ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




විනිශ්චයකාරයෝ 13:1 - Sinhala Revised Old Version

ඉශ්‍රායෙල් පුත්‍රයෝ නැවතත් ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කළෝය; ස්වාමීන්වහන්සේද ඔවුන් පිලිස්තිවරුන්ගේ අතට සතළිස් අවුරුද්දකට පාවාදුන්සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඉශ්රායෙල් සෙනඟ නැවතත් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පව් කළෝ ය. සමිඳාණන් වහන්සේ ඔවුන් පිලිස්තිවරුන්ගේ අතට සතළිස් අවුරුද්දකට පාවා දුන් සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඉශ්රායෙල් සෙනඟ නැවතත් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පව් කළෝ ය. සමිඳාණන් වහන්සේ ඔවුන් පිලිස්තිවරුන්ගේ අතට සතළිස් අවුරුද්දකට පාවා දුන් සේක.

පරිච්ඡේදය බලන්න



විනිශ්චයකාරයෝ 13:1
16 හුවමාරු යොමු  

කූෂ් වැසියාට තමාගේ හමවත් අඳුන් දිවියාට උගේ තිත්වත් වෙනස්කරන්ට පුළුවන්ද? පුළුවන් නම්, නපුර කරන්ට පුරුදුව සිටින නුඹලාටත් යහපත කරන්ට පුළුවන්වේ.


උන්වහන්සේ සියලු මනුෂ්‍යයන්ට තම තමුන්ගේ ක්‍රියා ලෙස විපාකදී,


මම තව මක්කියම්ද? ගිඩියොන්ද බාරක්ද සම්සොන්ද යෙප්තාද දාවිත්ද සාමුවෙල්ද ප්‍රොපේතවරුන්ද ගැන කියන්ට කල් මදිය.


ඉශ්‍රායෙල් පුත්‍රයෝ නැවතත් ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණ දේ කොට බාල්දේවතාවුන්ටත් අෂ්ටාරොත්ටත් සිරියේ දෙවිවරුන්ටත් ශීදොන්හි දෙවිවරුන්ටත් මෝවබ්හි දෙවිවරුන්ටත් අම්මොන් පුත්‍රයන්ගේ දෙවිවරුන්ටත් පිලිස්තිවරුන්ගේ දෙවි වරුන්ටත්, සේවයකළෝය; ස්වාමීන්වහන්සේට සේවය නොකොට උන්වහන්සේ අත්හැරියෝය.


ස්වාමීන්වහන්සේගේ උදහස ඉශ්‍රායෙල්ට විරුද්ධව ඇවිළී, උන්වහන්සේ ඔවුන් පිලිස්තිවරුන් අතටද අම්මොන් පුත්‍රයන් අතටද පාවාදුන්සේක.


පිරාතෝනිය හිල්ලෙල්ගේ පුත්‍රවූ අබ්දොන්ද මැරී එප්‍රායිම් රටේ අමලෙක්වරුන්ගේ කඳුකරයේ පිරාතෝන්හි තැන්පත්කරන ලද්දේය.


ඒ කාරණය ස්වාමීන්වහන්සේගෙන් පැමුණුණු බව ඔහුගේ මව්පියෝ නොදැන සිටියෝය; මක්නිසාද ඔහු පිලිස්තිවරුන්ට විරුද්ධව ප්‍රස්තාවක් සෙවුවේය. ඒ කාලයේදී පිලිස්තිවරු ඉශ්‍රායෙල් කෙරෙහි ආණ්ඩුකළෝය.


එවිට යූදා මනුෂ්‍යයන්ගෙන් තුන් දහසක් ඒතාම් පර්වත විවරය ළඟට බැස සම්සොන්ට කථාකොට: පිලිස්තිවරුන් අප කෙරෙහි ආණ්ඩුකරන බව නුඹ දන්නේ නැද්ද? එහෙනම් නුඹ මේ අපට කරලා තිබෙන්නේ මොකදැයි කීවෝය. ඔවුන් මට කළ ලෙසම මමත් ඔවුන්ට කෙළෙමියි ඔහු කීය.


ඔහු පිලිස්තිවරුන්ගේ දවස්වල විසි අවුරුද්දක් ඉශ්‍රායෙල්වරුන් විනිශ්චයකෙළේය.


ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නපුරුව තිබෙන දේ කොට බාල් දේවතාවුන්ට සේවයකළෝය.


ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණුදේ කළෝය, ඔව්හු තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සිහිනැතිකොට බාල් දේවතාවුන්ටත් අෂේරීන්ටත් සේවයකළෝය.


ඒහුද් මැරුණායින් පසු ඉශ්‍රායෙල් පුත්‍රයෝ නැවත ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කළෝය.


ඉශ්‍රායෙල් පුත්‍රයෝ වනාහි ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කළෝය. ස්වාමීන්වහන්සේ ඔවුන් මිදියන්වරුන් අතට සත් අවුරුද්දකට පාවාදුන්සේක.


එහෙත් ඔව්හු තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මතකනැතිකළෝය, එවිට උන්වහන්සේ හාශොර්හි සේනාපතියාවූ සීසෙරා අතටත් පිලිස්තිවරුන් අතටත් මෝවබ්හි රජු අතටත් ඔවුන් පාවාදුන්සේක, ඔව්හුද ඔවුන්ට විරුද්ධව යුද්ධකළෝය;


පිලිස්තිවරුනි, ශක්තිමත්ව පුරුෂයන්මෙන් සිටින්න, හෙබ්‍රෙව්වරුන් නුඹලාට මෙහෙකරුවන් වූ ලෙස නුඹලා ඔවුන්ට මෙහෙකරුවන් නොවන පිණිස පුරුෂයන් මෙන් සිට සටන්කරන්නැයි කීවෝය.


මෙසේ පිලිස්තිවරු යටත්කරනු ලැබ, තවත් ඉශ්‍රායෙල්ගේ සීමාවට ඇතුල්නුවූහ. ස්වාමීන්වහන්සේගේ හස්තයද සාමුවෙල්ගේ සියලු දවස්වල පිලිස්තිවරුන්ට විරුද්ධව තිබුණේය.