Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 කොරින්ති 9:19 - Sinhala Revised Old Version

19 මක්නිසාද මම සියල්ලන්ගෙන් නිදහස්ව සිටියෙම් නුමුත් වැඩිදෙනෙකු දිනාගන්නා පිණිස සියල්ලන්ට මා දාසයෙක් කරගතිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 මම සියල්ලන් අතර නිවහල් කෙනෙක් වුවත්, බොහෝ දෙනෙකු දිනාගන්නා පිණිස සියල්ලන්ගේ වහලෙක් වීමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

19 මම සියල්ලෙන්ම නිවහල් මිනිහෙක් වුවත්, වැඩි දෙනකු දිනා ගන්නා පිණිස, සියල්ලන්ගේම වහලකු බවට පත් වුණෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 මම සියල්ලන් අතර නිවහල් කෙනෙක් වුවත්, බොහෝ දෙනෙකු දිනාගන්නා පිණිස සියල්ලන්ගේ වහලෙක් වීමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 කොරින්ති 9:19
21 හුවමාරු යොමු  

මක්නිසාද, සහෝදරයෙනි, නුඹලා නිදහස්කමට කැඳවනු ලැබුවහුය; එහෙත් නුඹලාගේ නිදහස මාංසයට ප්‍රස්තාවක් පිණිස ව්‍යවහාර නොකොට, ප්‍රේමයෙන් එකිනෙකාට සේවයකරන්නෝ වෙන්න.


තවද නුඹේ සහෝදරයා ඔබට විරුද්ධව වරදකළොත්, ගොස්, ඔහු සමඟ තනිව සිට ඔහුගේ වරද පෙන්වා දෙන්න. නුඹ කී දේ ඔහු ඇසුවොත් නුඹ නුඹේ සහෝදරයා දිනාගත්තෙහිය.


එසේම නුඹලාත් යුදෙව්වරුන්ටවත් ග්‍රීක්වරුන්ටවත් දෙවියන්වහන්සේගේ සභාවටවත් බාධා හේතු නොවී සිටින්න.


නුඹ ගැනත් නුඹේ ඉගැන්වීම ගැනත් ප්‍රවේසම්වෙන්න. ඒවායේ පවතින්න; මක්නිසාද නුඹ එසේ කිරීමෙන් නුඹද නුඹේ වචන අසන්නන්ද ගළවාගන්නෙහිය.


එබැවින් තෝරාගත් අයද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඇත්තාවූ ගැළවීම සදාකාල තේජස සමඟ ලබන පිණිස, ඔවුන් නිසා සියල්ල ඉවසමි.


මක්නිසාද අපි අප ගැනම නොව, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ ස්වාමීන්වහන්සේය කියාද යේසුස්වහන්සේ නිසා අපි නුඹලාගේ දාසයෝ කියාද ප්‍රකාශකරමුව.


අපෙන් එකිනෙකා තම තමාගේ අසල්වාසියාගේ වැඩිදියුණුව පිණිස යහපත සඳහා ඔහු සතුටුකෙරේවා.


එසේම, භාර්යාවරුනි, නුඹලාගේ පුරුෂයන්ගෙන් සමහරෙක් වචනයට අකීකරුව සිටිතත්,


මම නිදහස් කෙනෙක් නොවෙම්ද? මම ප්‍රේරිතයෙක් නොවෙම්ද? මම අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේ නුදුටිම්ද? ස්වාමීන්වහන්සේ තුළ නුඹලා මාගේ කර්මාන්තය නොවවුද?


මම ග්‍රීක්වරුන් හා ම්ලේච්ඡයන්ටත් ඥානවන්තයන් හා අඥානයන්ටත් ණයකාරයෙක්ව සිටිමි.


ධර්මිෂ්ඨයාගේ ඵලය ජීවන වෘක්ෂයක්ය; ආත්ම දිනාගන්නා ඥානවන්තයෙක්ය.


ක්‍රිස්තුස්වහන්සේ අප මුදාගත්තේ නිදහස්කම ඇතුව සිටීමටය. එබැවින් දාසකම නමැති වියගහකට නැවත අසු නොවී ස්ථිරව සිටින්න.


මක්නිසාද, භාර්යාව, නුඹ නුඹේ පුරුෂයා ගළවන්නීදෝ නුඹ දන්නේ කොහොමද? නොහොත් පුරුෂය, නුඹ නුඹේ භාර්යාව ගළවන්නේදෝ නුඹ දන්නේ කොහොමද?


කුමටද? යම් හෙයකින් මාගේම මාංසය වූවන්ට ජ්වලිතය උපදවා, ඔවුන්ගෙන් සමහරෙක් ගළවාගන්න පිණිසය.


හෘදයසාක්ෂිය නිසායයි මා කියන්නේ නුඹේම හෘදයසාක්ෂිය ගැන නොව අනික් අයගේ හෘදයසාක්ෂිය ගැනය; මාගේ නිදහස්කම අන් කෙනෙකුගේ හෘදයසාක්ෂියේ හැටියට විනිශ්චයකරන්නේ මන්ද?


මක්නිසාද අනුග්‍රහය වැඩිදෙනා කරණකොටගෙන අධිකවී, ස්තුතිකිරීම දෙවියන්වහන්සේගේ තේජස සඳහා අධිකවන පිණිස ඒ සියල්ල නුඹලා උදෙසා වන්නේය.


මෙන්න, තුන්වෙනි වරට නුඹලා වෙතට එන්ට සූදානම්ව සිටිමි. නුමුත් නුඹලා මිස නුඹලාගේ දේපළ මා නොසොයන නිසා මම නුඹලාට බරක් නොවන්නෙමි. මක්නිසාද රැස්කර තබන්ට යුතුව තිබෙන්නේ දරුවන් විසින් මවුපියන්ට නොව මවුපියන් විසින් දරුවන්ටය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්