Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 13:5 - Sinhala Revised Old Version

5 ඒ අනාගතවක්තෘ හෝ ස්වප්නකාරයා මරනු ලැබිය යුතුය; මක්නිසාද යන ලෙස නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට අණකළ මාර්ගයෙන් නුඹ අහක්කිරීමට, නුඹලා මිසර දේශයෙන් පිටතට ගෙනාවාවූ, වහල්කමේ ගෙයින් නුඹලා මුදාගත්තාවූ නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගෙන් වෙන් වෙන්ටය කියා ඔහු කථාකළ නිසාය. මෙසේ නුඹලා අතරෙන් ඒ නපුර පහකරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 ඒ දිවැසිවරයා හෝ ස්වප්න තෝරන්නා හෝ මරණයට පත් කළ යුතු ය. මන්ද, මිසර දේශයෙන් ඔබ පිටතට ගෙනා, වහල්කමේ නිවාසයෙන් ඔබ මුදාගත්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගෙන් ඔබ ඈත් කිරීමට ඔහු වැරවෑයම් කළ බැවිනි. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට අණ කළ මාර්ගයෙන් ඔබ ඉවත් කිරීමට ඔහු වෑයම් කළ බැවින් ඔබ අතරෙන් එවැනි නපුරක් පහකොට දැමිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 ඒ දිවැසිවරයා හෝ ස්වප්න තෝරන්නා හෝ මරණයට පත් කළ යුතු ය. මන්ද, මිසර දේශයෙන් ඔබ පිටතට ගෙනා, වහල්කමේ නිවාසයෙන් ඔබ මුදාගත්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගෙන් ඔබ ඈත් කිරීමට ඔහු වැරවෑයම් කළ බැවිනි. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට අණ කළ මාර්ගයෙන් ඔබ ඉවත් කිරීමට ඔහු වෑයම් කළ බැවින් ඔබ අතරෙන් එවැනි නපුරක් පහකොට දැමිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 13:5
34 හුවමාරු යොමු  

එහෙත් පිටත සිටින්නන් දෙවියන්වහන්සේ විනිශ්චයකරනසේක. ඒ දුෂ්ටයා නුඹලා අතරෙන් පහකරන්න.


එහෙත් කියන්ට මා විසින් අණ නොකළ වචනයක් මාගේ නමින් හිතුවක්කාරකමින් කථාකරන්නාවූ නොහොත් අන් දෙවිවරුන්ගේ නාමයෙන් කථාකරන්නාවූ අනාගතවක්තෘ කෙනෙක් වේ නම් ඒ තෙමේ මරනු ලබන්නේය.


එබැවින්, මා විසින් නොඑවූ නුමුත් මාගේ නාමයෙන් අනාගතවාක්‍ය කියන්නාවූ–කඩුවවත් සාගතයවත් මේ දේශයට නොපැමිණෙන්නේයයි කියන්නාවූ අනාගතවක්තෘවරුන් ගැන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: කඩුවෙනුත් සාගතයෙනුත් ඒ අනාගතවක්තෘවරුම නැතිවන්නෝය.


යමෙකු විසින් ඉශ්‍රායෙල් පුත්‍රයන් වූ තමාගේ සහෝදරයන්ගෙන් කිසිවෙකු සොරකම්කොට ඔහු වාලට ගත් බව හෝ වික්ක බව හෝ දැනගන්ට ලැබුණොත්, ඒ සොරා මරනු ලබන්නේය. මෙසේ නුඹලා අතරෙන් දුෂ්ටකම පහකරන්න.


ඔව්හු ඈ ඇගේ පියාගේ දොරකඩ ළඟ පිටතට ගෙනවුත්, ඈ තම පියාගේ ගෙදරදී වේශ්‍යාකම් කොට ඉශ්‍රායෙල් අතරේ නින්දිතකම් කළ බැවින්, ඈ මැරෙන පිණිස නුවර මනුෂ්‍යයෝ ඈට ගල්ගසත්වා. මෙසේ නුඹලා අතරෙන් දුෂ්ටකම පහකරන්න.


ඔහු තමාගේ සහෝදරයාට කරන්ට සිතූ හැටියටම ඔහුට කරන්න. මෙසේ නුඹලා අතරෙන් නපුර පහකරන්න.


ඔහු මරණ පිණිස පළමුකොට සාක්ෂිකාරයන්ගේ අත්ද පසුව මුළු සෙනඟගේ අත්ද ඔහු පිට තබනු ලැබේවා. මෙසේ නුඹලා අතරෙන් ඒ නපුර පහකරන්නෙහිය.


වහල්කමේ ගෙයවූ මිසර දේශයෙන් නුඹ පිටතට ගෙනාවාවූ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙන් නුඹ අහක්කරන්ට සෙවූ බැවින්, ඔහු මැරෙන පිණිස ඔහුට ගල්ගසන්ට ඕනෑය.


එකල මෘගයාද ඌ ඉදිරියෙහි ඒ හාස්කම්කර උගේ සලකුණ ලැබූවන් සහ උගේ රූපයට නමස්කාරකළවුන් රැවටුවාවූ බොරු අනාගතවක්තෘද අල්ලනු ලැබුවෝය. ඔවුන් දෙදෙනාම ගෙන්දගමින් දැවෙන ගිනිවිලට පණපිටින් හෙළනු ලැබුවෝය.


නුමුත් මායාකාර යන අර්ථ ඇති එලිමස් නම් තැනැත්තේ අධිපතියා ඇදහීමෙන් ඉවතට හරවාගන්ට අදහස්කරමින්, ඔවුන්ට විරුද්ධව සිටියේය.


නුමුත් යමෙක් නැවත අනාගතවාක්‍ය කීවොත් ඔහුගේ පියාත් ඔහුගේ මවුත් වන ඔහු ඉපදෙවූ අයම: නුඹ ස්වාමීන්වහන්සේගේ නාමයෙන් බොරුවූ දේ කථාකරන බැවින් නුඹට ජීවත්වෙන්ට නොලැබේයයි ඔහුට කියා, ඔහු අනාගතවාක්‍ය කියන විට ඔහුගේ පියාත් ඔහුගේ මවුත් වන ඔහු ඉපදෙවූ අයම ඔහුට ඇන මරනවා ඇත.


මාගේ සෙනඟ වනාහි නැතිවූ බැටළුවෝ සිටියෝය. ඔවුන්ගේ එඬේරු ඔවුන් මුළාකරවා, කඳුවල ඉවත යන්ට සැලැස්සුවෝය. ඔව්හු කන්දෙන් හෙලට ගොස්, තමුන්ගේ ලැගුම්පල මතක නැතිකළෝය.


එලියා ඔවුන්ට කථාකොට: බාල්ගේ ප්‍රොපේතවරුන්ගෙන් එක්කෙනෙකුටවත් ගැළවීයන්ට නොදී ඔවුන් අල්වාගන්නැයි කීවේය. ඔව්හු ඔවුන් අල්වාගත්තෝය. එලියා ඔවුන් කීෂොන් ඔය ළඟට ගෙනගොස් එහිදී ඔවුන් මැරුවේය.


ඒ යෞවනී නුවර සිටලාත් මොර නොගැසූ බැවින්ද ඒ මනුෂ්‍යයා තමාගේ අසල්වාසියාගේ භාර්යාවට අවමාන්න කළ බැවින්ද ඔවුන් දෙන්නාම ඒ නුවර දොරටුව ළඟට ගෙනගොස් ඔවුන් මැරෙන පිණිස ඔවුන්ට ගල්ගසන්න. මෙසේ නුඹලා අතරෙන් දුෂ්ටකම පහකරන්න.


මක්නිසාද ඔවුන් අන් දෙවිවරුන්ට සේවයකරන පිණිස නුඹේ පුත්‍රයා මා අනුව යාමෙන් අහකට හරවාගන්නවා ඇත. එවිට ස්වාමීන්වහන්සේගේ උදහස නුඹට විරුද්ධව ඇවිළ උන්වහන්සේ වහාම නුඹ විනාශකරනවා ඇත.


නුඹේ ඇස් අහස දෙසට ඔසවා ඉර සඳ තාරකා යන සියලු අහස් සේනාව දකින කල මුළු අහසින් යට සිටින සියලු ජාතීන්ට නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කොටස්කර දී තිබෙන ඒ දේවලට නමස්කාරකිරීමටත් සේවය කිරීමටත් ඇදී නොයන හැටියටද හොඳට ප්‍රවේසම් වන්න.


නුඹ විසින් ඔහු මැරිය යුතුමය; ඔහු මරන පිණිස පළමුකොට නුඹේ අතද පසුව මුළු සෙනඟගේ අත්ද ඔහු පිට තබනු ලැබේවා.


ඒ නුවරවාසීන්ට කඩුමුවහතින් පහරදී එයද එහි ඇති සියල්ලද ගවයන්ද කඩුමුවහතින් සහමුලින් විනාශකරන්න.


ඒ නපුරු දේ කළාවූ ඒ පුරුෂයා හෝ ඒ ස්ත්‍රිය හෝ නුඹේ දොරටු ළඟට ගෙනවුත්, ඒ පුරුෂයා හෝ ස්ත්‍රිය මැරෙණ පිණිස ඔවුන්ට ගල් ගසන්න.


ඉතින් අප විසින් ගිබියාහි සිටින දුර්ජන මනුෂ්‍යයන් මරා ඉශ්‍රායෙල්වරුන් අතරෙන් නපුර පහකර දමන පිණිස ඔවුන් අපට පාවාදෙන්නැයි කීවෝය. නුමුත් බෙන්යමින් පුත්‍රයෝ තමුන්ගේ සහෝදරවූ ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ හඬට ඇහුම්කන් දෙන්ට නොකැමතිවූහ.


බලව, මම නෙහෙලාමිය ෂෙමායාටත් ඔහුගේ වංශයටත් දඬුවම්කරන්නෙමි; ඔහු ස්වාමීන්වහන්සේට විරුද්ධව කැරළිකාර වචන කථාකළ බැවින් මේ සෙනඟ අතරේ වාසයකිරීමට මනුෂ්‍යයෙක් ඔහුට නොවන්නේය, මා විසින් මාගේ සෙනඟට කරන යහපත ඔහු දකින්නෙක් නැත කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි කියා අරින්නැයි කීවේය.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නුඹ විසින් භයවෙන්ටත් උන්වහන්සේටම සේවයකරන්ටත් උන්වහන්සේගේ නාමයෙන් දිවුරන්ටත් ඕනෑය.


මාගේ දුකේදී එයින් කෑවේවත්, අපවිත්‍රකමේදී එයින් අහක්කළේවත්, මළ කෙනෙකු උදෙසා එයින් දුන්නේවත් නැත. මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට කන්දී, ඔබ මට අණකළ සියල්ල ලෙස කෙළෙමි.


නුඹලා අද දවස දක්වා කළ හැටියට නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ම ඇලුම්ව සිටින්න.


නුඹලා ස්වාමීන්වහන්සේගේ අණට විරුද්ධව කැරළි නොගසා උන්වහන්සේට භයව උන්වහන්සේට සේවයකොට උන්වහන්සේගේ හඬට කීකරුව සිටිනවානම්, නුඹලාත් නුඹලා කෙරෙහි රජකම්කරන රජුත් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ පස්සේ යනවානම්, යෙහෙකි.


මෙසේ ඔහු සමඟ ඔහු හැරී ගොස් ඔහුගේ ගෙදර කෑම කා වතුර බීවේය.


රජ ස්වකීය ස්ථානයෙහි සිට ඒ පොතෙහි ලියනලද ගිවිසුමේ වචන ඉෂ්ටකිරීමට, ස්වාමීන්වහන්සේ අනුවයන හැටියටත් උන්වහන්සේගේ ආඥාද ශික්ෂාද පනත්ද තමාගේ මුළු සිතින්ද තමාගේ මුළු ආත්මයෙන්ද පවත්වන හැටියටත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ගිවිසුමක් කෙළේය.


නුමුත් මා ඔවුන්ට අණකළේ: මාගේ හඬට කීකරුවෙන්න, එවිට මම නුඹලාගේ දෙවියන්වහන්සේ වන්නෙමි, නුඹලාද මාගේ සෙනඟ වන්නහුය. නුඹලාට ශුභසිද්ධවන පිණිස මා නුඹලාට අණකරන්නාවූ මුළු මාර්ගයෙහි හැසිරෙන්නය යන දේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්