Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 43:23 - Sinhala Revised Old Version

23 ඔහුද: නුඹලාට සමාදානය වේවා, භයනොවන්න. නුඹලාගේද නුඹලාගේ පියාණන්ගේද දෙවියන්වහන්සේ නුඹලාගේ ගෝණිවල නුඹලාට වස්තුවක් දුන්සේක. නුඹලාගේ මුදල් මට ලැබුණේයයි කීවේය. තවද ඔහු සිමියොන් ඔවුන් වෙතට පිටතට ගෙනායේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 එවිට ඔහු උත්තර දෙමින්, “ඔබට ආසිරි වේ වා! බිය නොවන්න, ඔබේ දෙවියන් වහන්සේ ද, ඔබේ පියාගේ දෙවියන් වහන්සේ ද, ඔබේ ගෝණිවල ඔබට නිධානයක් දුන් සේක. ඔබේ මුදල් මට ලැබුණේ ය”යි කී ය. ඉන්පසු ඔහු සිමියොන් ඔවුන් වෙත කැඳවාගෙන ආවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 එවිට ඔහු උත්තර දෙමින්, “ඔබට ආසිරි වේ වා! බිය නොවන්න, ඔබේ දෙවියන් වහන්සේ ද, ඔබේ පියාගේ දෙවියන් වහන්සේ ද, ඔබේ ගෝණිවල ඔබට නිධානයක් දුන් සේක. ඔබේ මුදල් මට ලැබුණේ ය”යි කී ය. ඉන්පසු ඔහු සිමියොන් ඔවුන් වෙත කැඳවාගෙන ආවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 43:23
17 හුවමාරු යොමු  

ඔහු ඔවුන් වෙතින් අහක්ව ගොස් හැඬුවේය; නැවතත් ඔහු ඔවුන් ළඟට ඇවිත් ඔවුන් සමඟ කථාකර ඔවුන් කෙරෙන් සිමියොන් රැගෙන ඔවුන්ගේ ඇස් හමුවෙහි බැන්දේය.


අට දවසකට පසු උන්වහන්සේගේ ගෝලයෝ නැවතත් ගේ ඇතුළෙහි සිටියෝය, තෝමස්ද ඔවුන් සමඟ සිටියේය. දොරවල් වසා තිබියදී යේසුස්වහන්සේ ඇවිත් මැද සිට: නුඹලාට සමාදානය වේවයි කීසේක.


නුඹලා වෙත සමාදානය තබා යමි; මාගේ සමාදානය නුඹලාට දෙමි. මා දෙන්නේ ලෝකයා දෙන්නාක් මෙන් නොවේ. නුඹලාගේ සිත් කැලඹෙන්ටවත් භයවෙන්ටවත් නොදෙන්න.


යේසුස්වහන්සේ: නුඹලාට සමාදානය වේවයි නැවතත් ඔවුන්ට කියා–පියාණන්වහන්සේ මා එවුවාක්මෙන්ම මමත් නුඹලා යවමියි කීසේක.


සතියේ පළමුවෙනිවූ ඒ දවසේ සවස්වූ කල, යුදෙව්වරුන්ට භයින් දොරවල් වසා තිබෙද්දී, ගෝලයන් එක්ව සිටිතැන්හි යේසුස්වහන්සේ ඇවිත් මැද සිට: නුඹලාට සමාදානය වේවා කියා ඔවුන්ට කීසේක.


ඔවුන් මෙසේ කථාකරමින් සිටියදී උන්වහන්සේ ඔවුන් මැද සිට: නුඹලාට සමාදානය වේවායි ඔවුන්ට කීසේක.


නුඹලා යම් ගෙයකට ඇතුල්වූ කල: මේ ගෙට සමාදානය වේවයි පළමුකොට කියන්න.


ඔහු තම සහෝදරයන්ට කථාකොට: මාගේ මුදල් නැවත ලැබී තිබේ; මෙන්න, ඒවා මාගේ ගෝණියෙහි තිබේයයි කීය. එවිට ඔවුන්ගේ සිත් කිඳා ගියේය, ඔව්හු වෙවුලමින් එකිනෙකා දෙසට හැරී: දෙවියන්වහන්සේ අපට කළාවූ මේ දේ කිමෙක්දැයි කීවෝය.


එවිට රජ්ජුරුවෝ රෙහුම් ආණ්ඩුකාරයාටත් ෂිම්ෂයි ලේකම්ටත් සමාරියේ වාසයකළ ඔවුන්ගේ අනික් සහකාරයන්ටත් ගඟ එගොඩ සිටින අනික් තැනැත්තන්ටත් උත්තරයක් වශයෙන් ලියා ඇරියේ මෙසේය: සමාදානය වේවා යනාදියෙන් ලියා එවන වගනම්–


එවිට තිස්දෙනාගේ ප්‍රධානියාවූ අමාසයි පිටට ආත්මය පැමිණ ඔහු කියනුයේ: දාවිත්නි, අපි නුඹේ පක්ෂයටද, යෙස්සේගේ පුත්‍රය, අපි නුඹ සමඟද සිටින්නෙමුව. සමාදානය, සමාදානයම නුඹට වේවා, නුඹට උපකාරකරන්නන්ටත් සමාදානය වේවා; මක්නිසාද නුඹේ දෙවියන්වහන්සේ නුඹට උපකාරකරනසේකැයි කීවේය. එවිට දාවිත් ඔවුන් පිළිගෙන හමුදාවේ ප්‍රධානීන් කෙළේය.


සම්පත් ඇති ඔහුට කථාකොට–නුඹට සමාදානය වේවා, නුඹේ පවුලටත් සමාදානය වේවා, නුඹට ඇති සියල්ලටත් සමාදානය වේවා.


මහලු මනුෂ්‍යයාද: නුඹට සමාදානයවේවා; නුඹේ සියලු ඕනෑකම් මා පිට වේවා; වීථියේ නම් රෑ නොසිටින්නැයි ඔහුට කීවේය.


ස්වාමීන්වහන්සේ: නුඹට සමාදානය වේවා; භයනොවන්න. නුඹ නසින්නේ නැතැයි ඔහුට කීසේක.


ඒ මනුෂ්‍යයා නුඹලාගේ අනික් සහෝදරයාද බෙන්යමින්ද නුඹලාට නිදහස්කර දෙන පිණිස සර්වපරාක්‍රම දෙවියන්වහන්සේ ඔහුගෙන් නුඹලාට කරුණාව ලැබෙන්ට සලස්වනසේක්වා. මාගේ දරුවන් මා කෙරෙන් තුරන් වුණොත් මම සැබවින්ම දරුවන් නැති කෙනෙක්මෙන් වෙමියි ඔවුන්ට කීවේය.


ඔවුන්ගේ පියවූ යාකොබ්: නුඹලා මාගේ දරුවන් මාගෙන් තුරන්කළහුය. යෝසෙප් නැත, සිමියොන් නැත, නුඹලා බෙන්යමින්ද ගෙනයන්ට හදන්නහුය. මේ සියල්ල මට විරුද්ධයයි කීවේය.


ආහාර මිලේට ගන්නා පිණිස වෙන මුදල්ද අප අත්වල ගෙනාවෙමුව. අපේ මුදල් අපේ ගෝණිවල දැමුවේ කවුදැයි නොදනිමුයයි කීවෝය.


තවද දාවිත් පිලිස්තිවරුන් සමඟ සාවුල්ට විරුද්ධව සටනට ගිය විට මනස්සේවරුන්ගෙන් සමහරෙකුත් ඔහුට එකතුවුණෝය, නුමුත් ඔව්හු පිලිස්තිවරුන්ට උපකාර නොකළෝය. මක්නිසාද පිලිස්තිවරුන්ගේ අධිපතීහු මන්ත්‍රණයකොට: ඔහු අපේ හිස් අන්තරායට පැමිණෙන ලෙස තමාගේ ස්වාමියාවූ සාවුල්ට එකතුවෙනවා ඇතැයි කියා ඔහු යන්ට හැරියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්