Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 13:37 - Sinhala Revised Old Version

37 පේතෘස් උන්වහන්සේට කථාකොට: ස්වාමීනි, දැන්ම ඔබ අනුව මට එන්ට බැරි මක්නිසාද? ඔබ නිසා මාගේ ජීවිතය දෙමියි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

37 පේදුරු උන් වහන්සේ අමතා: “ස්වාමීනි, දැන් ම ඔබ අනුව එන්න මට බැරි මන් ද? ඔබ නිසා මාගේ දිවි පුදමි”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

37 පේතෘස් උන්වහන්සේ යළි අමතමින්, “ස්වාමිනි, දැන්ම ඔබ අනුව එන්නට මට බැරි ඇයි? ඔබ උදෙසා මා ජීවිතය වුවත් දෙනවා” යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

37 පේදුරු උන් වහන්සේ අමතා: “ස්වාමීනි, දැන් ම ඔබ අනුව එන්න මට බැරි මන් ද? ඔබ නිසා මාගේ දිවි පුදමි”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 13:37
7 හුවමාරු යොමු  

එවිට පාවුල් උත්තරදෙමින්: නුඹලා කුමක් කරනවාද? අඬා මාගේ හිත පළන්නේ මක්නිසාද? මම යෙරුසලමේදී ස්වාමිවූ යේසුස්වහන්සේගේ නාමය නිසා බඳිනු ලබන්ට පමණක් නොව මැරෙන්ටත් සූදානම්ව සිටිමියි කීවේය.


නුමුත් මාගේ දිවීමද දෙවියන්වහන්සේගේ කරුණාවේ ශුභාරංචියට සාක්ෂිදෙන පිණිස ස්වාමිවූ යේසුස්වහන්සේගෙන් මට ලැබුණු මෙහෙයද සම්පූර්ණකිරීම පමණ මාගේ ජීවිතය වැදගත්ය නොහොත් මටම අගේය කියා මම කිසිසේත් නොසලකමි.


මෙසේ ඔවුන් කෑ පසු යේසුස්වහන්සේ සීමොන් පේතෘස්ට කථාකොට: යොහන්ගේ පුත්‍රවූ සීමොන්, මොවුන්ට වඩා නුඹ මට ප්‍රේමකරනවාදැයි ඇසූසේක. ඔහු: එසේය, ස්වාමිනි, මා ඔබට ආදරේ ඇති බව ඔබ දන්නාසේකැයි උන්වහන්සේට කීවේය. උන්වහන්සේ: මාගේ බැටළුපැටවුන් පෝෂණයකරන්නැයි ඔහුට කීසේක.


අපට පුළුවනැයි ඔව්හු උන්වහන්සේට කීවෝය. යේසුස්වහන්සේද: මා බොන කුසලානෙන් නුඹලා බොන්නහුය; මා ලබන බව්තීස්මයෙන් බව්තීස්මකරනු ලබන්නහුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්