ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




රූත් 2:1 - Sinhala Revised Old Version

නායොමිගේ පුරුෂයා වන එලීමෙලෙක්ගේ පෙළපතට අයිතිවූ, මහත් වස්තුකාරයෙක්වූ බෝවස් නම් නෑයෙක් ඈට සිටියේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

නයෝමිට බෝවස් නමින් ධනවත් නෑයෙක් සිටියේ ය. ඔහු ඇගේ පුරුෂයා ව සිටි එලිමෙලෙක්ගේ පෙළපතට අයත් කෙනෙකි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

නයෝමිට බෝවස් නමින් ධනවත් නෑයෙක් සිටියේ ය. ඔහු ඇගේ පුරුෂයා ව සිටි එලිමෙලෙක්ගේ පෙළපතට අයත් කෙනෙකි.

පරිච්ඡේදය බලන්න



රූත් 2:1
13 හුවමාරු යොමු  

මෙනහෙම් තෙමේ අෂූර්හි රජුට දෙන පිණිස එක් එක්කෙනාගෙන් රිදී ෂෙකෙල් පනහක් බැගින් ඉශ්‍රායෙල්හි සියලු පොහොසත් බලවතුන්ගෙන් අයකෙළේය. එවිට අෂූර්හි රජ දේශයේ නොනැවතී හැරීගියේය.


ඔහුගේ සම්පත් නම් බැටළුවන් සත් දහසකුත් ඔටුවන් තුන් දහසකුත් ගොන් බාන් පන්සියයකුත් කොටළුදෙනුන් පන්සියයකුත් වැඩකාරයන් ඉතා මහත් ගණනකුත්ය; මෙසේ ඒ මනුෂ්‍යයා නැගෙනහිර දිශාවේ සියලු මනුෂ්‍යයන්ට වඩා ශ්‍රේෂ්ඨව සිටියේය.


මාගේ සම්පත වැඩි නිසාත් මාගේ අත හුඟක් සම්බකරගත් නිසාත් ප්‍රීතිවීම් නම්,


සල්මොන්ට දාව රාහබ්ගෙන් බෝවාස් උපන්නේය; බෝවාස්ට දාව රූත්ගෙන් ඕබෙද් උපන්නේය; ඕබෙද්ට දාව යෙස්සේ උපන්නේය;


ඔහු යෙස්සේගේ පුත්‍රයාය, ඔහු ඕබෙද්ගේ පුත්‍රයාය, ඔහු බෝවාශ්ගේ පුත්‍රයාය, ඔහු සල්මොන්ගේ පුත්‍රයාය, ඔහු නාෂොන්ගේ පුත්‍රයාය,


ඒ මනුෂ්‍යයාගේ නම එලීමෙලෙක්ය, ඔහුගේ භාර්යාවගේ නම නායොමිය, පුත්‍රයන් දෙදෙනාගේ නම් මාලොන් සහ කිලියොන්ය, ඔව්හු යුදයේ බෙත්-ලෙහෙමේ එප්‍රාත්වරුය. ඔව්හු මෝවබ් රටට පැමිණ එහි සිටියෝය.


මෝවබිය රූත් නායොමිට කථාකොට: මම කෙතට ගොස් මට කරුණාව පෙන්වන කෙනෙකු පස්සේ යමින් කරල් ඇහිඳගන එන්නෙමියි කීවාය. ඈද: මාගේ දියණියෙනි, යන්නැයි කීවාය.


ඉතින් මා නුඹට ළඟ නෑයෙක් බව සැබෑය. නුමුත් මට වඩා ළඟ නෑයෙක් ඇත්තේය.


ඉතින් නුඹ සමග සිටිය යෞවනියන්ගේ ස්වාමියාවූ බෝවස් අපේ නෑයෙක් නොවේද? ඔහු අද රෑ පාවරේ යව පොළන්නේය.


සල්මොන් බෝවස් ඉපදවිය, බෝවස් ඕබෙද් ඉපදවිය;