ඉත්තයි රජුට උත්තර දෙමින්: ස්වාමීන්වහන්සේ ජීවමාන බවද රජු ජීවත්වන බවද සැබෑවා සේම, මාගේ ස්වාමිවූ රජ්ජුරුවන් සිටින්නේ යම් තැනෙක්හිද එතැන්හිම මැරෙන්ට හෝ ජීවත්වෙන්ට හෝ ඔබගේ මෙහෙකරුවා සිටින්නේයයි කීවේය.
රූත් 1:16 - Sinhala Revised Old Version රූත් කියන්නී: නුඹ අත්හැර හැරීයන ලෙස මට පෙරැත්තනොකරන්න. මක්නිසාද නුඹ යන තැනට මමත් යමි, නුඹ නවතින තැන මමත් නවතිමි. නුඹේ සෙනඟ මාගේ සෙනඟ වන්නේය, නුඹේ දෙවියන්වහන්සේ මාගේ දෙවියන්වහන්සේ වනසේක. Sinhala New Revised Version එහෙත්, රූත් උත්තර දෙමින් මෙසේ කීවා ය: “මට ඔබ අත්හැර යන්නට වත්, ඔබ සමඟ නොඑන්නට වත් පෙරැත්ත නොකරන්න. ඔබ යන ඕනෑ ම තැනකට මමත් යමි. ඔබ ජීවත් වන ඕනෑ ම තැනක මමත් ජීවත් වෙමි. ඔබේ සෙනඟ මාගේ සෙනඟ ය. ඔබේ දෙවියෝ මාගේ දෙවියෝ ය. Sinhala New Revised Version 2018 එහෙත්, රූත් උත්තර දෙමින් මෙසේ කීවා ය: “මට ඔබ අත්හැර යන්නට වත්, ඔබ සමඟ නොඑන්නට වත් පෙරැත්ත නොකරන්න. ඔබ යන ඕනෑ ම තැනකට මමත් යමි. ඔබ ජීවත් වන ඕනෑ ම තැනක මමත් ජීවත් වෙමි. ඔබේ සෙනඟ මාගේ සෙනඟ ය. ඔබේ දෙවියෝ මාගේ දෙවියෝ ය. |
ඉත්තයි රජුට උත්තර දෙමින්: ස්වාමීන්වහන්සේ ජීවමාන බවද රජු ජීවත්වන බවද සැබෑවා සේම, මාගේ ස්වාමිවූ රජ්ජුරුවන් සිටින්නේ යම් තැනෙක්හිද එතැන්හිම මැරෙන්ට හෝ ජීවත්වෙන්ට හෝ ඔබගේ මෙහෙකරුවා සිටින්නේයයි කීවේය.
දියණියෙනි, අසව, කල්පනාකරව, කන් යොමුකරව; නුඹේම සෙනඟත් නුඹේ පියාණන්ගේ ගෙදරත් සිහිනැතිකරව;
මක්නිසාද ස්වාමීන්වහන්සේ යාකොබ්ට අනුකම්පාකොට, ඉශ්‍රායෙල් නැවත තෝරාගෙන, ඔවුන්ගේම දේශයෙහි ඔවුන් පිහිටුවනසේක. විදේශියෝ ඔවුන්ට එකතුව යාකොබ්ගේ වංශයට බැඳෙන්නෝය.
රජ දානියෙල්ට කථාකොට: සැබවින්ම නුඹලාගේ දෙවියන්වහන්සේ දෙවිවරුන්ගේ දෙවියන්වහන්සේය, රජවරුන්ගේ ස්වාමීන්වහන්සේය, රහස් එළිදරව්කරන තැනන්වහන්සේය, මක්නිසාද මේ රහස එළිදරව්කරන්ට නුඹට පුළුවන්වීයයි කීවේය.
එබැවින් ෂද්‍රක්ගේද මේෂක්ගේද අබේද්-නෙගෝගේද දෙවියන්වහන්සේට විරුද්ධව දෝෂ කියන සියලු සෙනඟද ජාතීන්ද භාෂාවන්ද කැබෙලිකොට, ඔවුන්ගේ ගෙවල් කසළගොඩක් කරන හැටියට නියමයක් කරමි. මක්නිසාද මේ ආකාරයෙන් ගළවාගන්ට පුළුවන්වූ වෙන දෙවිකෙනෙක් නැතැයි කීවේය.
දැන් නෙබුකද්නෙශර් වන මම ස්වර්ගයේ රජ්ජුරුවන්වහන්සේට වර්ණනාද ප්‍රශංසාද ගෞරවද කරමි; මක්නිසාද උන්වහන්සේගේ සියලුම ක්‍රියාවල් සැබෑය, උන්වහන්සේගේ මාර්ගද ධර්මිෂ්ඨය. උඩඟුකමින් හැසිරෙන්නන් පහත්කරන්ට උන්වහන්සේට පුළුවන යනුය.
නුමුත් මම මිසර දේශයේ පටන් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේව සිටිමි; මා ඇර අන්‍ය දෙවි කෙනෙකු ඇඳින නොගන්න, මා ඇර වෙන ගැළවුම්කාරයෙක් නැත.
ඒ දවස්වලදී සියලු භාෂා ඇති ජාතීන්ගෙන් මනුෂ්‍යයන් දසදෙනෙක්, වස්ත්‍ර කොන අල්ලාගෙන, එසේය, යුදෙව් ජාතියේ මනුෂ්‍යයෙකුගේ වස්ත්‍ර කොන අල්ලාගෙන–අපි නුඹලා සමග යන්නෙමුව, මක්නිසාද දෙවියන්වහන්සේ නුඹලා සමග සිටින බව අප විසින් අසා තිබේයයි කියනවා ඇතැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීය.
එවිට ලියන්නෙක් ඇවිත්: ආචාරීන්වහන්ස, ඔබ යන කොතැනට නුමුත් ඔබ අනුව එන්නෙමියි උන්වහන්සේට කීවේය.
පේතෘස් උන්වහන්සේට කථාකොට: ස්වාමීනි, දැන්ම ඔබ අනුව මට එන්ට බැරි මක්නිසාද? ඔබ නිසා මාගේ ජීවිතය දෙමියි කීවේය.
එවිට පාවුල් උත්තරදෙමින්: නුඹලා කුමක් කරනවාද? අඬා මාගේ හිත පළන්නේ මක්නිසාද? මම යෙරුසලමේදී ස්වාමිවූ යේසුස්වහන්සේගේ නාමය නිසා බඳිනු ලබන්ට පමණක් නොව මැරෙන්ටත් සූදානම්ව සිටිමියි කීවේය.
එසේ නුඹලා වෙතට අපේ පැමිණීම කොයි ආකාරව තිබුණේද කියාත් නුඹලා ජීවමානවූ සැබෑවූ දෙවියන්වහන්සේට මෙහෙකරන පිණිසද, උන්වහන්සේ විසින් මළවුන්ගෙන් නැගුටුවනලද්දාවූ,
ස්වාමීන්වහන්සේ සියලු මනුෂ්‍ය වර්ගයන්ද දේශයෙහි විසූ අමෝරිවරුන්ද අප ඉදිරියෙන් එළවාදැමූසේක. එබැවින් අපිත් ස්වාමීන්වහන්සේට සේවයකරන්නෙමුව; මක්නිසාද උන්වහන්සේ අපේ දෙවියන්වහන්සේයයි කීවෝය.
ස්ත්‍රීන්ගෙන් කිලුටු නුවූවෝ මොව්හුය; මක්නිසාද මොව්හු බ්‍රහ්මචාරීහුය. බැටළුපැටවාණන් යන යන තැනට උන්වහන්සේ අනුවයන්නෝ මොව්හුය. මොව්හු දෙවියන්වහන්සේටත් බැටළුපැටවාණන්ටත් නාඹුල් ඵල වන පිණිස මනුෂ්‍යයන් අතරෙන් මිලේටගන්නාලද්දෝය.
ඈ කථාකොට: බලව, නුඹේ නෑනා ඇගේ සෙනඟද දෙවියන්ද වෙතට හැරී ගියාය. නුඹේ නෑනා පස්සේ හැරී යන්නැයි කීවාය.
නුඹ නසින තැන මමත් නැසී, එතැනම තැන්පත්කරනු ලබන්නෙමි. මරණය මිස වෙන කිසිවක් නුඹත් මාත් වෙන්කළොත්, ස්වාමීන්වහන්සේ එසේද ඊට වැඩියෙන්ද මට කරනසේක්වයි කීවාය.
ගොයම් කපන්නන්ගේ ප්‍රධානියාවූ මෙහෙකරුවා උත්තර දෙමින්: මෑ නායොමි සමග මෝවබ් රටෙන් හැරී ආවාවූ මෝවබිය යෞවනීය.
ඔහු වනාහි නුඹේ ජීවිතය ප්‍රාණවත් කරන්නෙක්ද නුඹේ මහලු වයසේදී නුඹ පෝෂ්‍යකරන්නෙක්ද වන්නේය. මක්නිසාද නුඹට ආදරය ඇත්තාවූද පුත්‍රයන් සත්දෙනෙකුට වඩා නුඹට යහපත් වූද නුඹේ යෙහෙළිය ඔහු බිහිකළායයි කීවෝය.