Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 16:19 - Sinhala Revised Old Version

19 ඈ තමාගේ උකුළ පිට ඔහු නිදන්ට සලස්වා, මිනිහෙකු කැඳවා, ඔහුගේ හිසේ සැඩපළු සත කපාදමා, ඔහුට පීඩාකරන්ට පටන්ගත්තාය, ඔහුගේ ශක්තියද ඔහුගෙන් පහව ගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 ඈ තමාගේ උකුල පිට ඔහු නිදි කරවා, මිනිසෙකු කැඳවා, ඔහුගේ හිසේ කෙස් රොදවල් සත කපා දමා, ඔහු පුබුදුවන්නට ඔහුට ගැසූ නමුත්, ඔහුගේ ශක්තිය ඔහුගෙන් පහ ව ගොස් තිබුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 ඈ තමාගේ උකුල පිට ඔහු නිදි කරවා, මිනිසෙකු කැඳවා, ඔහුගේ හිසේ කෙස් රොදවල් සත කපා දමා, ඔහු පුබුදුවන්නට ඔහුට ගැසූ නමුත්, ඔහුගේ ශක්තිය ඔහුගෙන් පහ ව ගොස් තිබුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 16:19
6 හුවමාරු යොමු  

එවිට මලපත් සහ දැල් වැනි සිතක්ද බැඳුම් වැනි අත්ද ඇති ස්ත්‍රිය මරණයට වඩා තික්ත බව දැනගතිමි. දෙවියන්වහන්සේ ඉදිරියෙහි යහපත්ව සිටින්නා ඇගෙන් ගැළවෙන්නේය; නුමුත් පව්කාරයා ඈට අසුවන්නේය.


ඔහු තමාගේ සිතේ තිබුණු සියල්ල තමාට කී බව දෙලීලා දැන පිලිස්තිවරුන්ගේ අධිපතිවරුන් අඬගස්වමින්: මේ වතාවේ එන්න, මක්නිසාද ඔහු තමාගේ සිතේ තිබෙන සියල්ල මට කියා තිබේයයි දන්වා ඇරියාය. එවිට පිලිස්තිවරුන්ගේ අධිපතීහු තමුන්ගේ අත්වල මුදල් ඇතුව ඈ ළඟට ආවෝය.


ඈද: සම්සොන්, පිලිස්තිවරු නුඹ අල්ලන්ට එත්යයි කීවාය. එවිට ඔහු නින්දෙන් පිබිද, ස්වාමීන්වහන්සේ තමා කෙරෙන් අහක්ව ගිය බව නොදැන, වෙන වතාවලදී මෙන් පිටතට ගොස් බැඳුම්වලින් නිදහස්වන්නෙමියි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්