Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මලාකි 1:12 - Sinhala Revised Old Version

12 නුමුත් නුඹලා: ස්වාමීන්වහන්සේගේ මේසය පිළිකුල්ය, එහි ඵල එනම් එහි ආහාර නීචයයි කීමෙන් ඒ නාමය කෙලසන්නහුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 “එහෙත් නුඹලා සමිඳාණන් වහන්සේගේ පූජාසනය පිළිකුල් යයි කියමින් එහි ඔප්පු කරන ආහාරවලට නිගා කරන බැවින් නුඹලා මාගේ නාමයට අගෞරව කරන්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 “එහෙත් නුඹලා සමිඳාණන් වහන්සේගේ පූජාසනය පිළිකුල් යයි කියමින් එහි ඔප්පු කරන ආහාරවලට නිගා කරන බැවින් නුඹලා මාගේ නාමයට අගෞරව කරන්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මලාකි 1:12
13 හුවමාරු යොමු  

මක්නිසාද ලියා තිබෙන ප්‍රකාරයට නුඹලා කරණකොටගෙන අන්‍යජාතීන් අතරෙහි දෙවියන්වහන්සේගේ නාමය අපහාසකරනු ලබයි.


එහෙත් නුඹලා මාර්ගයෙන් ඉවත්ව ගොස්, ව්‍යවස්ථාව ගැන බොහෝ දෙනෙකු පැකිලෙන්ට සැලැස්වූහුය; නුඹලා ලෙවීගේ ගිවිසුම බිඳදැමුවහුයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.


තවද: මෙය කොපමණ මහත් වෙහෙසක්දැයි කියා නුඹලා එය සුළුකළහුයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක; තවද කොල්ලකාගත්තාවූද කොරවූද ලෙඩවූද සතුන් නුඹලා ගෙනාවහුය; මෙසේ නුඹලා ගෙනැවිත් ඔප්පුකරන්නහුය. මම නුඹලාගේ අත්වලින් එය පිළිගනිම්දැයි ස්වාමීන්වහන්සේ කියනසේක.


දුප්පතාගේ හිසේ පොළොවේ ධූලි තිබෙනවා දකින්ට ඔව්හු ආශාවෙති, යටහත් අයගේ මාර්ගය පෙරළති. මාගේ ශුද්ධවූ නාමය කෙලහෙන ලෙස පුරුෂයෙක්ද ඔහුගේ පියාද එම තරුණිය කරා එළෙඹති.


නුමුත් නුඹ මේ ක්‍රියාව කරණකොටගෙන අපහාසකරන්ට ස්වාමීන්වහන්සේගේ සතුරන්ට අවකාශ දුන් බැවින් නුඹ නිසා උපන් ළදරුවා සැබවින්ම මැරෙන්නේයයි දාවිත්ට කීයේය.


නුඹේ වංශයෙන් කිසිවෙකු මොලෙක්ට ගිනි මැදින් යවා පූජාකොට නුඹේ දෙවියන්වහන්සේගේ නාමයට අපහාසනොකරන්න. මම ස්වාමීන්වහන්සේය.


පූජාසනය ලී පූජාසනයක්ය, උස රියන් තුනක්ය, ඒකේ දිග දෙරියනක්ය; ඒකේ කොන්ද ඒකේ අඩියද ඒකේ පැතිද ලීවලින්ය. එවිට ඔහු: මෙය ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තිබෙන මේසයයයි මට කීය.


ඔවුන්ට නම් මාගේ ශුද්ධස්ථානයට ඇතුල්වෙන්ටත් මට සේවයකිරීමට මාගේ මේසය ළඟට පැමිණෙන්ටත් මාගේ සේවය පවත්වන්ටත් පුළුවන.


අනේ ඉශ්‍රායෙල්, නුඹ විනාශයට පැමිණ සිටින්නේ නුඹේ ආධාරකාරයා වන මට විරුද්ධව සිටීමෙන්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්