Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 25:25 - Sinhala Revised Old Version

25 නුඹේ සහෝදරයෙක් දුප්පත්ව තමාගේ උරුමයෙන් කොටසක් විකුණන්නේනම් ඔහුගේ කිට්ටු නෑයා ඇවිත් තම සහෝදරයා විසින් විකුණනලද ඉඩම මුදාගත යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 යමෙකු දිළිඳු තත්ත්වයට පත් ව, ඔහුගේ ඉඩකඩම් විකුණන්නට ඔහුට සිදු වී නම්, ඔහුගේ කිට්ටු ම නෑයෙකු ඉදිරියට අවුත්, ඒ තැනැත්තා විකුණූ ඉඩකඩම් ඔහුට මිල දී ආපසු ගත හැකි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

25 යමෙකු දිළිඳු තත්ත්වයට පත් ව, ඔහුගේ ඉඩකඩම් විකුණන්නට ඔහුට සිදු වී නම්, ඔහුගේ කිට්ටු ම නෑයෙකු ඉදිරියට අවුත්, ඒ තැනැත්තා විකුණූ ඉඩකඩම් ඔහුට මිල දී ආපසු ගත හැකි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 25:25
14 හුවමාරු යොමු  

එවිට නායොමි ඇගේ යෙහෙළීට කථාකොට: ඔහු ජීවතුන්ටත් මළවුන්ටත් ඇති තමාගේ කරුණාව අත්නොහැරියේය, ඔහුට ස්වාමීන්වහන්සේගෙන් ආශීර්වාද ලැබේවයි කීවාය. තවද නායොමි: ඒ මනුෂ්‍යයා අපට ළඟ නෑයෙක්ය, අපේ ළඟම නෑයෙක්යයි ඈට කීවාය.


ඉතින් මා නුඹට ළඟ නෑයෙක් බව සැබෑය. නුමුත් මට වඩා ළඟ නෑයෙක් ඇත්තේය.


ඈද: මම ඔබගේ මෙහෙකාරීවූ රූත්ය; එබැවින් ඔබගේ වස්ත්‍රය ඔබගේ මෙහෙකාරී පිට අතුරනු මැනවි; මක්නිසාද ඔබ ළඟ නෑයෙකැයි කීවාය.


ඔව්හු අලුත් ගීතිකාවක් ගායනාකරමින්: ඔබ පොත ගන්ටත් එහි මුද්‍රා කඩන්ටත් වටින තැනන්වහන්සේය. මක්නිසාද ඔබ මරනු ලැබ, සියලු ගෝත්‍රවලින්ද භාෂාවන්ගෙන්ද සෙනඟගෙන්ද ජාතීන්ගෙන්ද මිනිසුන් ඔබගේ ලෙයින් දෙවියන්වහන්සේට මිලේට ගෙන,


මක්නිසාද අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාව, එනම්, උන්වහන්සේ ධනවන්තව සිටිය නුමුත්, තමන්වහන්සේගේ දිළිඳුකම කරණකොටගෙන නුඹලා ධනවන්ත වන පිණිස, නුඹලා උදෙසා දිළිඳුවූ බව නුඹලා දන්නහුය.


ඉතින් නුඹ සමග සිටිය යෞවනියන්ගේ ස්වාමියාවූ බෝවස් අපේ නෑයෙක් නොවේද? ඔහු අද රෑ පාවරේ යව පොළන්නේය.


නුඹලාට උරුමවෙන මුළු දේශයෙහි බිම් මුදාගන්ට නුඹලා ඉඩඇරිය යුතුය.


එසේ යමෙකුට මිදුම්කාරයෙක් නැති නුමුත් ඔහු පොහොසත්ව එය මුදාගැනීමට සෑහෙන පමණ වත්කම ලබාගත්තොත්,


ඔහු ඒ ළඟ නෑයාට කථාකොට: මෝවබ් රටින් හැරී ඇවිත් සිටින නායොමි අපගේ සහෝදරවූ එලීමෙලෙක්ට තිබුණු බිම් කොටස විකුණන්නීය.


නුඹ වෙත සිටින විදේශීවූ ආගන්තුකවූ කෙනෙක් පොහොසත්වෙන්ටත් ඔහු වෙත සිටින නුඹේ සහෝදරයෙක් දිළිඳුව නුඹ වෙත සිටින විදේශීවූ ආගන්තුකවූ අයට හෝ විදේශියාගේ පවුලේ කෙනෙකුට හෝ විකුණනු ලබන්ටත් යෙදුණොත්,


යමෙක් තමාගේ උරුම බිමක් නොවන්නාවූ තමා මිලේටගත් කෙතක් ස්වාමීන්වහන්සේට කැපකරන්නේනම්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්