තවද ගිලියද්හි විසූවන්ගෙන් එක්නෙක්වූ තිෂ්බිය එලියා ආහබ්ට කථාකොට: මා සේවයකරන ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම මාගේ වචනය ලෙස මිස මේ අවුරුදුවල පිනිවත් වැස්සවත් නොවන්නේයයි කීයේය.
ලෙවී කථාව 26:4 - Sinhala Revised Old Version මම නියම සෘතුවෙහි නුඹලාගේ වර්ෂාවල් දෙන්නෙමි, දේශය එහි වර්ධනයන් දෙන්නීය, කෙතේ ගස්ද ඒවායේ ඵල දෙන්නේය. Sinhala New Revised Version මම නියම කාලයේ දී වැසි වස්වන්නෙමි. දේශය ද සරුසාර අස්වැන්නක් නිපදවනු ඇත. කෙත්වල ගස් ද පලදාව නිපදවන්නේ ය. Sinhala New Revised Version 2018 මම නියම කාලයේ දී වැසි වස්වන්නෙමි. දේශය ද සරුසාර අස්වැන්නක් නිපදවනු ඇත. කෙත්වල ගස් ද පලදාව නිපදවන්නේ ය. |
තවද ගිලියද්හි විසූවන්ගෙන් එක්නෙක්වූ තිෂ්බිය එලියා ආහබ්ට කථාකොට: මා සේවයකරන ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම මාගේ වචනය ලෙස මිස මේ අවුරුදුවල පිනිවත් වැස්සවත් නොවන්නේයයි කීයේය.
උන්වහන්සේ තමන් උඩුමහල්වලින් කඳු තෙමනසේක. පොළොව ඔබගේ ක්‍රියාවල ඵලයෙන් තෘප්තියට පැමිණෙන්නීය.
පොළොව ස්වකීය වර්ධනය දී තිබේ. දෙවියන්වහන්සේ, එනම් අපේම දෙවියන්වහන්සේ, අපට ආශීර්වාද කරනසේක.
උන්වහන්සේද නුඹ පොළොවෙහි වපුරන නුඹේ බීජවලට වර්ෂාවද බිමේ අස්වැන්නෙන් කෑමද දෙනසේක, එය සාරවත්ව වර්ධනයවන්නේය. ඒ දවසෙහි නුඹේ සිව්පාවෝ විශාල ගොදුරු බිම්වල තෘණ කන්නෝය.
මම ඒක පාළුවට අරින්නෙමි; එහි අතු පාහිනු ලබන්නේවත් එය කොටනු ලබන්නේවත් නැත. නුමුත් කටු ගස් සහ ගොකටු එහි හටගන්නවා ඇත. එහි වැසි නොවසින හැටියට වලාකුල්වලට අණකරන්නෙමි.
වර්ෂාව වස්වන කෙනෙක් ජාතීන්ගේ නිෂ්ඵල දෙවිවරුන් අතරේ ඇද්ද? නොහොත් වැහිවලා දෙන්ට අහසට පුළුවන්ද? අපේ දෙවිවූ ස්වාමීන්වහන්ස, මේ දේ කරන්නේ ඔබ නොවේද? එබැවින් අපි ඔබ ගැන බලා සිටින්නෙමුව; මක්නිසාද ඔබම මේ සියල්ල කළසේක.
නුඹලා ජාතීන් අතරෙහි සාගතයේ නින්දාව තවත් නොලබන පිණිස මම ගස්වල ඵලද කෙත්වල අස්වැන්නද වැඩිකරන්නෙමි.
වනයේ මෘගයෙනි, භය නොවව්; මක්නිසාද කාන්තාරයේ ගොදුරු-බිම්වල තෘණ අටගනියි, ගස්ද ඵලදෙයි, අත්තික්කා ගසද මිදි වැලද ඒවායේ ස්වරසය දෙති.
හවෙනි අවුරුද්දේ තුන් අවුරුද්දකට අස්වැන්න ලැබෙන හැටියට මාගේ ආශීර්වාදය නුඹලා කෙරෙහි පැමිණෙන්ට අණකරන්නෙමි.
මක්නිසාද සමාදාන බීජ තිබෙයි; මුද්‍රිකවැල එහි ඵලද භූමිය එහි අස්වැන්නද ආකාශය එහි පිනිද දෙනවා ඇත; මේ සෙනඟගෙන් ඉතිරි අයට මේ සියල්ල උරුමකරදෙන්නෙමි.
මෙසේ නුඹලා ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන්වහන්සේගේ පුත්‍රයෝ වන්නෝය. මක්නිසාද උන්වහන්සේ නපුරන්ටත් යහපතුන්ටත් තමන් ඉර උදාකරවනසේක, ධර්මිෂ්ඨයන්ටත් අධර්මිෂ්ඨයන්ටත් වැසි වස්වනසේක.
එහෙත් උන්වහන්සේ අහසෙන් වර්ෂාව සහ සාරවත් කාලවල් නුඹලාට දී, කෑමෙන්ද සන්තෝෂයෙන්ද නුඹලාගේ සිත් පුරවමින්, යහපත්කම් කළ බැවින්, තමන්වහන්සේ ගැන සාක්ෂි නොදී නොසිටියසේකැයි කීවෝය.
ඉදින් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නුඹලා ප්‍රේමකොට නුඹලාගේ මුළු සිතෙනුත් මුළු ආත්මයෙනුත් උන්වහන්සේට සේවයකරන ලෙස, මා අද නුඹලාට අණකරන මාගේ අණට නුඹලා ඇත්තටම කීකරුවුණොත්,
නුඹේ ධාන්‍ය හා මුද්‍රික ඵලද තෙල්ද රැස්කරගන්නා පිණිස මම නිසි කාලයට නුඹලාගේ දේශයෙහි වර්ෂාව එනම් ප්‍රථම වර්ෂාවද අන්තිම වර්ෂාවද දෙන්නෙමි.
ස්වාමීන්වහන්සේ නිසි කාලයට නුඹේ දේශයට වර්ෂාව දෙන්ටද නුඹේ අත්වල සියලු වැඩට ආශීර්වාද කරන්ටද අහස නමැති තමන්ගේ උතුම් ගබඩාව නුඹට විවෘත කරනසේක. නුඹ බොහෝ ජාතීන්ට ණයට දෙන නුමුත් නුඹ ණයට නොගන්නෙහිය.
එබැවින්, සහෝදරයෙනි, ස්වාමීන්වහන්සේගේ ඊම දක්වා ඉවසන්න. බලව, ප්‍රථම සහ අන්තිම වර්ෂාව පැමිණෙන තුරු ඉවසමින් ගොවියා පොළොවේ අනර්ඝ ඵල ගැන බලාසිටී.
තමුන්ගේ අනාගතවාක්‍යයේ දවස්වලදී වැසි නොවසින ලෙස අහස්තලය පියන්ට මොවුන්ට බලය තිබේ. වතුර කෙරෙහි කැමති විටක වතුර ලේ කරන්ටත් සියලු පීඩාවලින් පොළොවට පහරදෙන්ටත් ඔවුන්ට බලය තිබේ.