Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 10:5 - Sinhala Revised Old Version

5 එවිට ගෙයි ප්‍රධානියාද නුවර ප්‍රධානියාද වැඩිමහල්ලෝද රාජ කුමාරයන් ඇතිදැඩිකළ අයද යේහු වෙතට පණිවිඩයක් යවමින්: අපි ඔබගේ මෙහෙකරුවෝය, ඔබ අපට අණකරන සියල්ල කරන්නෙමුව; කිසිවෙකු රජකර නොගන්නෙමුව. ඔබට යහපත්ව පෙනෙන හැටියට කළමැනවැයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 එවිට මාලිගාවේ ප්‍රධානියා ද නගරාධිපතියා ද ප්‍රජා මූලිකයෝ ද රාජ කුමාරයන් ඇතිදැඩි කළ අය ද ජේහු වෙත පණිවුඩයක් යවමින්, “අපි ඔබේ මෙහෙකරුවෝ ය, ඔබ අපට අණ කරන සියල්ල කරන්නෙමු‍; කිසිවෙකු රජ කර නොගන්නෙමු‍. ඔබට යහපත් ව පෙනෙන හැටියට කළ මැනවැ”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 එවිට මාලිගාවේ ප්‍රධානියා ද නගරාධිපතියා ද ප්‍රජා මූලිකයෝ ද රාජ කුමාරයන් ඇතිදැඩි කළ අය ද ජේහු වෙත පණිවුඩයක් යවමින්, “අපි ඔබේ මෙහෙකරුවෝ ය, ඔබ අපට අණ කරන සියල්ල කරන්නෙමු‍; කිසිවෙකු රජ කර නොගන්නෙමු‍. ඔබට යහපත් ව පෙනෙන හැටියට කළ මැනවැ”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 10:5
11 හුවමාරු යොමු  

එසේ ඔව්හු තමුන්ගේ කටිවල ගෝණි රෙදි බැඳගෙන, හිස් පිට ලනු දමාගෙන, ඉශ්‍රායෙල් රජු ළඟට ඇවිත්: ඔබගේ මෙහෙකරුවූ බෙන්-හදද්–මාගේ ප්‍රාණය ආරක්ෂාකළ මැනවියි කියන්නේයයි කීවෝය. ආහබ් කථාකොට: ඔහු තවම ජීවත්ව සිටීද? ඔහු මාගේ සහෝදරයායයි කීවේය.


ඉශ්‍රායෙල් රජද: මාගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි, ඔබගේ කීම ප්‍රකාරයට මමත් මට ඇති සියල්ලත් ඔබගේයයි උත්තරදුන්නේය.


එබැවින් අපේ වැඩිහිටි මහල්ලෝද අපේ රට වැසි සියල්ලෝද අපට කථාකොට: නුඹලාගේ ගමනට ආහාර රැගෙන ඔවුන් සම්මුඛවෙන්ට ගොස්–අපි නුඹවහන්සේලාගේ දාසයෝය කියාද අප සමඟ ගිවිසුමක් කළ මැනවියි කියාද ඔවුන්ට කියන්නැයි අපට කීවෝය.


එවිට යූදාහි රජවූ හෙසකියා: මම වරද කෙළෙමි; මා වෙතින් හැරී ගියමැනවි. ඔබ මා පිට තබන දෙයක් දරන්නෙමියි කියා ලාකීෂ්හි සිටි අසිරියාවේ රජුට කියා ඇරියේය. අසිරියාවේ රජද රිදී තලෙන්ත තිහක්ද දෙන්ට යූදාහි රජවූ හෙසකියාට නියමකෙළේය.


ඔව්හු: අපි නුඹවහන්සේගේ දාසයෝයයි යෝෂුවාට කීවෝය. යෝෂුවාද: නුඹලා කවුරුද? කොතැනින් ආවහුදැයි ඔවුන්ගෙන් ඇසුවේය.


යමෙක් මට සේවයකෙරේ නම් ඔහු මා අනුව ඒවා; මම යම් තැනක සිටිම්ද එතැන මාගේ සේවකයාද සිටින්නේය. යමෙක් මට සේවයකෙරේ නම් ඔහුට මාගේ පියාණෝ ගෞරවකරනසේක.


ඔවුන්ට ඇහුම්කන් නොදෙන්න. බබිලෝනියේ රජුට සේවයකොට ජීවත්වෙන්න. මේ නුවර පාළුවක් වන්නේ කුමටද?


මේ සියලු සෙනඟ කුසේ දැරුවේ මමද? ඇතිකරන පියෙක් කිරි බොන දරුවා උසුලාගෙන යන්නාක්මෙන් ඔවුන්ගේ පියවරුන්ට ඔබ දිවුළ දේශයට ඔවුන් නුඹේ ළයේ උසුලාගෙන යන්නැයි ඔබ මට කියන්ට ඔවුන් ඉපදෙවූවේ මමද?


එවිට ඔහු දෙවෙනි වර ඔවුන්ට ලියුමක් ලියා: නුඹලා මාගේ පක්ෂයට සිට මාගේ හඬට ඇහුම්කන් දෙනවා නම්, නුඹලාගේ ස්වාමියාගේ පුත්‍රවූ මනුෂ්‍යයන්ගේ හිස් රැගෙන හෙට මේ වේලාවට මා ළඟට යෙස්‍රෙයෙල්ට එන්නැයි කියා හැරියේය. රජුගේ පුත්‍රයන් හැත්තෑදෙනා වනාහි ඔවුන් ඇතිදැඩිකළ නුවර මුලාදෑනීන් වෙත සිටියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්