ආරොන් අවුරුද්දට වරක් එහි අං පිට සමඟිකමක් කරන්නේය. ඔහු නුඹලාගේ පරම්පරාවල අවුරුද්දට වරක් සමඟිකමේ පාප පූජාවේ ලෙයින් ඒක උදෙසා සමඟිකමක් කරන්නේය. ඒක ස්වාමීන්වහන්සේට අති ශුද්ධයයි කීසේක.
ලෙවී කථාව 16:16 - Sinhala Revised Old Version එසේ ඔහු ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ අපවිත්‍රකම් නිසාද ඔවුන්ගේ සියලු අපරාධයන් එනම් ඔවුන්ගේ සියලු පව් නිසාද ශුද්ධස්ථානය උදෙසා සමගිකමක් කරන්නේය. ඔවුන් අතරේ ඔවුන්ගේ අපවිත්‍රකම් මැද පිහිටා තිබෙන සම්මුඛවීමේ කූඩාරමටත් එසේම කළ යුතුය. Sinhala New Revised Version මෙසේ ඔහු ඉශ්රායෙල් ජනයාගේ අපවිත්‍රකම් හා ඔවුන්ගේ පාප අපරාධයන් නිසා කළ යුතු ව ඇති ශුද්ධස්ථානයෙහි පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කළ යුතු ය. තවද, ඔවුන්ගේ අපවිත්‍රකම් මධ්‍යයේ පිහිටා ඇති සම්මුඛ මණ්ඩපයට ද ඔහු එලෙස කළ යුතු ය. Sinhala New Revised Version 2018 මෙසේ ඔහු ඉශ්රායෙල් ජනයාගේ අපවිත්‍රකම් හා ඔවුන්ගේ පාප අපරාධයන් නිසා කළ යුතු ව ඇති ශුද්ධස්ථානයෙහි පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කළ යුතු ය. තවද, ඔවුන්ගේ අපවිත්‍රකම් මධ්‍යයේ පිහිටා ඇති සම්මුඛ මණ්ඩපයට ද ඔහු එලෙස කළ යුතු ය. |
ආරොන් අවුරුද්දට වරක් එහි අං පිට සමඟිකමක් කරන්නේය. ඔහු නුඹලාගේ පරම්පරාවල අවුරුද්දට වරක් සමඟිකමේ පාප පූජාවේ ලෙයින් ඒක උදෙසා සමඟිකමක් කරන්නේය. ඒක ස්වාමීන්වහන්සේට අති ශුද්ධයයි කීසේක.
ඔහු ශුද්ධස්ථානයෙහි සමගිකමක් කරන්ට ඇතුල්වන කල තමා උදෙසාද තමාගේ පවුල උදෙසාද මුළු ඉශ්‍රායෙල් සභාව උදෙසාද සමගිකමක් කොට පිටතට එනතුරු කිසිවෙක් සම්මුඛවීමේ කූඩාරමෙහි නොසිටිය යුතුය.
ඔහු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තිබෙන පූජාසනය ළඟට පිටතට ගොස් ඒක උදෙසා සමගිකමක් කරමින් ගොනාගේ ලෙයින්ද එළුවාගේ ලෙයින්ද මඳ මඳ රැගෙන පූජාසනයේ අංවල වටේට ගාන්නේය.
ඒ කෙසේ වුවත් මේ සත්වෙනි මස දසවෙනි දින සමගිකමක් කිරීමේ දවසය. නුඹලා ශුද්ධ සභා රැස්වීමක් පැවැත්විය යුතුය, නුඹලාගේ ආත්මවලට දුක්දී ස්වාමීන්වහන්සේට ගිනි පූජාවක් ඔප්පුකළ යුතුය.
ඔහු ඌ මැරීය; මෝසෙස් ලේ රැගෙන පූජාසනයේ අං වටේ තමාගේ ඇඟිල්ලෙන් ගා පූජාසනයේ දෝෂය පහකොට පූජාසනය මුල ලේ වත්කර එය උදෙසා සමගිකමක් කරන පිණිස එය විශුද්ධ කෙළේය.
නිරන්තර දවන පූජාව ඇර ස්වාමීන්වහන්සේට පාප පූජාවක් පිණිස එළුවෙක්ද උගේ පාන පූජාවද ඔප්පුකරනු ලබන්නේය.
මම ගොස් නුඹලාට ස්ථානයක් පිළියෙළකරම් නම්, මා සිටින තැන නුඹලාත් සිටින පිණිස මම නැවත ඇවිත් නුඹලා මා ළඟට ගන්නෙමි.
එබැවින් සෙනඟගේ පව් උදෙසා ශාන්ති පූජාවක් ඔප්පුකිරීමට දෙවියන්වහන්සේ පිළිබඳ කාරණා ගැන දයාවන්තවූ විශ්වාසවූ උත්තම පූජකයෙක් වෙන පිණිස, සියලු දෙයින්ම තමන්ගේ සහෝදරයන්ට සමානවෙන්ට උන්වහන්සේට යුතුවූයේය.