක්වී තිබේ.


නුඹට විරුද්ධව ජාතීන්ගේ අපහාස කථා අසන්ට මම තවත් ඉඩ නොදෙන්නෙමි, ජනයන්ගේ නින්දාව නුඹ තවත් දරන්නේවත් නුඹ තවත් නුඹේ ජාතිය පැකිලවන්නේවත් නැතැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.


නුඹ අනාගතවාක්‍ය කියමින්: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි කියන්න. ඉතුරු ජාතීන්ට නුඹලා උරුමයක් වෙන පිණිස ඔවුන් නුඹලා පාළුකළ බැවින්ද නුඹලා වටකර හතිදමමින්ද ඉවඅල්ලන බැවින්ද නුඹලා තොල්වල දෙඩීමක්ව සෙනඟ අතරේ නින්දාවක්ව සිටින බැවින්ද,


ඒවා පාළුවී අපේ භුක්තියට දී තිබේය කියා නුඹ ඉශ්‍රායෙල් කඳුවලට විරුද්ධව කීවාවූ නුඹේ සියලුම අපහාස කථා ස්වාමීන්වහන්සේ වන මා ඇසූ බව නුඹ දැනගන්නෙහිය.


ස්වාමීන්වහන්ස, අපට සිද්ධවී තිබෙන දේ සිහිකළ මැනව. අපේ නින්දාව බලා සැලකුව මැනව.


මක්නිසාද: මාගේ උදහසත් කෝපයත් යෙරුසලමේ වැසියන් පිටට වැගුරුණාක්මෙන්, නුඹලා මිසරයට පැමුණුණාම නුඹලා පිටටත් මාගේ කෝපය වැගිරෙනවා ඇත. නුඹලා ඇවීමක්ද විස්මයක්ද ශාප-වචනයක්ද නින්දාවක්ද වන්නහුය; මේ ස්ථානය නුඹලා තවත් දකින්නෙත් නැතැයි ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.


එනම් යෙරුසලමටත් යූදාහි නුවරවලටත් එහි රජවරුන්ටත් එහි අධිපතීන්ටත් අද දවසේ පෙනෙන ලෙස ඔවුන් පාළුවක්ද විස්මයක්ද නින්දාවක්ද ශාප-වචනයක්ද කරන පිණිස පෙවුවෙමි.


එසේය, මා විසින් ඔවුන් පන්නාදමන සියලු ස්ථානවලදී නින්දාවක්ද උපමාවක්ද අපහාස කීමක් සහ ශාපයක්ද වීමටත් ඔවුන් පීඩා විදීමට පොළොවේ සියලු රාජ්‍යවල ඔබ මොබ විසුරුවනු ලැබීමටත් පාවාදෙන්නෙමි.


මග යන සියල්ලෝ ඔහුගෙන් කොල්ලකති. තම අසල්වාසීන්ට ඔහු නින්දා භූමියක්වී සිටී.


නුමුත් හොරොනිය සන්බලට්ද සේවකයාවූ අම්මොනිය ටෝබියාද අරාබිය ගෙෂෙම්ද ඒ අසා අපට කවටකම්කර අප හෙළාදැක: නුඹලා කරන මේ දෙය මොකද? නුඹලා රජුට විරුද්ධව කැරළිගසන්ට යනවාදැයි කීවෝය.


මා විසින් ඉශ්‍රායෙල්ට දී තිබෙන දේශය මතුපිටින් ඔවුන් සිඳදමන්නෙමි; මාගේ නාමයට මා විසින් විශුද්ධකළ මේ ගෘහයත් මාගේ ඇස් හමුයෙන් පහකරදමන්නෙමි; ඉශ්‍රායෙල්ද සියලු ජනයන් අතරෙහි උපමාවක්ද පරිහාසයක්ද වන්නේය.


ස්වාමීන්වහන්සේ නුඹ පමුණුවන්නාවූ සියලු ජනයන් අතුරෙහි නුඹ මවිතයට හේතුවක්ද උපමාවක්ද නින්දා කීමක්ද වන්නෙහිය.


ඔව්හු කථාකොට: වාල්කමෙන් ඉතුරුවී ඒ රටේ සිටින්නෝ මහත් විපත්තියෙනුත් නින්දාවෙනුත් පෙළෙති. යෙරුසලමේ පවුරද කඩාදමා තිබේ, ඒකේ දොරවල්ද ගින්නෙන් දවාදමා තිබේයයි මට කීවෝය.


එබැවින් මම ශුද්ධස්ථානයේ අධිපතීන් කෙලහා, යාකොබ් ශාපයටත් ඉශ්‍රායෙල් නින්දාවටත් පාවාදුන්නෙමි.


අපි නින්දාව ඇසූ බැවින් ලජ්ජාවට පැමිණියෙමුව; විදේශීන් ස්වාමීන්වහන්සේගේ ගෘහයේ ශුද්ධස්ථානවලට ඇතුල්වූ බැවින් අපේ මුහුණු වියවුල්කමින් වැසී තිබේ.


ඇගේ මුළු සෙනඟ කෑම සොයමින් සුසුම්ලති; පණ රැකගන්න පිණිස ඔව්හු තමුන්ගේ ප්‍රිය දේ ආහාර වෙනුවට දුන්නෝය. ස්වාමීන්වහන්ස, මා නීචවී සිටින බව බලා සැලකුව මැනව.


නුඹට ළංව සිටින්නෝද දුරව සිටින්නෝද අපකීර්තියත් බොහෝ කැලඹීමත් ඇතුව සිටින කෙනෙක් කොට නුඹට කවටකම්කරන්නෝය.


මංගල්‍ය රැස්වීම ගැන ශෝකවන්නන් රැස්කරන්නෙමි, ඔව්හු නුඹට අයිතිව සිටියෝය. එහි නින්දාව ඔවුන්ට බරක් විය.


එම්බා යූදා වංශය, එම්බා ඉශ්‍රායෙල් වංශය, නුඹලා ජාතීන් අතරෙහි ශාපයක්ව සිටියාක්මෙන් නුඹලා ආශීර්වාදයක් වෙන හැටියට මම නුඹලා ගළවන්නෙමි. භය නොවෙන්න, නුඹලාගේ අත් බලවත් වේවා.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්