Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 16:27 - Sinhala Revised Old Version

27 තවද ශුද්ධස්ථානයෙහි සමගිකමක් කරන පිණිස ලේ ගන්ට යෙදුණු පාප පූජාවේ ගොනාද පාප පූජාවේ එළුවාද කඳවුරෙන් පිටතට ගෙන ගොස් උන්ගේ හම්ද මාංසද ගොමද ගින්නෙන් පුලුස්සා දැමිය යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 ශුද්ධස්ථානය පිළිබඳ පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කිරීමට ලේ ගෙනෙන ලද, පාප පූජාවට පිදූ ගොන් වස්සා සහ එළුවා කඳවුරින් පිටතට ගෙනගොස්, උන්ගේ හම්, මස්, අතුණු සහ ගොම ගින්නේ පිළිස්සිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

27 ශුද්ධස්ථානය පිළිබඳ පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කිරීමට ලේ ගෙනෙන ලද, පාප පූජාවට පිදූ ගොන් වස්සා සහ එළුවා කඳවුරින් පිටතට ගෙනගොස්, උන්ගේ හම්, මස්, අතුණු සහ ගොම ගින්නේ පිළිස්සිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 16:27
8 හුවමාරු යොමු  

ශුද්ධ ස්ථානයෙහි සමගි කිරීම පිණිස යම් පාප පූජාවක ලේවලින් සම්මුඛවීමේ කූඩාරමට ගෙනෙනු ලැබේද ඒ පූජාව නොකෑ යුතුය. එය ගින්නෙන් දවනු ලබන්නේය.


ඔහු ඒ ගොනා කඳවුරෙන් පිටතට ගෙනගොස් ප්‍රථම ගොනා දැවුවාක් මෙන් ඌ දැවිය යුතුය. එය සමූහයා උදෙසා පාප පූජාවය.


එහෙත් ගොනා සහ උගේ සමද මාංසයද ගොමද ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ඔහු කඳවුරෙන් පිටත ගින්නෙන් පුලුස්සාදැමුවේය.


ඔහු තමාගේ ඇඳුම් ගළවා වෙන ඇඳුම් ඇඳගෙන කඳවුරෙන් පිට පවිත්‍ර තැනකට අළු ගෙනේවා.


පූජකයෙකුගේ සියලු ආහාර පූජා සහමුලින්ම දවනු ලබන්ට ඕනෑය. ඒවා නොකෑ යුතුයයි කීසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්