ඔහු ඒ ස්ථානයෙන් ගොස් බෙතෙල්ට නැගෙනහිරින් පිහිටි කන්දට පැමිණ බස්නාහිරින් බෙතෙල්ද නැගෙනහිරින් ආයිද ඇතුව තමාගේ කූඩාරම පිහිටුවාගත්තේය. තවද ඔහු එතැන්හි ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනගා ස්වාමීන්වහන්සේගේ නාමය කියා යාච්ඤාකෙළේය.
යොෂුවා 8:9 - Sinhala Revised Old Version මෙසේ යෝෂුවා විසින් යවන ලදුව ඔව්හු ගොස් හායිට බස්නාහිරින් බෙතෙල්ටත් හායිටත් අතරේ සැඟවී සිටියෝය. නුමුත් යෝෂුවා ඒ රාත්‍රියෙහි සෙනඟ අතරේ නැවතී සිටියේය. Sinhala New Revised Version මෙසේ ජෝෂුවා ඔවුන් යැව්වේ ය; ඔව්හු ගොස් ආයි නගරයට බස්නාහිරෙන් බෙතෙල්ටත් ආයිටත් අතර සැඟවී සිටියෝ ය. ජෝෂුවා සෙනඟ සමඟ ඒ රාත්‍රිය ගත කෙළේ ය. Sinhala New Revised Version 2018 මෙසේ ජෝෂුවා ඔවුන් යැව්වේ ය; ඔව්හු ගොස් ආයි නගරයට බස්නාහිරෙන් බෙතෙල්ටත් ආයිටත් අතර සැඟවී සිටියෝ ය. ජෝෂුවා සෙනඟ සමඟ ඒ රාත්‍රිය ගත කෙළේ ය. |
ඔහු ඒ ස්ථානයෙන් ගොස් බෙතෙල්ට නැගෙනහිරින් පිහිටි කන්දට පැමිණ බස්නාහිරින් බෙතෙල්ද නැගෙනහිරින් ආයිද ඇතුව තමාගේ කූඩාරම පිහිටුවාගත්තේය. තවද ඔහු එතැන්හි ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනගා ස්වාමීන්වහන්සේගේ නාමය කියා යාච්ඤාකෙළේය.
තවද යෝෂුවා යෙරිකෝවේ සිට බෙතෙල්ට නැගෙනහිරින් බෙතාවන් ළඟවූ හායිට යෙරිකෝවේ සිට මනුෂ්‍යයන් යවමින්: නුඹලා නැගී ගොස් දේශය සෝදිසිකරගන එන්නැයි ඔවුන්ට කීවේය. ඒ මනුෂ්‍යයෝ නැගී ගොස් හායි සෝදිසිකරගන,
යෝෂුවා අලුයම නැගිට සෙනඟ රැස්කොට ගණන්කොට ඉශ්‍රායෙල් වැඩිමහල්ලන් සමඟ සෙනඟට පෙරටුව හායිට ගියේය.
ඔහු පන්දහසක් පමණ මනුෂ්‍යයන් රැගෙන ඔවුන් හායිට බස්නාහිරින් බෙතෙල්ටත් හායිටත් අතරේ රහසේ සිටෙවුවේය.
නුඹලා නුවර අල්ලාගත්තාම ඒක ගිනිලන්න; ස්වාමීන්වහන්සේගේ වචනය ලෙස කරන්න. මා නුඹලාට අණකළ බව බලාගන්නැයි කීවේය.