Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 7:2 - Sinhala Revised Old Version

2 තවද යෝෂුවා යෙරිකෝවේ සිට බෙතෙල්ට නැගෙනහිරින් බෙතාවන් ළඟවූ හායිට යෙරිකෝවේ සිට මනුෂ්‍යයන් යවමින්: නුඹලා නැගී ගොස් දේශය සෝදිසිකරගන එන්නැයි ඔවුන්ට කීවේය. ඒ මනුෂ්‍යයෝ නැගී ගොස් හායි සෝදිසිකරගන,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 ජෝෂුවා ජෙරිකෝවේ සිට බෙතෙල්ට නැගෙනහිරින් බෙතාවන්ට ආසන්න වූ ආයි නගරයට මිනිසුන් යවමින්, “ඔබ පිටත් ව ගොස් දේශය සෝදිසි කරගෙන එන්නැ”යි ඔවුන්ට කීවේ ය. ඒ මිනිස්සු පිටත් ව ගොස් ආයි නගරය ගැන ඔත්තු බැලුවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 ජෝෂුවා ජෙරිකෝවේ සිට බෙතෙල්ට නැගෙනහිරින් බෙතාවන්ට ආසන්න වූ ආයි නගරයට මිනිසුන් යවමින්, “ඔබ පිටත් ව ගොස් දේශය සෝදිසි කරගෙන එන්නැ”යි ඔවුන්ට කීවේ ය. ඒ මිනිස්සු පිටත් ව ගොස් ආයි නගරය ගැන ඔත්තු බැලුවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 7:2
18 හුවමාරු යොමු  

උතුරු පැත්තෙහි ඔවුන්ගේ සීමාව යොර්දානේ සිට ගොස්, යෙරිකෝවට උතුරු පැත්තෙන් නැගී, කඳු රටෙහි බස්නාහිරට ගොස්, බෙත්-ආවන්හි කාන්තාරය ළඟ කෙළවරවුණේය.


එම්බා ඉශ්‍රායෙල්, නුඹ වේශ්‍යාකම්කරන නුමුත් යූදා වරද නොකෙරේවා. ගිල්ගල්ට නොපැමිණෙන්න, බෙතාවෙන්ට නොයන්න, ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම කියා නොදිවුරන්න.


මෙසේ ස්වාමීන්වහන්සේ ඒ දවසේදී ඉශ්‍රායෙල්වරුන් ගැළවූසේක. යුද්ධයද බෙත්-ආවන් ඉක්මවා පැවතුණේය.


පිලිස්තිවරු ඉශ්‍රායෙල් සමඟ යුද්ධකරන පිණිස රථ තිස්දාහක්ද අසරුවන් හයදහසක්ද ගණනින් මුහුදු වෙරෙළ් වැලිමෙන් වූ සෙනඟක්ද ඇතුව රැස්වී ඇවිත් බෙතාවෙන්ට නැගෙනහිරෙන් මික්මාෂ්හි කඳවුරු බැඳගත්තෝය.


වෘකයන් මැදට බැටළුවන් මෙන් මම නුඹලා යවමි. එහෙයින් සර්පයන් මෙන් නුවණ ඇතිව, පරෙවියන් මෙන් අහිංසකව සිටින්න.


මක්නිසාද ඥානවන්ත ගුරුකම් පිට නුඹ නුඹේ යුද්ධය කළ යුතුය; මන්ත්‍රීවරුන් රාශියක් ඇති කල්හි ආරක්ෂාව තිබේ.


සියලු අදහස් මන්ත්‍රණයෙන් ස්ථිරවේ; ඥානවන්ත ගුරුකම් පිට යුද්ධකරන්න


ඔහු ඒ ස්ථානයෙන් ගොස් බෙතෙල්ට නැගෙනහිරින් පිහිටි කන්දට පැමිණ බස්නාහිරින් බෙතෙල්ද නැගෙනහිරින් ආයිද ඇතුව තමාගේ කූඩාරම පිහිටුවාගත්තේය. තවද ඔහු එතැන්හි ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනගා ස්වාමීන්වහන්සේගේ නාමය කියා යාච්ඤාකෙළේය.


ඒ නිසා නුඹලා ඥානය නැත්තන් මෙන් නොව ඥානවන්තයන් මෙන් ප්‍රවේසමෙන් හැසිරෙන්ට බලාගෙන,


බෙන්යමින්ගේ පුත්‍රයෝත් ගෙබා සිට මික්මාෂ්හිද අයියාහිද බෙතෙල්හිද ඒවායේ ගම්වලද;


යෙරිකෝවේ රජ එක්කෙනෙක්ය; බෙතෙල් අසල හායිහි රජ එක්කෙනෙක්ය;


නූන්ගේ පුත්‍රවූ යෝෂුවා ෂිට්ටීම්හි සිට මනුෂ්‍යයන් දෙදෙනෙක් ඔත්තුකාරයන් කොට රහසින් පිටත්කර: නුඹලා ගොස් දේශයද යෙරිකෝවද බලා එන්නැයි කීවේය. ඔව්හු ගොස් රාහාබ් නම් වේශ්‍යා ස්ත්‍රියෙකුගේ ගෙට ඇතුල්ව එහි නැවතී සිටියෝය.


ඒ ස්ථානයට බෙතෙල්යයි නම් තැබීය. එහෙත් පළමුවෙන් ඒ නුවර නම ලූස්ය.


යෝෂුවා වෙතට හැරී ඇවිත් ඔහුට කථාකොට: මුළු සෙනඟ යන්ට ඕනෑ නැත; දෙතුන් දහසක් පමණ මනුෂ්‍යයෝ ගොස් හායිට පහරදෙත්වා; එහි සිටින අය ස්වල්ප නිසා මුළු සෙනඟ එහි යැවීමෙන් වෙහෙස කරවන්ට ඕනෑ නැතැයි කීවෝය.


එසේ ඇරියේ බෙතෙල්හිද දකුණු රාමොත්හිද යත්තීර්හිද;


අහෝ හෙෂ්බොන්, කෑමොරගසන්න, මක්නිසාද හායි නටබුන්විය; එම්බා රබ්බාහි ගම්, කෑගසා, ගෝණි රෙදි හැඳගන, විලාප කියා තාප්ප අතරේ එහා මෙහා දුවන්න; මක්නිසාද මල්කාම්ද ඔහුගේ පූජකයෝද අධිපතීහුද එක්ව වාල්කමට යන්නෝය.


ඔහු එකෙක් බෙතෙල්හි සිටවා අනිකා දාන්හි තැබීය.


ඔහු අයාතට පැමිණ මිග්‍රෝන මැදින් ගියේය; මික්මාෂ්හි ඔහු තමාගේ බඩු තබන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්