ආහබ්ද: අහෝ මාගේ සතුර, නුඹ මා සොයාගත්තෙහිදැයි එලියාට කීය. ඔහුද: නුඹ සොයාගත්තෙමි. මක්නිසාද නුඹ ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබෙනදේ කරන්ට නුඹම භාරවී සිටිනෙහිය.
විනිශ්චයකාරයෝ 16:18 - Sinhala Revised Old Version ඔහු තමාගේ සිතේ තිබුණු සියල්ල තමාට කී බව දෙලීලා දැන පිලිස්තිවරුන්ගේ අධිපතිවරුන් අඬගස්වමින්: මේ වතාවේ එන්න, මක්නිසාද ඔහු තමාගේ සිතේ තිබෙන සියල්ල මට කියා තිබේයයි දන්වා ඇරියාය. එවිට පිලිස්තිවරුන්ගේ අධිපතීහු තමුන්ගේ අත්වල මුදල් ඇතුව ඈ ළඟට ආවෝය. Sinhala New Revised Version සම්සොන් තමාගේ සිතේ තිබුණු සම්පූර්ණ රහස ඈට කී බව දෙලීලා දැන, පිලිස්තිවරුන්ගේ අධිපතීන් කැඳවමින්, “මේ වතාවේ දී එන්න; මන්ද, ඔහු තමාගේ සිතේ තිබෙන සම්පූර්ණ රහස මට කියා තිබේ ය”යි දන්වා යැව්වා ය: එවිට පිලිස්තිවරුන්ගේ අධිපතීහු මුදල් රැගෙන ඈ ළඟට ආහ. Sinhala New Revised Version 2018 සම්සොන් තමාගේ සිතේ තිබුණු සම්පූර්ණ රහස ඈට කී බව දෙලීලා දැන, පිලිස්තිවරුන්ගේ අධිපතීන් කැඳවමින්, “මේ වතාවේ දී එන්න; මන්ද, ඔහු තමාගේ සිතේ තිබෙන සම්පූර්ණ රහස මට කියා තිබේ ය”යි දන්වා යැව්වා ය: එවිට පිලිස්තිවරුන්ගේ අධිපතීහු මුදල් රැගෙන ඈ ළඟට ආහ. |
ආහබ්ද: අහෝ මාගේ සතුර, නුඹ මා සොයාගත්තෙහිදැයි එලියාට කීය. ඔහුද: නුඹ සොයාගත්තෙමි. මක්නිසාද නුඹ ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබෙනදේ කරන්ට නුඹම භාරවී සිටිනෙහිය.
සැබවින් අධමයෝ නිෂ්ඵලකමය, උත්තමයෝද බොරුවක්ය. තරාදියෙහි දැමුවොත් ඔවුන් ඉහළට යනවා ඇත; ඔව්හු එක්වූවත් නිෂ්ඵලකමට වඩා සැහැල්ලුය.
මෝවබ්හි වැඩිමහල්ලෝද මිදියන්හි වැඩිමහල්ලෝද පේන කීමට දෙන තෑගි අතේ ඇතුව පිටත්ව බාලාම් වෙතට පැමිණ බාලාක්ගේ වචන ඔහුට කීවෝය.
ඔහු නුඹලාට පාවාදෙන්ට නුඹලා මට දෙන්ට කැමති මොනවාදැයි ඇසුවේය. ඔව්හු රිදී මිල තිහක් ඔහුට කිරා දුන්නෝය.
මක්නිසාද වේශ්‍යාකම් කරන්නෙකුටවත් අපවිත්‍ර තැනැත්තෙකුටවත් රූපවඳින්නෙක්වූ ලෝභයෙකුටවත් ක්‍රිස්තුස්වහන්සේගේද දෙවියන්වහන්සේගේද රාජ්‍යයෙහි උරුමයක් නොලැබෙන බව නුඹලා සත්තකලෙස දැන සිටින්නහුය.
මක්නිසාද වස්තු තෘෂ්ණාව සියලු ආකාර නපුරේ මුලක්ය. සමහරු ඊට ආලයවී ඇදහිල්ලෙන් මුළාව ගොස්, බොහෝ වේදනාවලින් තුමූම ඇනගත්තෝය.
ඔහු තමාගේ සිතේ තිබුණු සියල්ල ඈට දැන්වූවාය: මා මව්කුස පටන් දෙවියන්වහන්සේට කැපවූ නාශරියයෙක් බැවින් දැළිපිහියක් මාගේ හිසට ළංනොකරන ලද්දේය. මාගේ හිස බූගෑවොත් මාගේ ශක්තිය මාගෙන් නැතිවී යන්නේය, මාද බෙලහීනව වෙන මනුෂ්‍යයෙකු මෙන් වෙනවා ඇතැයි ඈට කීවාය.
ඈ තමාගේ උකුළ පිට ඔහු නිදන්ට සලස්වා, මිනිහෙකු කැඳවා, ඔහුගේ හිසේ සැඩපළු සත කපාදමා, ඔහුට පීඩාකරන්ට පටන්ගත්තාය, ඔහුගේ ශක්තියද ඔහුගෙන් පහව ගියේය.
පිලිස්තිවරුන්ගේ අධිපතිවරු ඈ ළඟට අවුත් ඈට කථාකොට: නුඹ ඔහු පොළඹවාගන ඔහුගේ මහත් ශක්තිය තිබෙන්නේ කොතැන්හිද කියාත් අප විසින් ඔහුට පීඩාකිරීමට ඔහු බඳින පිණිස ඔහු දමනයකරන්ට පුළුවන් කොහොමද කියාත් දැන ගන්න. එවිට අපි එක් එක්කෙනා රිදී එකොළොස් සියයක් බැගින් නුඹට දෙන්නෙමුයයි කීවෝය.