Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 104:13 - Sinhala Revised Old Version

13 උන්වහන්සේ තමන් උඩුමහල්වලින් කඳු තෙමනසේක. පොළොව ඔබගේ ක්‍රියාවල ඵලයෙන් තෘප්තියට පැමිණෙන්නීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 එතුමාණෝ අහස් තලයෙන් කඳුකරයට වැසි වස්වන සේක. එතුමන්ගේ ආසිරිවලින් පොළොව සාරවත් වන්නේ ය,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 එතුමාණෝ අහස් තලයෙන් කඳුකරයට වැසි වස්වන සේක. එතුමාණන්ගේ ආසිරිවලින් පොළොව සාරවත් වන්නේ ය,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 104:13
11 හුවමාරු යොමු  

උන්වහන්සේ අහස වලාකුළින් වසනසේක, පොළොවට වැසි වස්වනසේක, කඳුවල තෘණ අටගන්වනසේක.


උන්වහන්සේ ස්වකීය හඬ පවත්වන කල අහසෙහි ජල ඝෝෂාවක් තිබෙයි, උන්වහන්සේ පොළෝ කෙළවරෙන් වලාකුල් නැගී එන්ට සලස්වනසේක; වර්ෂාවට විදුලි සාදනසේක, තමන්ගේ ගබඩාවලින් හුළඟ ගෙනෙනසේක.


වර්ෂාව වස්වන කෙනෙක් ජාතීන්ගේ නිෂ්ඵල දෙවිවරුන් අතරේ ඇද්ද? නොහොත් වැහිවලා දෙන්ට අහසට පුළුවන්ද? අපේ දෙවිවූ ස්වාමීන්වහන්ස, මේ දේ කරන්නේ ඔබ නොවේද? එබැවින් අපි ඔබ ගැන බලා සිටින්නෙමුව; මක්නිසාද ඔබම මේ සියල්ල කළසේක.


නුමුත් නුඹලා විසින් හිමිකරගැනීමට එතරව යන දේශය හෙල්වලින් හා මිටියාවත්වලින් යුක්තවූ, අහසෙන් වෑස්සෙන වතුර උරාගන්නාවූ දේශයක්ය;


ධූලි කැටි ගැසෙන කල්හිද, පිඩලි එකට ඇලෙන කල්හිද,


එහෙත් උන්වහන්සේ අහසෙන් වර්ෂාව සහ සාරවත් කාලවල් නුඹලාට දී, කෑමෙන්ද සන්තෝෂයෙන්ද නුඹලාගේ සිත් පුරවමින්, යහපත්කම් කළ බැවින්, තමන්වහන්සේ ගැන සාක්ෂි නොදී නොසිටියසේකැයි කීවෝය.


මෙසේ නුඹලා ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන්වහන්සේගේ පුත්‍රයෝ වන්නෝය. මක්නිසාද උන්වහන්සේ නපුරන්ටත් යහපතුන්ටත් තමන් ඉර උදාකරවනසේක, ධර්මිෂ්ඨයන්ටත් අධර්මිෂ්ඨයන්ටත් වැසි වස්වනසේක.


උන්වහන්සේ තමන්ගේ උඩුමහල් අහස පිට ගොඩනගා, තමන්ගේ අහස් කුහරය පොළොව පිට පිහිටුවා තිබෙන්නාවූ, මුහුදේ ජලයට අඬගසා ඒවා පොළෝතලයෙහි වත්කරන්නාවූ, යෙහෝවා යන නාමය ඇත්තාවූ තැනන්වහන්සේය.


ඔබ තමන් උඩුමහල් දිය පිට පිහිටුවනසේක; වලාකුල් ස්වකීය රථය කරගන්නසේක; හුළං නමැති පියාපත් පිට යනසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්