Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




රූත් 2:2 - Sinhala Revised Old Version

2 මෝවබිය රූත් නායොමිට කථාකොට: මම කෙතට ගොස් මට කරුණාව පෙන්වන කෙනෙකු පස්සේ යමින් කරල් ඇහිඳගන එන්නෙමියි කීවාය. ඈද: මාගේ දියණියෙනි, යන්නැයි කීවාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 මෝවබ් ජාතික රූත් නයෝමිට කතා කොට, “අස්වැන්න එකතු කරන අයගෙන් මඟ හැරෙන කරල් එකතු කරගැනීමට ඉඩ දෙන මිනිසෙකු පසුපස යන්නට මට අවසර දෙන්නැ”යි කීවා ය. නයෝමි උත්තර දෙමින්, “හොඳයි, යන්න දුව” කියා ඇයට අවසර දුන්නා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 මෝවබ් ජාතික රූත් නයෝමිට කතා කොට, “අස්වැන්න එකතු කරන අයගෙන් මඟ හැරෙන කරල් එකතු කරගැනීමට ඉඩ දෙන මිනිසෙකු පසුපස යන්නට මට අවසර දෙන්නැ”යි කීවා ය. නයෝමි උත්තර දෙමින්, “හොඳයි, යන්න දුව” කියා ඇයට අවසර දුන්නා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




රූත් 2:2
9 හුවමාරු යොමු  

නුඹලාගේ දේශයේ ගොයම් කපන කල නුඹේ කෙතේ මුලුවලින් සහමුලින් කපා නොගන්න, වැටී තිබෙන කරල් එකතුකර නොගන්න. ඒවා දිළිඳුන්ට හා විදේශීන්ට අරින්න. මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේයයි කීසේක.


නුඹලාගේ දේශයේ ගොයම් කපන කල නුඹේ කෙතේ මුලු තීන්දුවට කපා නොගන්න, කපන විට වැටෙන කරල් එකතුකර නොගන්න.


මෑ: ගොයම් කපන්නන් පස්සේ ගොයම් මිටි අතරේ කරල් ඇහිඳ එකතුකරන්ට මට අවසර ලැබේවයි කියා ඇවිත් ගෙයි ටිකක් ප්‍රමාදවුණා මිසක් උදය පටන් මේ වන තුරු කරල් ඇහිඳිමින් සිටින්නීයයි කීවේය.


නුඹේ සෙනඟ අතරෙහි කේලාම් කියමින් ඔබමොබ නොයන්න. නුඹේ අසල්වාසියාගේ ප්‍රාණයට විරුද්ධව නොනැගිටින්න. මම ස්වාමීන්වහන්සේය.


නුඹේ මිදිවත්තේ දෙවරක් වලු කපානොගන්න, නුඹේ මිදිවත්තේ වැටී තිබෙන ඵල එකතු නොකරන්න. දිළින්දාට විදේශියාටද ඒවා අත්හරින්න. මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.


ඈ ගොස් කෙතට පැමිණ ගොයම් කපන්නන් පස්සේ කරල් ඇහින්දාය. වාසනාවට මෙන් ඈ එලීමෙලෙක්ගේ පෙළපතට අයිති බෝවස්ගේ කෙත් කොටසට පැමින්නාය.


පණිවිඩකාරයෝ යාකොබ් වෙතට හැරී අවුත්: අපි ඔබගේ සහෝදරවූ ඒසව් වෙත ගියෙමුව, තවද ඔහු මිනිසුන් හාරසියයක් සමඟ ඔබ සම්බවෙන පිණිස එන්නේයයි කීවෝය.


ඈද: ඔබගේ මෙහෙකාරීට ඔබ ඉදිරියෙහි කරුණාව ලැබේවයි කීවාය. එවිට ඒ ස්ත්‍රී පිටත්ව ගොස් කෑම කෑවාය, ඇගේ මුහුණද තවත් මලානිකව නොතිබුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්