අසත්පුරුෂයා ඔහුගේ ඇසට පිළිකුල්ව පෙනෙයි; නුමුත් ඔහු ස්වාමින් කෙරෙහි භය ඇත්තන්ට ගෞරවකරයි. තමාට අලාභ පැමිණෙන දිවුරුමක් කළ නුමුත් එය වෙනස් නොකරයි.
ලෙවී කථාව 19:12 - Sinhala Revised Old Version නුඹේ දෙවියන්වහන්සේගේ නාමයට අපහාස නොපැමිණෙන පිණිස මාගේ නාමයෙන් බොරුවට නොදිවුරන්න. මම ස්වාමීන්වහන්සේය. Sinhala New Revised Version තවද, නුඹලා මාගේ නාමයෙන් බොරුවට නොදිවුළ යුතු ය. දෙවියන් වහන්සේගේ නාමයට නුඹලා අපහාස නොකළ යුතු ය. මම සමිඳාණන් වහන්සේ වෙමි. Sinhala New Revised Version 2018 තවද, නුඹලා මාගේ නාමයෙන් බොරුවට නොදිවුළ යුතු ය. දෙවියන් වහන්සේගේ නාමයට නුඹලා අපහාස නොකළ යුතු ය. මම සමිඳාණන් වහන්සේ වෙමි. |
අසත්පුරුෂයා ඔහුගේ ඇසට පිළිකුල්ව පෙනෙයි; නුමුත් ඔහු ස්වාමින් කෙරෙහි භය ඇත්තන්ට ගෞරවකරයි. තමාට අලාභ පැමිණෙන දිවුරුමක් කළ නුමුත් එය වෙනස් නොකරයි.
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමය නිකරුණේ ව්‍යවහාරනොකරව; මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන් නාමය නිකරුණේ ව්‍යවහාර කරන තැනැත්තා නිවැරදිකාරයෙකුකොට ගණන් නොගන්නාසේක.
ඉශ්‍රායෙල් යන නාමය දරන්නාවූ, යූදා උල්පතෙන් නික්මුණාවූ, සැබෑකමෙන්වත් ධර්මිෂ්ඨකමෙන්වත් නොවන නුමුත් ස්වාමීන්වහන්සේගේ නාමයෙන් දිවුරා ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ සඳහන්කරන්නාවූ තැනැත්තන් වන යාකොබ්ගේ වංශය, මේක අසන්න.
එහෙත් නුඹලා හැරී මාගේ නාමය කෙලහමින්, තමුන්ගේ කැමැත්ත ලෙස යන්ට නුඹලා එක එකා නිදහස්කර හැරියාවූ තම තමාගේ වැඩකාරයාද වැඩකාරීද නැවත ගෙනැවිත්, නුඹලාට වැඩකාරයන්ද වැඩකාරියන්ද වීමට ඔවුන්ට බලාත්කාරකළහුය.
නුඹ: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම කියා සැබෑකමෙන්ද යුක්තියෙන්ද ධර්මිෂ්ඨකමින්ද දිවුරුවොත්, ජාතීහු උන්වහන්සේගේ නාමයෙන් තමුන්ටම ආශීර්වාදකරගෙන, උන්වහන්සේ තුළ පාරට්ටුකරගන්නෝය.
ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම කියා ඔවුන් කියන නුමුත් සැබවින් ඔව්හු බොරුවට දිවුරති.
නුඹලා සොරකම්කර, මිනීමරා, කාමමිථ‍්‍යාචාරයකර, බොරුවට දිවුරා, බාල්ට සුවඳදුම් ඔප්පුකර, නුඹලා නොදන්නා අන්‍ය දෙවිවරුන් පස්සේ ගොස්,
නුඹේ වංශයෙන් කිසිවෙකු මොලෙක්ට ගිනි මැදින් යවා පූජාකොට නුඹේ දෙවියන්වහන්සේගේ නාමයට අපහාසනොකරන්න. මම ස්වාමීන්වහන්සේය.
ඒ මනුෂ්‍යයා මාගේ ශුද්ධස්ථානය අපවිත්‍රකරන්ටත් මාගේ ශුද්ධ නාමයට නින්දාකරන්ටත් තමාගේ දරුවන්ගෙන් කෙනෙක් මොලෙක්ට දුන් බැවින් මම ඔහුට විරුද්ධව මාගේ මුහුණ යොමුකොට ඔහුගේ සෙනඟ කෙරෙන් ඔහු සිඳදමන්නෙමි.
ඉශ්‍රායෙල් ස්ත්‍රියගේ පුත්‍රයා ස්වාමීන්වහන්සේගේ නාමයට අපහාසකොට දෙස් කීවේය. ඔව්හු ඔහු මෝසෙස් ළඟට ගෙනාවෝය. ඔහුගේ මවුගේ නම ෂෙලොමිත්ය, ඈ දාන්ගේ ගෝත්‍රයේ දිබ්රීගේ දුවය.
නැතිවූ දෙය සම්බවූ කල ඔහු ඒ ගැන අවිශ්වාස ලෙස ක්‍රියාකොට බොරුවට දිවුළොත්, මෙසේ මනුෂ්‍යයෙක් පව්කරමින් මේ දේවලින් යම් කිසිවක් කිරීමෙන්,
එවිට ඔහු මට කථාකොට: මේක දේශය මුළුල්ලෙහි පිටත්ව යන ශාපයය. මක්නිසාද එහි මේ පැත්තේ ලියා තිබෙන හැටියට, සොරකම්කරන සියල්ලෝ පහකරනු ලබන්නෝය; එහි අනිත් පැත්තේ ලියා තිබෙන හැටියට බොරුවට දිවුරන සියල්ලෝද පහකරනු ලබන්නෝයයි කීය.
ඒක සොරාගේ ගෙටත් මාගේ නාමයෙන් බොරුවට දිවුරන අයගේ ගෙටත් වැද, ඔහුගේ ගෙය තුළ නැවතී, එහි දඬුත් ගලුත් ඇතුළුව නැතිකරන පිණිස පිටත්කර හරින්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය.
තවද මම විනිශ්චය පිණිස නුඹලා ළඟට ඇවිත්, මන්ත්‍රකාරයන්ටද කාමමිථ්‍යාචාරිකයන්ටද බොරු දිවුරන්නන්ටද මට භය නොවී කුලී ගැන කුලීකාරයාටත් වැන්දඹුවටත් පියා නැත්තාටත් ප්‍රයෝග කරන්නන්ටද විදේශියාගේ යුක්තිය පෙරළන්නන්ටද විරුද්ධව ශීඝ්‍ර සාක්ෂිකාරයෙක් වන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමය නිකරුණේ ව්‍යවහාර නොකරව. මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන්ගේ නාමය නිකරුණේ ව්‍යවහාර කරන තැනැත්තා නිවැරදිකාරයෙකුකොට ගණන් නොගන්නාසේක.
නුමුත්, මාගේ සහෝදරයෙනි, නුඹලා වරදට පත් නොවන පිණිස, ස්වර්ගය ගැනවත් පොළොව ගැනවත් වෙන කිසිවක් ගැනවත් නොදිවුරන්නැයි ප්‍රධානකොට කියමි. නුඹලාගේ එසේය කීම එසේය කියාද, නැත කීම නැත කියාද වේවා.