Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 25:54 - Sinhala Revised Old Version

54 මේ අන්දම්වලින් ඔහු මුදනු නොලබන්නේනම්, ඔහු සහ ඔහු සමඟ ඔහුගේ දරුවෝද ජුබිලි අවුරුද්දේ නිදහස්ව යන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

54 මේ කාලය ඇතුළත දී ඔහු නිදහස ලබා නොගතහොත්, ජුබිලි වර්ෂයේ දී ඔහුත්, ඔහුගේ දරුවනුත් නිදහස ලැබිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

54 මේ කාලය ඇතුළත දී ඔහු නිදහස ලබා නොගතහොත්, ජුබිලි වර්ෂයේ දී ඔහුත්, ඔහුගේ දරුවනුත් නිදහස ලැබිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 25:54
8 හුවමාරු යොමු  

මක්නිසාද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලා නිකමට විකුණන ලද්දහුය; මිල නැතුව නුඹලා මුදනු ලබන්නහුය.


නුමුත් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලවන්තයාගේ වාලුන් පවා පැහැරගන්නවා ඇත, භයානකයාගේ කොල්ලයද මුදනවා ඇත. මක්නිසාද නුඹ සමඟ විවාදකරන්නා සමඟ මම විවාදකරන්නෙමි, නුඹේ දරුවන්ද මම ගළවන්නෙමි.


හිරකාරයන්ට: පිටතට එන්නැයිද අඳුරේ සිටින්නන්ට: පෙනීසිටින්නැයිද කීමටත්, මම නුඹ ආරක්ෂා කොට සෙනඟට ගිවිසුමක් කොට දෙන්නෙමි. මාර්ගවල ඔවුන්ට කෑම ලැබෙයි, සියලු මුඩු කඳු පිටද ඔවුන්ට තණබිම තිබෙයි.


එසේ පනස්වෙනි වර්ෂය ශුද්ධ ලෙස පවත්වා දේශයෙහි සියලු වැසියන්ට නිදහස ප්‍රකාශකරන්න. එය නුඹලාට ජුබිලියක් වන්නේය; එකල නුඹලා එකිනෙකා තම තමාගේ උරුමයටත් තම තමාගේ පෙළපතටත් නැවත පැමිණිය යුතුය.


ඒ ජුබිලි වර්ෂයෙහිදී නුඹලා එකිනෙකා තම තමාගේ උරුමයට නැවත පැමිණිය යුතුය.


මක්නිසාද ඉශ්‍රායෙල් පුත්‍රයෝ මාගේ මෙහෙකරුවෝය; ඔව්හු මා විසින් මිසර දේශයෙන් ගෙනාවාවූ මාගේ මෙහෙකරුවෝය. මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්