දේශයෙහි ඉතිරිව සිටියාවූ ඔවුන්ගේ පුත්‍රයන්ගෙන් සාලමොන් අද දවස දක්වා රාජකාරියට දාසයන් ගණනක් ගත්තේය.
විනිශ්චයකාරයෝ 3:1 - Sinhala Revised Old Version කානාන්හි සියලු යුද්ධ දැනනොගත්තාවූ සියලු ඉශ්‍රායෙල්වරුන් සෝදිසිකරන පිණිසද, Sinhala New Revised Version කානාන්හි ඇති වූ සියලු යුද්ධ සම්බන්ධයෙන් අත්දැකීමක් නොලැබූ සකල ඉශ්රායෙල්වරු සෝදිසි කරන පිණිස සමිඳාණන් වහන්සේ ඉතිරි කළ ජාතීහු මොවුහු ය. Sinhala New Revised Version 2018 කානාන්හි ඇති වූ සියලු යුද්ධ සම්බන්ධයෙන් අත්දැකීමක් නොලැබූ සකල ඉශ්රායෙල්වරු සෝදිසි කරන පිණිස සමිඳාණන් වහන්සේ ඉතිරි කළ ජාතීහු මොවුහු ය. |
දේශයෙහි ඉතිරිව සිටියාවූ ඔවුන්ගේ පුත්‍රයන්ගෙන් සාලමොන් අද දවස දක්වා රාජකාරියට දාසයන් ගණනක් ගත්තේය.
එසේවුවත් දේශයෙහි සිද්ධවුණ ආශ්චර්යය ගැන විභාගකරන්ට බබිලෝනියේ අධිපතීන් විසින් තානාපතියන් ඔහු ළඟට එවූ කල, ඔහුගේ සිතේ තිබුණ සියල්ල දැනගන්න පිණිස දෙවියන්වහන්සේ ඔහු සෝදිසි කිරීමට අත්හැරියසේක.
එහෙත් උන්වහන්සේ මා යන මාර්ගය දන්නාසේක; උන්වහන්සේ මා පරීක්ෂාකළ කල්හි මම රන් මෙන් නික්ම එන්නෙමි.
ඔහු ස්වාමීන්වහන්සේට හඬ ගැසීය; ස්වාමීන්වහන්සේ ඔහුට ගහක් පෙන්වූසේක, ඔහු ඒක ජලයට හෙළූ කල ජලය මිහිරි විය. එහිදී උන්වහන්සේ ඔවුන්ට නියෝගයක්ද පනතක්ද දුන්සේක, එහිදී උන්වහන්සේ ඔවුන් පරීක්ෂාකොට:
නුඹ මාගේ සෙනඟගේ මාර්ගය විභාගකර දැනගන්නා පිණිස මම නුඹ ඔවුන් අතරෙහි විභාගකරන්නෙක්ද බලකොටුවක්ද කෙළෙමි.
තුන්වෙනි කොටස මම ගින්නට පමුණුවා, රිදී පවිත්‍රකරන්නාක්මෙන් ඔවුන් පවිත්‍රකරන්නෙමි, රන් පරීක්ෂාකරන්නාක්මෙන් ඔවුන් පරීක්ෂාකරන්නෙමි. ඔව්හු මාගේ නාමය කියා යාච්ඤාකරන්නෝය, මම ඔවුන්ට උත්තරදෙන්නෙමි. ඔව්හු මාගේ සෙනඟයයි කියන්නෙමි; ඔවුන්ද: ස්වාමීන්වහන්සේ මාගේ දෙවියන්වහන්සේයයි කියනවා ඇත.
නුමුත් යේසුස්වහන්සේ සියල්ලන් දන්නා බැවින්ද මනුෂ්‍යයා තුළ තිබෙන්නේ කුමක්දැයි දන්න නිසා,
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඒ ජාතීන් නුඹ ඉදිරියෙන් ටිකෙන් ටික පහකර දමනවා ඇත. නුඹ ඉක්මනින් ඔවුන් නැතිකර නොදැමිය යුතුය, එසේ කළොත් වන මෘගයෝ නුඹට විරුද්ධව වැඩිවන්නෝය.
නුඹේ පියවරුන් නොදත්තාවූ, මන්නාවලින් කාන්තාරයේදී නුඹ පෝෂණයකළාවූ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මතක නැතිකොට:
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ යටහත්කර, නුඹ සෝදිසිකර, උන්වහන්සේගේ ආඥා නුඹ රක්ෂාකරනවාද නැද්දැයි නුඹේ සිතේ තිබෙන දෙය දැනගන්නා පිණිස මේ සතළිස් අවුරුද්දේ කාන්තාරයෙහි නුඹ ගෙනගිය මුළු මාර්ගය සිහිකරන්න.
එසේ ශෝකයට පත්වන්නේ නාස්තිවී යන්නාවූ, එසේද වුවත් ගින්නෙන් සෝදිසිකරන්නාවූ රනට වඩා අගේව තිබෙන නුඹලාගේ ඇදහිල්ල පරීක්ෂාකිරීමෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ එළිදරව්වීමේදී ප්‍රශංසාවත් මහිමයත් ගෞරවයත් පැමිණෙන පිණිසය.
ප්‍රේමවන්තයෙනි, නුඹලා සෝදිසි කිරීම පිණිස පැමිණෙන නුඹලා අතරේ තිබෙන ගිනිමය පීඩාව ගැන අපූර්ව කාරණාවක් නුඹලාට සිද්ධවෙන්නාක් මෙන් පුදුම නොවෙන්න.
ඇගේ දරුවන්ද වසංගතයෙන් නසන්නෙමි; මා වනාහි අදහස්ද හෘදයන්ද විමසන තැනැත්තා බව සියලු සභාවෝ දැනගන්නාහුය. මම නුඹලා එක් එක්කෙනාට නුඹලාගේ ක්‍රියා හැටියට දෙන්නෙමි.
යෝෂුවාගේ මරණයෙන් පසු ඉශ්‍රායෙල් පුත්‍රයෝ: අපගේ කවුරු කානානිවරුන්ට විරුද්ධව යුද්ධකරන්ට පළමුකොට යා යුතුදැයි ස්වාමීන්වහන්සේගෙන් ඇසුවෝය.
ඒ මුළු පරම්පරාවද තමුන්ගේ පියවරුන්ට එකතුවුණේය. ඔවුන්ට පසුව ස්වාමීන්වහන්සේවත් ඉශ්‍රායෙල් උදෙසා උන්වහන්සේ කළ ක්‍රියාවල්වත් නොදන්නාවූ වෙන පරම්පරාවක් නැගුටුණේය.
එබැවින් ස්වාමීන්වහන්සේ ඒ ජාතීන් යෝෂුවා අතට පාවා නොදී, ඔවුන් ඉක්මනින් පන්නා නොදමා, ඉතිරිකළසේක.
ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ පරම්පරාවලින් පළමු යුද්ධ කරන්ට දැනනොගත් අයට එය උගන්වන පිණිසද ස්වාමීන්වහන්සේ ඉතිරිකළ ජාතීහු මොව්හුය: