රූත් 4:3 - Sinhala Revised Old Version ඔහු ඒ ළඟ නෑයාට කථාකොට: මෝවබ් රටින් හැරී ඇවිත් සිටින නායොමි අපගේ සහෝදරවූ එලීමෙලෙක්ට තිබුණු බිම් කොටස විකුණන්නීය. Sinhala New Revised Version ඉක්බිති ඔහු කිට්ටු ම නෑයාට කතා කොට මෙසේ කී ය: “දැන් නයෝමි මෝවබ් දේශයෙන් ආපසු පැමිණ සිටින බැවින් අපේ නෑයා වූ එලිමෙලෙක්ට අයිති ව තිබුණ කුඹුර විකිණීමට අදහස් කර ඇත. Sinhala New Revised Version 2018 ඉක්බිති ඔහු කිට්ටු ම නෑයාට කතා කොට මෙසේ කී ය: “දැන් නයෝමි මෝවබ් දේශයෙන් ආපසු පැමිණ සිටින බැවින් අපේ නෑයා වූ එලිමෙලෙක්ට අයිති ව තිබුණ කුඹුර විකිණීමට අදහස් කර ඇත. |
බලව, නුඹේ පියාගේ සහෝදරයාවූ ෂල්ලුම්ගේ පුත්‍රයා වන හනමෙල් නුඹ ළඟට ඇවිත්: අනාතෝත්හි තිබෙන මාගේ කෙත මිලේටගන්න. මක්නිසාද ඒක මිලේටගන්නා පිණිස මිදීමේ බලය තිබෙන්නේ නුඹටය කියා කියන්නේයයි කීවේය.
නුඹේ සහෝදරයෙක් දුප්පත්ව තමාගේ උරුමයෙන් කොටසක් විකුණන්නේනම් ඔහුගේ කිට්ටු නෑයා ඇවිත් තම සහෝදරයා විසින් විකුණනලද ඉඩම මුදාගත යුතුය.
ඒ මනුෂ්‍යයාගේ නම එලීමෙලෙක්ය, ඔහුගේ භාර්යාවගේ නම නායොමිය, පුත්‍රයන් දෙදෙනාගේ නම් මාලොන් සහ කිලියොන්ය, ඔව්හු යුදයේ බෙත්-ලෙහෙමේ එප්‍රාත්වරුය. ඔව්හු මෝවබ් රටට පැමිණ එහි සිටියෝය.