එබැවින් නුඹලා ගොස්, සියලු ජාතීන් ගෝලයන් කරන්න, පියාණන්ගෙත් පුත්‍රයාණන්ගෙත් ශුද්ධාත්මයාණන්ගෙත් නාමයට ඔවුන් බව්තීස්මකරන්න.
රෝම 6:3 - Sinhala Revised Old Version නොහොත් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළට බව්තීස්ම ලැබුවාවූ අප සියල්ලන් උන්වහන්සේ මරණයට බව්තීස්ම ලැබූ බව නුඹලා නොදැන සිටිනහුද? Sinhala New Revised Version බව්තීස්ම-ස්නාපනයෙන් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ හා සමඟ ඒකාබද්ධ වූ අප සියල්ලන් ම එම බව්තීස්ම-ස්නාපනයෙන් උන් වහන්සේගේ මරණයෙහි, උන් වහන්සේ හා සමඟ ඒකාබද්ධ වූ බව ඔබ නොදන්නහු ද? සිංහල කාලීන පරිවර්තනය ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළට බව්තීස්ම කරනු ලැබූ අප සැවොම, උන්වහන්සේගේ මරණයට බව්තීස්ම කරනු ලැබ ඇති වග ඔබ දන්නේ නැති ද? Sinhala New Revised Version 2018 බව්තීස්ම-ස්නාපනයෙන් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ හා සමඟ ඒකාබද්ධ වූ අප සියල්ලන් ම එම බව්තීස්ම-ස්නාපනයෙන් උන් වහන්සේගේ මරණයෙහි, උන් වහන්සේ හා සමඟ ඒකාබද්ධ වූ බව ඔබ නොදන්නහු ද? |
එබැවින් නුඹලා ගොස්, සියලු ජාතීන් ගෝලයන් කරන්න, පියාණන්ගෙත් පුත්‍රයාණන්ගෙත් ශුද්ධාත්මයාණන්ගෙත් නාමයට ඔවුන් බව්තීස්මකරන්න.
පේතෘස්: නුඹලා සියල්ලෝම පසුතැවිලිව, පව්කමාව පිණිස යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් බව්තීස්මය ලබන්න; එවිට ශුද්ධාත්ම දීමනාව නුඹලා ලබන්නහුය.
මක්නිසාද ඔවුන් ස්වාමිවූ යේසුස්වහන්සේගේ නාමයට බව්තීස්මකරනු ලැබුවා මිස, ශුද්ධාත්මය ඒ වන තුරු ඔවුන්ගෙන් කිසිවෙකු කෙරෙහි පැමිණී තිබුණේ නැත.
නුඹලා කීකරුකම පිණිස දාසයන් කොට යමකට නුඹලාම භාරදෙන්නහුද, එය මරණයට පමුණුවන්නා වූ පාපය වේවා, ධර්මිෂ්ඨකමට පමුණුවන්නාවූ කීකරුකම වේවා, නුඹලා කීකරු වන එකට දාසයන් වන බව නොදනිවුද?
තවද මළවුන්ගෙන් නැගුටුවනු ලැබුවාවූ ක්‍රිස්තුස්වහන්සේ තවත් නොමැරෙන බවත් මරණය උන්වහන්සේ කෙරෙහි තවත් බලය නොපවත්වන බවත් අපි දන්නා බැවින්,
නොහොත් සහෝදරයෙනි, මනුෂ්‍යයා ජීවත්ව සිටින තෙක් ව්‍යවස්ථාව ඔහු කෙරේ බලය පවත්වන බව නුඹලා නොදැන සිටිවුද? (මා කථාකරන්නේ ව්‍යවස්ථාව දන්නන්ටය.)
මක්නිසාද යුදෙව්වරු නොහොත් ග්‍රීක්වරු වෙත්වා, දාසයෝ නොහොත් නිර්දාසයෝ වෙත්වා, අපි සියල්ලෝ එකම ආත්මයාණන්වහන්සේ තුළ එකම ශරීරයට බව්තීස්මකරනු ලැබ, සියල්ලෝ එකම ආත්මයාණන්ගෙන් පොවනු ලැබීමුව.
ඇරත් මළවුන් උදෙසා බව්තීස්මකරනු ලැබූ අය කුමක් කරන්නෝද? මළාහු කිසිසේත් නැගුටුවනු නොලබන්නෝ නම්, කුමක්හෙයින් ඔවුන් උදෙසා බව්තීස්මකරනු ලබන්නෝද?
නුඹලා දෙවියන්වහන්සේගේ මාළිගාව බවද දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ නුඹලා තුළ වාසයකරන බවද නොදනිවුද?
නොහොත් නුඹලාගේ ශරීරය දෙවියන්වහන්සේගෙන් ලැබූ, නුඹලා තුළ ඇත්තාවූ ශුද්ධාත්මයාණන්වහන්සේගේ මාළිගාව බව නොදනිවුද?
නොහොත් අධර්මිෂ්ඨයන් දෙවියන්වහන්සේගේ රාජ්‍යය උරුමකරගන්නේ නැති බව නුඹලා දන්නේ නැද්ද? නොරැවටෙන්න. වේශ්‍යාකම්කරන්නෝවත් රූපවඳින්නෝවත් කාමමිථ්‍යාචාරිකයෝවත් ස්ත්‍රීන් ලෙස හැසිරෙන්නෝවත් පිරිමින් සමඟ අනාචාරකරන්නෝවත්,
ශුද්ධ දේ සම්බන්ධයෙන් මෙහෙකරන්නන් දේවමාළිගාව සන්තක දෙයින් කන බවද පූජාසනයේ සේවයකරන්නන් පූජාසනයට පංගුකාරයන් වන බවද නුඹලා දන්නේ නැද්ද?
දුවන ස්ථානයෙහි සියල්ලන්ම දුවන නුමුත් තෑග්ග ලබන්නේ එක්කෙනෙක්ම බව නොදනිවුද? එසේම නුඹලාත් ලබාගන්නා පිණිස දුවන්න.
නුඹලා ඇදහිල්ලෙහි සිටිනවාද කියා නුඹලාම පරීක්ෂාකර බලන්න; නුඹලාවම සෝදිසිකර බලන්න. නොහොත්, නුඹලා එපා කරනලද තැනැත්තෝ නොවෙත් නම්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නුඹලා තුළෙහි වසන බව නුඹලාම නොදනිවුද?
මක්නිසාද නුඹලාගෙන් ක්‍රිස්තුස්වහන්සේ තුළට බව්තීස්මකරනු ලැබූ සියල්ලෝ ක්‍රිස්තුස්වහන්සේ පැළඳගත්තෝය.
කාමමිථ්‍යාචාරික තැනැත්තියෙනි, ලෝකය සමඟ මිත්‍රකම දෙවියන්වහන්සේට සතුරුකම බව නුඹලා දන්නේ නැද්ද? එබැවින් කවරෙක් නුමුත් ලෝකයට මිත්‍රවෙන්ට කැමැත්තේ නම්, ඔහු දෙවියන්වහන්සේට සතුරෙක් වන්නේය.
ඊට සමානව තිබෙන බව්තීස්මයේ වතුරෙන් එනම් මාංසයේ කිලිටුකම පහකිරීමෙන් නොව, යහපත් හෘදයසාක්ෂියකින් දෙවියන්වහන්සේ සෙවීමෙන් දැන් නුඹලාත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මළවුන්ගෙන් නැගිටීම කරණකොටගෙන ගැළවෙන්නහුය.