Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 3:32 - Sinhala Revised Old Version

32 ඔහු යෙස්සේගේ පුත්‍රයාය, ඔහු ඕබෙද්ගේ පුත්‍රයාය, ඔහු බෝවාශ්ගේ පුත්‍රයාය, ඔහු සල්මොන්ගේ පුත්‍රයාය, ඔහු නාෂොන්ගේ පුත්‍රයාය,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

32 ඔහු ජෙස්සේගේ පුත්‍රයා ය, ඔහු ඕබෙද්ගේ පුත්‍රයා ය, ඔහු බෝවස්ගේ පුත්‍රයා ය, ඔහු සල්මොන්ගේ පුත්‍රයා ය, ඔහු නාෂොන්ගේ පුත්‍රයා ය,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

32 ඔහු යෙස්සේගේ පුත්‍රයා ය, ඔහු ඕබෙද්ගේ පුත්‍රයා ය, ඔහු බෝවස්ගේ පුත්‍රයා ය, ඔහු සල්මොන්ගේ පුත්‍රයා ය, ඔහු නාෂොන්ගේ පුත්‍රයා ය,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

32 ඔහු ජෙස්සේගේ පුත්‍රයා ය, ඔහු ඕබෙද්ගේ පුත්‍රයා ය, ඔහු බෝවස්ගේ පුත්‍රයා ය, ඔහු සල්මොන්ගේ පුත්‍රයා ය, ඔහු නාෂොන්ගේ පුත්‍රයා ය,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 3:32
16 හුවමාරු යොමු  

යෙස්සේගේ පුත්‍රවූ දාවිත්ගේ යාච්ඤා නිමි.


සියලු ඉශ්‍රායෙල්වරු රජ තමුන්ට ඇහුම්කන් නුදුන් බව දුටු කල, සෙනඟ රජුට උත්තරදෙමින්: දාවිත්ගෙන් අපට ඇති කොටස කිමෙක්ද? යෙස්සේගේ පුත්‍රයාගෙන් අපට උරුමයක් නැත. ඉශ්‍රායෙල්වරුනි, නුඹලාගේ කූඩාරම්වලට යන්න. ඉතින් දාවිත්, නුඹ නුඹේම වංශය බලාගන්නැයි කීවෝය. මෙසේ ඉශ්‍රායෙල්වරු තමුන්ගේ කූඩාරම්වලට ගියෝය.


මක්නිසාද යෙස්සේගේ පුත්‍රයා භූමිය මතුපිට ජීවත්ව සිටින තුරුම නුඹවත් නුඹේ රජකමවත් ස්ථිරවෙන්නේ නැත. එබැවින් දැන් මිනිසුන් යවා ඔහු මා ළඟට ගෙන්වන්න, සැබවින් ඔහු මරනු ලබන්නේයයි කීය.


පළමුවෙනි දවසේදී තමාගේ පඬුර ඔප්පුකළේ යූදා ගෝත්‍රයේ අම්මිනාදාබ්ගේ පුත්‍රවූ නාෂොන්ය.


යූදා ගෝත්‍රයෙන් අම්මිනාදාබ්ගේ පුත්‍රවූ නාෂොන්ය.


තරුණය, නුඹ කාගේ පුත්‍රයාදැයි සාවුල් ඔහුගෙන් ඇසීය. මම ඔබගේ මෙහෙකරුවූ බෙත්-ලෙහෙමිය යෙස්සේගේ පුත්‍රයෙක්මියි දාවිත් උත්තරදුන්නේය.


නැගෙන ඉර පැත්තෙහි කූඩාරම් ගසා ගන්නෝනම් තමුන්ගේ සේනා ප්‍රකාරයට යූදාගේ අන්දායමේ ධජයට අයිති අයය. යූදා පුත්‍රයන්ගේ අධිපතියා අම්මිනාදාබ්ගේ පුත්‍රවූ නාෂොන් වන්නේය.


ශාන්ති පූජා යාගය පිණිස ගොන් දෙන්නෙක්ද බැටළුවන් පස් දෙනෙක්ද එළුවන් පස් දෙනෙක්ද එක් අවුරුදු බැටළු පැටවුන් පස් දෙනෙක්ද යන මේය. අම්මිනාදාබ්ගේ පුත්‍රවූ නාෂොන්ගේ පඬුර මේය.


ආබ්‍රහම්ගේ පුත්‍රයා වන දාවිත්ගේ පුත්‍රවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පරම්පරාවේ පොතය.


ඔහු මෙලෙයාගේ පුත්‍රයාය, ඔහු මෙන්නාගේ පුත්‍රයාය, ඔහු මත්තතාගේ පුත්‍රයාය, ඔහු නාතන්ගේ පුත්‍රයාය, ඔහු දාවිත්ගේ පුත්‍රයාය,


ඔහු අමිනාදබ්ගේ පුත්‍රයාය, ඔහු අර්නීගේ පුත්‍රයාය, ඔහු හෙශ්‍රොන්ගේ පුත්‍රයාය, ඔහු පෙරෙශ්ගේ පුත්‍රයාය, ඔහු යූදාගේ පුත්‍රයාය,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්