Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 8:31 - Sinhala Revised Old Version

31 මෝසෙස්ද ආරොන් සහ ඔහුගේ පුත්‍රයන්ට කියනුයේ: සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟ ඒ මාංසය තම්බන්න. ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් විසින් එය කෑ යුතුයයි මා විසින් අණකළ ලෙස එහිදී කැපකිරීමේ පැසෙහි තිබෙන රොටිත් සමඟ එය කන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

31 එවිට මෝසෙස් ආරොන්ට සහ ඔහුගේ පුතුන්ට කතා කොට, මා අණ කළ පරිදි, “සම්මුඛ මණ්ඩපයේ දොරකඩ ඒ මාංස තම්බා, ‘ආරොන් සහ ඔහුගේ පුතුන් එය වැළඳිය යුතු ය’ කියා එහි දී කැප කිරීමට ගත් පැසේ ඇති රොටි සමඟ වළඳන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

31 එවිට මෝසෙස් ආරොන්ට සහ ඔහුගේ පුතුන්ට කතා කොට, මා අණ කළ පරිදි, “සම්මුඛ මණ්ඩපයේ දොරකඩ ඒ මාංස තම්බා, ‘ආරොන් සහ ඔහුගේ පුතුන් එය වැළඳිය යුතු ය’ කියා එහි දී කැප කිරීමට ගත් පැසේ ඇති පූප සමඟ වළඳන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 8:31
12 හුවමාරු යොමු  

මම ක්‍රිස්තුස්වහන්සේ සමඟ කුරුසියෙහි ඇණගසනු ලැබ සිටිමි; එසේවී නුමුත් මම ජීවත්වෙමි; නුමුත් තවත් මා නොව ක්‍රිස්තුස්වහන්සේ මා තුළ ජීවත්වනසේක. තවද මා දැන් මාංසයෙහි ජීවත්වන ජීවිතය මට ප්‍රේමකළාවූ, මා උදෙසා තමන්ම පාවාදුන්නාවූ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ජීවත්වෙමි.


ස්වර්ගයෙන් බැස ආවාවූ ජීවනදායක කෑම මමය. යමෙක් මේ කෑමෙන් කෑවොත් ඔහු සදාකල් ජීවත්වන්නේය. එසේය, ලෝකයාගේ ජීවනය පිණිස මා විසින් දෙන්නාවූ කෑම නම් මාගේ මාංසයයයි කීසේක.


යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක්: ජීවනදායක කෑම නම් මමය. මා ළඟට එන්නාට බඩගිනි නොවන්නේය, මා කෙරෙහි අදහන්නාට කිසිකලකත් පිපාසා නොවන්නේය.


මක්නිසාද දෙවියන්වහන්සේ දෙන කෑම නම් ස්වර්ගයෙන් බැස ලෝකයාට ජීවනය දෙන කෑමයයි කීසේක.


නුඹලා පාප පූජාව ශුද්ධ ස්ථානයෙහිදී නොකෑවේ මක්නිසාද? එය අති ශුද්ධය. ඇරත් නුඹලා සභාවේ අයුතුකම පහකරන පිණිසද ස්වාමීන්වහන්සේ ඉදිරිපිට ඔවුන් උදෙසා සමගිකමක් කරන පිණිසද උන්වහන්සේ එය නුඹලාට දී තිබේ.


ස්තුති දීම පිණිස වූ ඔහුගේ ශාන්ති පූජා යාගයේ මාංසය පිදූ දවසෙහිම කෑ යුතුය; උදය දක්වා එයින් කිසිවක් ඉතුරුනොකළ යුතුය.


එහෙත් ඒක තැම්බූ මැටි භාජනය බිඳ දැමිය යුතුය. එය පිත්තල භාජනයක තම්බන ලද්දේ වීනම් භාජනය මැදලා වතුරෙන් සේදිය යුතුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්