ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යොෂුවා 9:25 - Sinhala Revised Old Version

ඉතින් අපි ඔබ අතේය; ඔබට යහපත්ව හරිව පෙනෙන ලෙස අපට කළ මැනවියි කීවෝය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

අහෝ! අපි දැන් ඔබ අතේ ය: ඔබට හරි යයි ද සාධාරණ යයි ද දැනෙන හැටියට අපට කළ මැනවැ”යි කී හ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

අහෝ! අපි දැන් ඔබ අතේ ය: ඔබට හරි යයි ද සාධාරණ යයි ද දැනෙන හැටියට අපට කළ මැනවැ”යි කී හ.

පරිච්ඡේදය බලන්න



යොෂුවා 9:25
12 හුවමාරු යොමු  

ආබ්‍රම්ද: බලව, නුඹේ දාසිය නුඹ යටතේය; නුඹට යහපත්ව පෙනෙන ලෙස ඈට කරන්නැයි සාරයිට කීය. සාරායි ඈට හිරිහැරකළාය, ඈ සාරයි ඉදිරියෙන් පලාගියාය.


නුමුත්–මම නුඹ කෙරෙහි ප්‍රසන්න නොවෙමියි උන්වහන්සේ කියනසේක් නම්, මම මෙහිය, උන්වහන්සේට යහපත්ව පෙනෙන ලෙස මට කරනසේක්වයි කීවේය.


දාවිත්ද: මම මහත් අමාරුවකට පැමිණ සිටිමි. ඉතින් ස්වාමීන්වහන්සේගේ අතට භාරවන්නෙමු; මක්නිසාද උන්වහන්සේගේ අනුකම්පාව මහත්ය. මනුෂ්‍යයින්ගේ අතට අසුනොවෙම්වායි ගාද්ට කීවේය.


එවිට ගෙයි ප්‍රධානියාද නුවර ප්‍රධානියාද වැඩිමහල්ලෝද රාජ කුමාරයන් ඇතිදැඩිකළ අයද යේහු වෙතට පණිවිඩයක් යවමින්: අපි ඔබගේ මෙහෙකරුවෝය, ඔබ අපට අණකරන සියල්ල කරන්නෙමුව; කිසිවෙකු රජකර නොගන්නෙමුව. ඔබට යහපත්ව පෙනෙන හැටියට කළමැනවැයි කීවෝය.


මම මාගේ සෙනඟ කෙරෙහි උදහස්වී, මාගේ උරුමය කෙලහා, ඔවුන් නුඹ අතට දුනිමි. නුඹ ඔවුන්ට අනුකම්පාවක් නොපෙන්වා, මහල්ලන් පිට නුඹේ වියගහ ඉතා බර කෙළෙහිය.


මම නම් නුඹලාගේ අතෙහිය. නුඹලාගේ ඇස් හමුවෙහි හොඳව හරිව පෙනෙන හැටියට මට කරන්න.


ශෙදෙකියා රජද: මෙන්න, ඔහු නුඹලාගේ අතෙහිය. නුඹලාට විරුද්ධව කිසිවක් කරන්ට රජුට බැරියයි කීවේය.


එසේය, පියාණෙනි, මක්නිසාද එය ඔබගේ ඇස් හමුවෙහි ප්‍රසන්නදායක විය.


ඔහු ඔවුන්ට එලෙසම කොට, ඉශ්‍රායෙල් පුත්‍රයන් විසින් ඔවුන් මරානොදමන ලෙස ඔවුන් අතින් ගළවාගත්තේය.


ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේට කථාකොට: අපි පව්කෙළෙමුව. ඔබවහන්සේට යහපත්ව පෙනෙන දෙයක් අපට කළමැනව; එහෙත් මේ වතාවේ අප ගැළවුවමැනවයි කීවෝය.


ඔහු සුක්කොත්හි මනුෂ්‍යයන් ළඟට ඇවිත් ඔවුන්ට කථාකොට: නුඹේ වෙහෙසවූ මිනිසුන්ට අප විසින් කෑම දෙන්ට සෙබාද ශල්මුන්නාද දැන් නුඹ අතට අසුවී සිටිනවාද කියා නුඹලා විසින් යමෙකු ගැන මට සරදම්කර කීවාද ඒ සෙබාද ශල්මුන්නාද මෙන්න බලන්නැයි කීය.


සාමුවෙල් කිසිවක් නොසඟවා ඒ සියල්ලම ඔහුට කීවේය. එවිට ඔහු: උන්වහන්සේ ස්වාමීන්වහන්සේය; උන්වහන්සේට යහපත්ව පෙනෙන හැටියට කරනසේක්වයි කීවේය.