බෙන්යමියයෙක්වූ බික්‍රිගේ පුත්‍රවූ ෂෙබා නම්වූ දුර්ජන මනුෂ්‍යයෙක් එහි සිටියේය. ඔහු හොරණෑව පිඹ: දාවිත් තුළ කොටසක්වත් යෙස්සේගේ පුත්‍රයා තුළ කිසි උරුමයක්වත් අපට නැත. ඉශ්‍රායෙල්වරුනි, ඒ ඒ මනුෂ්‍යයා තම තමාගේ කූඩාරම්වලට යේවයි කීය.
විනිශ්චයකාරයෝ 20:13 - Sinhala Revised Old Version ඉතින් අප විසින් ගිබියාහි සිටින දුර්ජන මනුෂ්‍යයන් මරා ඉශ්‍රායෙල්වරුන් අතරෙන් නපුර පහකර දමන පිණිස ඔවුන් අපට පාවාදෙන්නැයි කීවෝය. නුමුත් බෙන්යමින් පුත්‍රයෝ තමුන්ගේ සහෝදරවූ ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ හඬට ඇහුම්කන් දෙන්ට නොකැමතිවූහ. Sinhala New Revised Version ඉතින් අප ගිබියාවෙහි සිටින ඒ දුර්ජනයන් මරා, ඉශ්රායෙල්වරුන් කෙරෙන් නපුර පහකර දමන පිණිස, ඔවුන් අපට පාවා දෙන්නැ”යි කීවෝ ය. එහෙත්, බෙන්ජමින්වරු තමන්ගේ සහෝදර ඉශ්රායෙල්වරුන්ගේ හඬට සවන් දෙන්නට කැමැති නො වූ හ. Sinhala New Revised Version 2018 ඉතින් අප ගිබියාවෙහි සිටින ඒ දුර්ජනයන් මරා, ඉශ්රායෙල්වරුන් කෙරෙන් නපුර පහකර දමන පිණිස, ඔවුන් අපට පාවා දෙන්නැ”යි කීවෝ ය. එහෙත්, බෙන්ජමින්වරු තමන්ගේ සහෝදර ඉශ්රායෙල්වරුන්ගේ හඬට සවන් දෙන්නට කැමැති නො වූ හ. |
බෙන්යමියයෙක්වූ බික්‍රිගේ පුත්‍රවූ ෂෙබා නම්වූ දුර්ජන මනුෂ්‍යයෙක් එහි සිටියේය. ඔහු හොරණෑව පිඹ: දාවිත් තුළ කොටසක්වත් යෙස්සේගේ පුත්‍රයා තුළ කිසි උරුමයක්වත් අපට නැත. ඉශ්‍රායෙල්වරුනි, ඒ ඒ මනුෂ්‍යයා තම තමාගේ කූඩාරම්වලට යේවයි කීය.
දුර්ජන මනුෂ්‍යයන් දෙදෙනෙක් ඇවිත් ඔහු ඉදිරියෙහි හිඳ: නාබොත් දෙවියන්වහන්සේටත් රජුටත් ශාපකෙළේයයි සෙනඟ ඉදිරියේ නාබොත්ට විරුද්ධව සාක්ෂි දැරුවෝය. එවිට ඔව්හු ඔහු නුවරින් පිටතට ගෙනගොස් ගල්ගසා මරා:
කමකට නැති දුර්ජනයෝවූ මනුෂ්‍යයෝ ඔහුට එකතුව සාලමොන්ගේ පුත්‍රවූ රෙහොබොවම්ට විරුද්ධව තමුන්ම සවිකරගත්තෝය, ඔහු බාලව සිතින් මෘදුව සිටි බැවින් ඔවුන්ට විරුද්ධව සිටින්ට ඔහුට බැරිවුණේය.
මෙසේ ඔහු රජු සමඟ කථාකරද්දී අමශියා ඔහුට කථාකොට: නුඹ රජුගේ මන්ත්‍රියෙකු කොට පත්කෙළෙමුද? නිකම් සිටින්න; නුඹ මරනු ලබන්නේ කුමටදැයි කීවේය. එවිට ප්‍රොපේත තෙම නැවතී: නුඹ මාගේ දැනමිතිකම නොඅසා මේක කළ බැවින් දෙවියන්වහන්සේ නුඹ විනාශකරන්ට නියමකරගත් බව මට පෙනේයයි කීවේය.
නුමුත් අමශියා ඇහුම්කන් නුදුන්නේය; මක්නිසාද ඔවුන් ඒදොම්හි දෙවිවරුන් වෙතට හැරුණු බැවින් ඔවුන් පාවාදෙන පිණිස ඒක දෙවියන්වහන්සේ කෙරෙන් පැමුණුණේය.
එසේ නුඹේ සිතෙන් ශෝකය පහකර නුඹේ මාංසයෙන් දුක දුරුකරන්න. මක්නිසාද යෞවන කාලයත් පුරුෂ අවස්ථාවත් නිෂ්ඵලකමය.
අහෝ ඉශ්‍රායෙල්, නුඹ ගිබියාහි දවස්වල පටන් පව්කෙළෙහිය. එහි ඔව්හු නැවතී සිටිති; දුෂ්ටකමේ පුත්‍රයන්ට විරුද්ධව පැමිණෙන යුද්ධයට ඔව්හු ගිබියාහිදී අසුනොවන්නෝද?
ගිබියාහි දවස්වලදී මෙන් ඔව්හු අධිකලෙස තමුන්ම දූෂ්‍යකරගත්තෝය. උන්වහන්සේ ඔවුන්ගේ අයුතුකම සිහිකර, ඔවුන්ගේ පාපවලට දඬුවම්කරනසේක.
මෙබඳු දේ කරන්නෝ මරණයට සුදුස්සෝය යන දෙවියන්වහන්සේගේ නියෝගය ඔව්හු දැනගනත් ඒ දේ කරති, එපමණක් නොව ඒ දේ කරන්නන් සමඟ එකඟද වෙති.
බෙලියෙල් සමඟ ක්‍රිස්තුස්වහන්සේගේ ඇති එකමුතුකම මොකද? නොහොත් නොඅදහන කෙනෙකු සමඟ ඇදහිලිවන්තයෙකුගේ ඇති කොටස මොකද?
නුඹලා දැන නොගත්තාවූ අන් දෙවිවරුන්ට සේවයකරන්ට යමුයයි කියමින් තමුන්ගේ නුවරවාසීන් අහක්කර ගන්නාලදැයි කියනවා නුඹ ඇසුවොත්,
ඒ අනාගතවක්තෘ හෝ ස්වප්නකාරයා මරනු ලැබිය යුතුය; මක්නිසාද යන ලෙස නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට අණකළ මාර්ගයෙන් නුඹ අහක්කිරීමට, නුඹලා මිසර දේශයෙන් පිටතට ගෙනාවාවූ, වහල්කමේ ගෙයින් නුඹලා මුදාගත්තාවූ නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගෙන් වෙන් වෙන්ටය කියා ඔහු කථාකළ නිසාය. මෙසේ නුඹලා අතරෙන් ඒ නපුර පහකරන්න.
නුඹලා අවට නුඹට කිට්ටුව හෝ නුඹෙන් ඈත්ව හෝ පොළොවේ එක් කොනක සිට අනික් කොන දක්වා සිටින මනුෂ්‍ය වර්ගයන්ගේ දෙවිවරුන්වූ,
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සේවයකිරීමට එහි සිටින පූජකයාටවත් විනිශ්චයකාරයාටවත් ඇහුම්කන් නොදී අහංකාර කමින් හැසිරෙන මනුෂ්‍යයා මරනු ලැබේවා. මෙසේ ඉශ්‍රායෙල්වරුන් අතරෙන් නපුර පහකරන්න.
ඔහු මරණ පිණිස පළමුකොට සාක්ෂිකාරයන්ගේ අත්ද පසුව මුළු සෙනඟගේ අත්ද ඔහු පිට තබනු ලැබේවා. මෙසේ නුඹලා අතරෙන් ඒ නපුර පහකරන්නෙහිය.
එවිට ඔහුගේ නුවර සියලු මනුෂ්‍යයෝ ඔහු මැරෙන පිණිස ඔහුට ගල්ගසත්වා. මෙසේ නුඹලා අතරෙන් දුෂ්ටකම පහකරන්න; මුළු ඉශ්‍රායෙල්ද අසා භය වෙනවා ඇත.
ඔව්හු ඈ ඇගේ පියාගේ දොරකඩ ළඟ පිටතට ගෙනවුත්, ඈ තම පියාගේ ගෙදරදී වේශ්‍යාකම් කොට ඉශ්‍රායෙල් අතරේ නින්දිතකම් කළ බැවින්, ඈ මැරෙන පිණිස නුවර මනුෂ්‍යයෝ ඈට ගල්ගසත්වා. මෙසේ නුඹලා අතරෙන් දුෂ්ටකම පහකරන්න.
ඒ යෞවනී නුවර සිටලාත් මොර නොගැසූ බැවින්ද ඒ මනුෂ්‍යයා තමාගේ අසල්වාසියාගේ භාර්යාවට අවමාන්න කළ බැවින්ද ඔවුන් දෙන්නාම ඒ නුවර දොරටුව ළඟට ගෙනගොස් ඔවුන් මැරෙන පිණිස ඔවුන්ට ගල්ගසන්න. මෙසේ නුඹලා අතරෙන් දුෂ්ටකම පහකරන්න.
යමෙකු විසින් ඉශ්‍රායෙල් පුත්‍රයන් වූ තමාගේ සහෝදරයන්ගෙන් කිසිවෙකු සොරකම්කොට ඔහු වාලට ගත් බව හෝ වික්ක බව හෝ දැනගන්ට ලැබුණොත්, ඒ සොරා මරනු ලබන්නේය. මෙසේ නුඹලා අතරෙන් දුෂ්ටකම පහකරන්න.
ඔවුන් තමුන්ගේ සිත් සන්තෝෂකරගන්න අතර, දුර්ජනයෝව සිටි ඒ නුවර සමහර මනුෂ්‍යයෝ ගේ වටකර සිට, දොරට ගසමින්, ගෙදර ස්වාමියාවූ මහලු මනුෂ්‍යයාට කථාකොට: නුඹේ ගෙදරට ඇවිත් සිටින මනුෂ්‍යයා අප විසින් ඇඳිනගන්නා පිණිස ඔහු පිටතට ගෙනෙන්නැයි කීවෝය.
ඉශ්‍රායෙල් ගෝත්‍රවල අය බෙන්යමින් ගෝත්‍රයේ සෑම තැන්වලට මනුෂ්‍යයන් යවමින්: නුඹලා අතරේ කළ මේ දුෂ්ටකම මොකද?
තවද බෙන්යමින් පුත්‍රයෝ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට විරුද්ධව යුද්ධකරන්ට යන පිණිස නුවරවලින් පිටත්ව ගිබියාට ඇවිත් රැස්වූවෝය.
මනුෂ්‍යයෙකුට විරුද්ධව මනුෂ්‍යයෙක් පව්කළොත් දෙවියන්වහන්සේ ඔහුට යුක්තිය කරනවා ඇත. නුමුත් ස්වාමීන්වහන්සේට විරුද්ධව මනුෂ්‍යයෙක් පව්කළොත් ඔහු වෙනුවට මැදහත්වන්නේ කවුදැයි ඔවුන්ට කීවේය. නුමුත් ඔව්හු තමුන්ගේ පියාගේ හඬට ඇහුම්කන් නුදුන්නෝය, මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔවුන් නසන්ට අභිප්‍රාකළසේක.
එවිට දාවිත් සමඟ ගිය මිනිසුන් අතරෙන් නපුරුවූ දුර්ජනවූ මිනිසුන් සියල්ලෝ කථාකොට: අප සමඟ නොගිය සියලු මිනිසුන්ට එක එකා තම තමාගේ භාර්යාවද දරුවන්ද අරගන යන පිණිස ඔවුන් දෙනවා මිස අප විසින් ගළවාගත් කොල්ලයෙන් කිසිවක් නොදෙමුයයි කීවෝය.