Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යොෂුවා 8:13 - Sinhala Revised Old Version

13 එසේ නුවරට උතුරෙන් සිටිය මුළු සමුදාවද නුවරට බස්නාහිරින් රහසේ සිටිය අයද යන සෙනඟ සිටෙවුවායින් පසු යෝෂුවා ඒ රාත්‍රියේ මිටියාවත මැදට ගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 එසේ නගරයට උතුරෙන් සිටි මහ හමුදාව ද නගරයට බස්නාහිරෙන් රහසේ සඟවා සිටි අය ද යන සෙනඟ, මෙසේ නතර කළ පසු ජෝෂුවා ඒ රාත්‍රියේ මිටියාවතට ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 එසේ නගරයට උතුරෙන් සිටි මහ හමුදාව ද නගරයට බස්නාහිරෙන් රහසේ සඟවා සිටි අය ද යන සෙනඟ, මෙසේ නතර කළ පසු ජෝෂුවා ඒ රාත්‍රියේ මිටියාවතට ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 8:13
3 හුවමාරු යොමු  

ඔහු පන්දහසක් පමණ මනුෂ්‍යයන් රැගෙන ඔවුන් හායිට බස්නාහිරින් බෙතෙල්ටත් හායිටත් අතරේ රහසේ සිටෙවුවේය.


තවද හායි රජු එය දුටු කල ඔහු සහ නුවර මනුෂ්‍යයෝ වන ඔහුගේ මුළු සෙනඟත් ඉක්මන්කර අලුයම නැගිට, ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධකරන්ට අරබා සමභූමිය ඉදිරිපිට නියම ස්ථානයට පිටත්ව ගියෝය; එහෙත් නුවරට එහායින් තමාට විරුද්ධව සමූහයක් සැඟවී ඉන්න බව ඔහු නොදැන සිටියේය.


නුඹලා නුවර අල්ලාගත්තාම ඒක ගිනිලන්න; ස්වාමීන්වහන්සේගේ වචනය ලෙස කරන්න. මා නුඹලාට අණකළ බව බලාගන්නැයි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්