Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 14:3 - Sinhala Revised Old Version

3 මම ගොස් නුඹලාට ස්ථානයක් පිළියෙළකරම් නම්, මා සිටින තැන නුඹලාත් සිටින පිණිස මම නැවත ඇවිත් නුඹලා මා ළඟට ගන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 මා ගොස් ඔබට ස්ථානයක් සූදානම් කළ විට, මා සිටින තැන ඔබත් සිටින පිණිස ඔබ කැඳවාගෙන යාමට මම නැවත එන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

3 මා ගොස්, ඔබටත් තැනක් සූදානම් කරන්නෙම් නම්, මා සිටින තැන ඔබත් සිටින පිණිස, මා සමඟ ඔබ කැඳවාගෙන යෑමට එන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 මා ගොස් ඔබට ස්ථානයක් සූදානම් කළ විට, මා සිටින තැන ඔබත් සිටින පිණිස ඔබ කැඳවාගෙන යාමට මම නැවත එන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 14:3
20 හුවමාරු යොමු  

යමෙක් මට සේවයකෙරේ නම් ඔහු මා අනුව ඒවා; මම යම් තැනක සිටිම්ද එතැන මාගේ සේවකයාද සිටින්නේය. යමෙක් මට සේවයකෙරේ නම් ඔහුට මාගේ පියාණෝ ගෞරවකරනසේක.


අපි ඉවසමු නම් උන්වහන්සේ සමඟ රජකම්කරන්නෙමුව. අපි උන්වහන්සේ නාඳුනමුය කියමු නම්, උන්වහන්සෙත්: නුඹලා නාඳුනමියි කියනසේක.


ගලීලයේ මනුෂ්‍යයෙනි, නුඹලා ස්වර්ගය දෙස බල බලා සිටින්නේ මක්නිසාද? නුඹලා කෙරෙන් ස්වර්ගයට ඔසවාගනු ලැබූ මේ යේසුස්වහන්සේ ස්වර්ගයට යනවා නුඹලා දුටු ආකාරයෙන්ම එනවා ඇතැයි ඔවුන්ට කීවෝය.


බොහෝ දෙනෙකුගේ පව් උසුලන පිණිස එක වරක් පූජාවූ ක්‍රිස්තුස්වහන්සෙත්, උන්වහන්සේගේ ඊම බලාසිටින්නන්ට ගැළවීම පිණිස පාපය නැතුව දෙවෙනි වර ප්‍රකාශවනසේක.


තවද දරුවෝ නම් උරුමක්කාරයෝය; දෙවියන්වහන්සේගේ උරුමක්කාරයෝය, ක්‍රිස්තුස්වහන්සේ හා සමඟ හවුල් උරුමක්කාරයෝය. උන්වහන්සේ හා සමඟ මහිමය ලබන පිණිස, උන්වහන්සේ සමඟ දුක්විඳිමු නම්, මෙසේ වන්නේය.


මම අහක්ව ගොස් නුඹලා ළඟට නැවත එමියි මා නුඹලාට කී බව නුඹලා ඇසුවහුය. නුඹලා මට ප්‍රේමකළහු නම්, පියාණන්වහන්සේ ළඟට මා යන බැවින් නුඹලා සන්තෝෂවන්නහුය. මක්නිසාද පියාණන්වහන්සේ මට වඩා උතුම්ය.


පියාණෙනි, ඔබ මට දුන් මහිමය ඔබ මට දුන්නාවුන් විසිනුත් දක්නා පිණිස මා සිටින තැන ඔවුනුත් මා සමඟ සිටිනවාට කැමැත්තෙමි. මක්නිසාද ලෝකය මැවීමට පළමුවෙන් ඔබ මට ප්‍රේමකළසේක.


නුඹලා නුඹලාගේ කැඳවීමට සුදුස්සෝයයි අපගේ දෙවියන්වහන්සේ විසින් ඒත්තුගෙන, යහපත්කමේ සියලු ආශාද ඇදහිල්ලේ සියලු ක්‍රියාද ස්වකීය බලයෙන් සම්පූර්ණකරනමෙන් අප නිතරම නුඹලා ගැන යාච්ඤාකරමුව.


මම ජයගෙන මාගේ පියාණන්වහන්සේ සමඟ උන්වහන්සේගේ සිංහාසනයෙහි හිඳගත් සේම, ජයගන්නාටත් මාගේ සිංහාසනයෙහි මා සමඟ ඉඳගන්ට දෙන්නෙමි.


නුමුත් මම මේ දෙක මැද හිරවී සිටිමි; මාගේ ආශාව නම් තුරන්ව ගොස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ විසීමටය; මක්නිසාද ඒක බොහෝසෙයින් වඩා හොඳය.


මා යන ස්ථානයට මාර්ගය නුඹලා දන්නහුයයි කීසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්