ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




විනිශ්චයකාරයෝ 20:38 - Sinhala Revised Old Version

ඉශ්‍රායෙල් මනුෂ්‍යයන්ද සැඟවී උන් අයද අතරේ නියමකරගත් ලකුණ නම් නුවරින් මහත් දුම් කඳක් නැග්ගවීමය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඉශ්රායෙල්වරුන් ද සැඟවී සිටි අය ද අතර නියම කර තිබුණ ලකුණ නම්, නුවරින් මහත් දුම් කඳක් නැංවීම ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඉශ්රායෙල්වරුන් ද සැඟවී සිටි අය ද අතර නියම කර තිබුණ ලකුණ නම්, නුවරින් මහත් දුම් කඳක් නැංවීම ය.

පරිච්ඡේදය බලන්න



විනිශ්චයකාරයෝ 20:38
4 හුවමාරු යොමු  

එහෙත් මාගේ ගිවිසුම එන අවුරුද්දේ නියම කාලයේදී සාරා නුඹට බිහිකරන්නාවූ ඊසාක් සමඟ පිහිටුවන්නෙමියි කීසේක.


ඔහු: ලබන අවුරුද්දේ මේ කාලය පැමිණි විට නුඹ පුත්‍රයෙකු වැළඳගන්නීයයි කීවේය. ඈද: නැත, මාගේ ස්වාමිනි, දෙවියන්වහන්සේගේ මනුෂ්‍යය, ඔබගේ දාසීට බොරු කියන්ට එපායයි කීවාය.


එසේ නුවරට උතුරෙන් සිටිය මුළු සමුදාවද නුවරට බස්නාහිරින් රහසේ සිටිය අයද යන සෙනඟ සිටෙවුවායින් පසු යෝෂුවා ඒ රාත්‍රියේ මිටියාවත මැදට ගියේය.


හායි මනුෂ්‍යයන් පස්සට හැරී බැලූ කල නුවර ධූමය අහසට නගින බව ඔව්හු දුටුවෝය, එවිට එහෙන්වත් මෙහෙන්වත් පලායන්ට ඔවුන්ට බලයක් නොතිබුණේය. කාන්තාරය දෙසට පලාගිය සෙනඟ තමුන් ලුහුබැඳ ආවුන් දෙසට හැරුණෝය.