යාකොබ් ඒ ස්ථානයට පෙනීයේල්යයි නම් තැබුවේය. මක්නිසාද මම මුහුණට මුහුණ ලා දෙවියන්වහන්සේ දුටිමි, එහෙත් මාගේ ප්‍රාණය ඉතුරුවීයයි ඔහු කීවේය.
විනිශ්චයකාරයෝ 6:23 - Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේ: නුඹට සමාදානය වේවා; භයනොවන්න. නුඹ නසින්නේ නැතැයි ඔහුට කීසේක. Sinhala New Revised Version සමිඳාණන් වහන්සේ, “නුඹට සාමදානය වේ වා! බිය නොවන්න; නුඹ නසින්නේ නැතැ”යි ඔහුට වදාළ සේක. Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්සේ, “නුඹට සාමදානය වේ වා! බිය නොවන්න; නුඹ නසින්නේ නැතැ”යි ඔහුට වදාළ සේක. |
යාකොබ් ඒ ස්ථානයට පෙනීයේල්යයි නම් තැබුවේය. මක්නිසාද මම මුහුණට මුහුණ ලා දෙවියන්වහන්සේ දුටිමි, එහෙත් මාගේ ප්‍රාණය ඉතුරුවීයයි ඔහු කීවේය.
ඔහුද: නුඹලාට සමාදානය වේවා, භයනොවන්න. නුඹලාගේද නුඹලාගේ පියාණන්ගේද දෙවියන්වහන්සේ නුඹලාගේ ගෝණිවල නුඹලාට වස්තුවක් දුන්සේක. නුඹලාගේ මුදල් මට ලැබුණේයයි කීවේය. තවද ඔහු සිමියොන් ඔවුන් වෙතට පිටතට ගෙනායේය.
දෙවිවූ ස්වාමීන්වහන්සේ කුමක් කියනසේක්දැයි අසන්නෙමි. මක්නිසාද උන්වහන්සේ ස්වකීය සෙනඟටත් ශුද්ධවන්තයන්ටත් සමාදානය වදාරනසේක. නුමුත් ඔව්හු අඥානකමට නැවත නොහැරෙත්වා.
ඔහු මට කථාකොට: බොහෝ ප්‍රේමලත් මනුෂ්‍යය, භය නොවන්න. නුඹට සමාදානය වේවා, සවිවෙන්න, සවිවෙන්නැයි කීවේය. ඔහු මට කථාකළ විට මම සවිවී: ස්වාමීන්වහන්සේ කථාකරනසේක්වා, ඔබ මා සවිකළසේකැයි කීවෙමි.
නුඹලා වෙත සමාදානය තබා යමි; මාගේ සමාදානය නුඹලාට දෙමි. මා දෙන්නේ ලෝකයා දෙන්නාක් මෙන් නොවේ. නුඹලාගේ සිත් කැලඹෙන්ටවත් භයවෙන්ටවත් නොදෙන්න.
සතියේ පළමුවෙනිවූ ඒ දවසේ සවස්වූ කල, යුදෙව්වරුන්ට භයින් දොරවල් වසා තිබෙද්දී, ගෝලයන් එක්ව සිටිතැන්හි යේසුස්වහන්සේ ඇවිත් මැද සිට: නුඹලාට සමාදානය වේවා කියා ඔවුන්ට කීසේක.
අට දවසකට පසු උන්වහන්සේගේ ගෝලයෝ නැවතත් ගේ ඇතුළෙහි සිටියෝය, තෝමස්ද ඔවුන් සමඟ සිටියේය. දොරවල් වසා තිබියදී යේසුස්වහන්සේ ඇවිත් මැද සිට: නුඹලාට සමාදානය වේවයි කීසේක.
මහලු මනුෂ්‍යයාද: නුඹට සමාදානයවේවා; නුඹේ සියලු ඕනෑකම් මා පිට වේවා; වීථියේ නම් රෑ නොසිටින්නැයි ඔහුට කීවේය.
ඒ ස්වාමීන්වහන්සේගේ දූතයා බව ගිඩියොන් දැක: අහෝ, ස්වාමිවූ දෙවියන්වහන්ස! මක්නිසාද මම ස්වාමීන්වහන්සේගේ දූතයා මුහුණට මුහුණලා දුටිමියි කීය.
එවිට ගිඩියොන් එහි ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනගා, යෙහෝවා-ෂාලොම් යන නාමය ඊට තැබුවේය. එය අද දවස දක්වා අබියෙශ්‍රීවරුන්ට අයිති ඔප්‍රාහි තිබේ.