ස්වාමිනි, සැබවින් මම ඔබගේ මෙහෙකරුයෙමි. ඔබගේ මෙහෙකරුයෙමි, ඔබගේ දාසියගේ පුත්‍රයෙමි; ඔබ මාගේ බැඳුම් මිදූසේක.
ලෙවී කථාව 25:55 - Sinhala Revised Old Version මක්නිසාද ඉශ්‍රායෙල් පුත්‍රයෝ මාගේ මෙහෙකරුවෝය; ඔව්හු මා විසින් මිසර දේශයෙන් ගෙනාවාවූ මාගේ මෙහෙකරුවෝය. මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය. Sinhala New Revised Version මන්ද, ඉශ්රායෙල් ජනයා මාගේ වහල්ලු වන්නෝ ය. මා මිසර දේශයෙන් පිටතට ගෙනා ඔව්හු මාගේ වහල්ලු ය. නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි.” Sinhala New Revised Version 2018 මන්ද, ඉශ්රායෙල් ජනයා මාගේ වහල්ලු වන්නෝ ය. මා මිසර දේශයෙන් පිටතට ගෙනා ඔව්හු මාගේ වහල්ලු ය. නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි.” |
ස්වාමිනි, සැබවින් මම ඔබගේ මෙහෙකරුයෙමි. ඔබගේ මෙහෙකරුයෙමි, ඔබගේ දාසියගේ පුත්‍රයෙමි; ඔබ මාගේ බැඳුම් මිදූසේක.
මෝසෙස් සෙනඟට කථාකොට: නුඹලා මිසරයෙන් එනම් වහල්කමේ ගෙයින් පිටතට ආවාවූ මේ දින සිහිකරන්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ ස්වකීය හස්ත බලයෙන් එතැනින් නුඹලා ගෙනාසේක. එහෙයින් මුහුන් මුසු කිසිවක් නොකෑ යුතුය.
මම වනාහි වහල්කමේ ගෙයින් එනම් මිසර දේශයෙන් නුඹ පිටතට ගෙනාවාවූ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.
මක්නිසාද මම නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේය, නුඹේ ගැළවුම්කාරයා වන ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේය; නුඹේ මිදීමේ මිලය පිණිස මිසරයද නුඹ වෙනුවට කූෂ් සහ සෙබාද දුනිමි.
මක්නිසාද ඔව්හු මිසර දේශයෙන් මා විසින් ගෙනෙනලද මාගේ මෙහෙකරුවෝය. දාසයන් මෙන් ඔවුන් විකුණනු නොලැබිය යුතුය.
මේ අන්දම්වලින් ඔහු මුදනු නොලබන්නේනම්, ඔහු සහ ඔහු සමඟ ඔහුගේ දරුවෝද ජුබිලි අවුරුද්දේ නිදහස්ව යන්නෝය.
රූප සාදානොගන්න, කැපූ පිළිමයක්වත් රූපස්තම්භයක්වත් සිටුවා නොගන්න, නමස්කාර කරන පිණිස නුඹලාගේ දේශයෙහි කැටයම්කළ කිසි ගලක් නොතබන්න. මක්නිසාද මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.
කුමක්හෙයින්ද, නුඹලා ව්‍යවස්ථාව යටතෙහි නොව අනුග්‍රහය යටතෙහි සිටින බැවින්, පාපය නුඹලා කෙරෙහි අධිපතිකම් නොකරන්නේය.
නුමුත් දැන් නුඹලා පාපයෙන් නිදහස්කරනලදුව, දෙවියන්වහන්සේගේ දාසයෝ වී, ශුද්ධකම සඳහා ඵල දරන්නහුය, එහි කෙළවරද සදාකාල ජීවනයය.
මක්නිසාද මම සියල්ලන්ගෙන් නිදහස්ව සිටියෙම් නුමුත් වැඩිදෙනෙකු දිනාගන්නා පිණිස සියල්ලන්ට මා දාසයෙක් කරගතිමි.
මම ව්‍යවස්ථාව නැත්තවුන් දිනාගන්නා පිණිස, ව්‍යවස්ථාව නැත්තන්ට ව්‍යවස්ථාව නැතිකෙනෙකු මෙන් වුණෙමි. එහෙත් දෙවියන්වහන්සේ කෙරෙහි ව්‍යවස්ථාවක් නැතුව නොව ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ව්‍යවස්ථාවට යටත්ව සිටිමි.
මක්නිසාද, සහෝදරයෙනි, නුඹලා නිදහස්කමට කැඳවනු ලැබුවහුය; එහෙත් නුඹලාගේ නිදහස මාංසයට ප්‍රස්තාවක් පිණිස ව්‍යවහාර නොකොට, ප්‍රේමයෙන් එකිනෙකාට සේවයකරන්නෝ වෙන්න.