ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ලෙවී කථාව 24:9 - Sinhala Revised Old Version

ඒවා ආරොන් සහ ඔහුගේ පුත්‍රයන්ට වන්නේය; ඔව්හු ශුද්ධ තැනකදී ඒවා කත්වා. මක්නිසාද ඒවා ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ පූජාවලින් ඔහුට නිරන්තර පනතකින් අතිශුද්ධ යයි කීසේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මේ රොටි ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන් හට අයිති වනු ඇත. ඔවුන් ඒවා ශුද්ධස්ථානයක වැළඳිය යුතු ය. මේවා පූජකවරුන් සඳහා සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා පුදන ආහාර පූජාවේ අතිශුද්ධ කොටස් වේ. මෙසේ කිරීම සදහට ම වලංගු නියෝගයකි.”

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මේ පූප ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන් හට අයිති වනු ඇත. ඔවුන් ඒවා ශුද්ධස්ථානයක වැළඳිය යුතු ය. මේවා පූජකවරුන් සඳහා සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා පුදන ආහාර පූජාවේ අතිශුද්ධ කොටස් වේ. මෙසේ කිරීම සදහට ම වලංගු නියෝගයකි.”

පරිච්ඡේදය බලන්න



ලෙවී කථාව 24:9
17 හුවමාරු යොමු  

සාක්ෂි පෙට්ටිය ඉදිරියෙහි තිබෙන තිරයට පිටතින් සම්මුඛවීමේ කූඩාරමෙහි ආරොන් සහ ඔහුගේ පුත්‍රයෝ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සවස පටන් උදය දක්වා ඒක පිළියෙළකර තබන්නෝය. ඒක ඉශ්‍රායෙල් පුත්‍රයන් උදෙසා ඔවුන්ගේ පරම්පරාවල පැවැත්විය යුතු නිරන්තර පනතක් වන්නේය.


මෝසෙස් ආරොන්ටත් ඔහුගේ ඉතිරිව සිටි පුත්‍රයන් වූ එලෙයාසාර් සහ ඊතාමාර්ටත් කථාකොට: ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ පූජාවලින් ඉතුරුව තිබෙන ආහාර පූජාව රැගෙන පූජාසනය ළඟදී මුහුන් නැතුව කන්න. මක්නිසාද එය අති ශුද්ධය.


නුඹලා පාප පූජාව ශුද්ධ ස්ථානයෙහිදී නොකෑවේ මක්නිසාද? එය අති ශුද්ධය. ඇරත් නුඹලා සභාවේ අයුතුකම පහකරන පිණිසද ස්වාමීන්වහන්සේ ඉදිරිපිට ඔවුන් උදෙසා සමගිකමක් කරන පිණිසද උන්වහන්සේ එය නුඹලාට දී තිබේ.


අති ශුද්ධවූද ශුද්ධවූද දේවලින් තමාගේ දෙවියන්වහන්සේගේ භෝජනය ඔහුට කන්ට පුළුවන.


ඉශ්‍රායෙල් ස්ත්‍රියෙකුගේද මිසරීය පුරුෂයෙකුගේද පුත්‍රයෙක් ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරේ මිසරයෙන් ආවේය. ඉශ්‍රායෙල් ස්ත්‍රියගේ පුත්‍රයාද ඉශ්‍රායෙල් මනුෂ්‍යයෙක්ද කඳවුරෙහිදී ඩබරකර ගත්තෝය;


නුඹලා විසින් තෙලවත් ලේවත් නොකෑ යුතුය යනු නුඹලාගේ පරම්පරාවල නුඹලාගේ සියලු වාසස්ථානවල නිරන්තර පනතක් වන්නේය.


ඔහු තමාගේ ඇඳුම් ගළවා වෙන ඇඳුම් ඇඳගෙන කඳවුරෙන් පිට පවිත්‍ර තැනකට අළු ගෙනේවා.


එයින් ඉතිරි හරිය ආරොන් සහ ඔහුගේ පුත්‍රයෝ කත්වා. එය ශුද්ධවූ තැනකදී මුහුන් නැතුව කෑ යුතුය; ඔව්හු ඒක සම්මුඛවීමේ කූඩාරමේ මළුවේදී කත්වා.


ආරොන් සහ ඔහුගේ පුත්‍රයන්ට අණකරමින් මෙසේ කියන්න: දවන පූජාව පිළිබඳ ව්‍යවස්ථාව මේය–දවන පූජාව මුළු රාත්‍රියෙහි උදය දක්වා පූජාසනයේ මැස්ස පිට තිබිය යුතුය; පූජාසනයේ ගින්නද එහි දැල්වෙමින් තිබිය යුතුය.


සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට මුළු සභාව රැස්කරවන්නැයි කීසේක.


මෝසෙස්ද ආරොන් සහ ඔහුගේ පුත්‍රයන්ට කියනුයේ: සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟ ඒ මාංසය තම්බන්න. ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් විසින් එය කෑ යුතුයයි මා විසින් අණකළ ලෙස එහිදී කැපකිරීමේ පැසෙහි තිබෙන රොටිත් සමඟ එය කන්න.


නුමුත් නුඹලා: ස්වාමීන්වහන්සේගේ මේසය පිළිකුල්ය, එහි ඵල එනම් එහි ආහාර නීචයයි කීමෙන් ඒ නාමය කෙලසන්නහුය.


එනම්, දෙවියන්වහන්සේගේ ගෘහයට ඇතුල්ව, පූජකයන්ට පමණක් මිස තමාටවත් තමා සමඟ සිටියවුන්ටවත් කන්ට යුතු නැති පිදීමේ රොටි කෑ බව නුඹලා කියෙවුවේ නැද්ද?


එනම් උත්තම පූජකයාවූ අබියාතර්ගේ කාලයේදී දෙවියන්වහන්සේගේ ගෘහයට ඇතුල්ව, පූජකයන්ට විනා වෙනකාටවත් කන්ට යුතු නැති පිදීමේ රොටි කා, තමා සමඟ සිටියවුන්ටත් දුන් බව නුඹලා කවදාවත් කියෙවුවේ නැද්දැයි කීසේක.


එනම් දෙවියන්වහන්සේගේ ගෘහයට ඇතුල්ව, පූජකයන්ට මිස වෙන කාටවත් කන්ට යුතු නැති පිදීමේ රොටි රැගෙන කා, තමා සමඟ සිටි අයටත් දුන් කාරණයවත් නුඹලා කියවා නැද්දැයි කීසේක.


එවිට ස්වාමීන්වහන්සේ ඉදිරියෙන් අහකට ගත් පිදීමේ රොටි මිස වෙන රොටි එහි නොතිබුණු බැවින් පූජකයා ශුද්ධ රොටි ඔහුට දුන්නේය. ඒවා අහකට ගත්තේ එම දවසේදී උණු රොටි තබන පිණිසය.