ලෙවී කථාව 4:11 - Sinhala Revised Old Version ඒවා දවා ගොනාගේ හමද උගේ මාංස සියල්ලද හිසද කකුල්ද Sinhala New Revised Version ඉන්පසු ඔහු වස්සාගේ සම ද මස් සියල්ල ද හිස ද කකුල් ද අතුණු සහ ගොම ද Sinhala New Revised Version 2018 ඉන්පසු ඔහු වස්සාගේ සම ද මස් සියල්ල ද හිස ද කකුල් ද අතුණු සහ ගොම ද |
තවද ශුද්ධස්ථානයෙහි සමගිකමක් කරන පිණිස ලේ ගන්ට යෙදුණු පාප පූජාවේ ගොනාද පාප පූජාවේ එළුවාද කඳවුරෙන් පිටතට ගෙන ගොස් උන්ගේ හම්ද මාංසද ගොමද ගින්නෙන් පුලුස්සා දැමිය යුතුය.
ඔහු ඒ ගොනා කඳවුරෙන් පිටතට ගෙනගොස් ප්‍රථම ගොනා දැවුවාක් මෙන් ඌ දැවිය යුතුය. එය සමූහයා උදෙසා පාප පූජාවය.
ශුද්ධ ස්ථානයෙහි සමගි කිරීම පිණිස යම් පාප පූජාවක ලේවලින් සම්මුඛවීමේ කූඩාරමට ගෙනෙනු ලැබේද ඒ පූජාව නොකෑ යුතුය. එය ගින්නෙන් දවනු ලබන්නේය.
නුඹලා ඌ පූජකවූ එලෙයාසර්ට දෙන්න, ඔහු ඌ කඳවුරෙන් පිටතට ගෙනයේවා, ඌ ඔහු ඉදිරියෙහි යම් කෙනෙකු විසින් මරනු ලැබේවා.
ඔහු ඉදිරියෙහි යම් කෙනෙක් ඒ ගොන් නෑම්බිය පුළුස්සා දමාවා; උගේ හමද මාංසද ලේද ගොම සමඟ පුළුස්සා දමාවා.